මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

July 5, 2021 at 3:00 pm | lanka C news
මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ නින්දිත සියවස

“දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද සිදුවී ඇති බවත්, ඒවා නැවත සිදුවනු ඇති බවත් නිරන්තරයෙන් මෙනෙහි කරන්න. අතීත ඉතිහාසයෙන් රඟ දක්වන සමස්ත නාට්‍ය හා එක සමාන දර්ශන සියල්ල සමාන වන අතර වෙනස් වන්නේ එහි නළුවන් පමණකි.” – මාකස් ඕරෙලියස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සමරු කාසියක් නිකුත් කිරීමේ පෙර නොවූ විරූ පියවරක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති බව ජුනි 27 සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කරන ලදී. මෙම සිද්ධිය සිදු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපගේ ස්වෛරීභාවය උල්ලංඝනය කළ හැකි වගන්ති කිහිපයක් ඉවත් කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නට උත්සහ කල ඉදිරි වසරවලදී අපේ රටවල ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල කල හැකි කොළඹ පෝට් සිටි කෙටුම්පතෙහි උණුසුම යන්නටත් මත්තෙනි.

එපමණක් නොව නොබෝ දිනක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විකාශන ආයතනයක් වන හා ඇතැම් විට සත්‍ය ලෙස රටේ ස්වාධීන එකම නාලිකාව වන සිරස නාලිකාව (මා ද පසුගිය දශක තුන තුළ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සේවය කළ විවිධ කාල පරිච්ඡේදයන් තුළ එහි විවේචන වලට ලක් විය) විසින් කල හෙළිදරව්වක් මගින් පාලක පවුලේ ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකුගේ අනුග්‍රහය යටතේ චීන හමුදා නිල ඇඳුමින් සැරසුණු චීන පුද්ගලයින් දකුණේ පළාතේ (තරුණ විරැකියාව ඉහළම මට්ටමක පවතින) ඓතිහාසික වටිනාකමක් ඇති වැවක් හෑරීමේ කටයුතු වල යෙදෙන ආකාරය අපි දුටුවෙමු.

මෙම සිද්ධි දකින පුද්ගයකුට සිතට නැගෙන කාරනා දෙකකි. එනම් අද රාජ්‍යතන්ත්‍රය තුල ඉතා ලිහිල් ලෙස භාවිතා වන ව්‍යාතිරේක ප්‍රදේශගතකරණය මිත්‍ර රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමක් ලෙස සැලකිල්ලට ගම්ද නැතහොත් මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතුද යන්නයි.

අනාගත ඉතිහාසඥයින් මෙම කරුණ ශ්‍රී ලංකාවේ නින්දිත සියවස’ හි ආරම්භය ලෙස හඳුන්වනු ඇත්ද?

චීනය ලෝකයේ ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම පුරාණ රටවලින් එකකි. එය රටකට වඩා ශිෂ්ටාචාරයකි. සහස්‍ර ගණනාවක් පුරා පාලනය කළ “ආකාශ රාජවංශිකයින්”
අති මහත් රාජ්‍යයක් පාලනය කිරීම සඳහා මෙලොවට එවන ලද ස්වර්ගීය නියෝජිතයන් බව අවංකවම විශ්වාස කළහ. හොන්ගුඕ රාජධානිය විසින් ම්ලේච්ඡ වූ ලෝකයක් ශිෂ්ටසම්පන්න කළහ. අධිරාජ්‍යයා මනුෂ්‍ය වර්ගයාගේ උත්තරීතර පරමාධිපතියා ලෙස සලකන ලදී. ඔහු බොහෝ විට “මනුෂ්‍යත්වයේ අධිරාජ්‍යයා” ලෙස හඳුන්වනු ලැබූ අතර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් “ආකාශ උසාවියේ ස්වර්ගික දූතයන්” ලෙස එකල හැඳින්විණි. ඔවුන් හොන්ගුඕ විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකූ අතර, එම නිසා බාහිර ලෝකයේ ‘ම්ලේච්ඡයන්’ සමඟ සියලු අන්තර්ක්‍රියා සීමිත විය.

ම්ලේච්ඡයන් ලෙස සලකන ලද අයවලුන්ගේ භාෂා විශේෂ අවසරයකින් තොරව ඉගෙනීම / පරිවර්තනය කිරීම තහනම් කරන ලද අතර, රාජධානිය තුළට ඇතුළුවීම සහ සංචාරය කිරීම ද තහනම් කරන ලදී. ගුවැන්ෂු වරාය (කැන්ටන්) පමණක් විදේශිකයින්ට ඔවුන්ගේ වෙළඳාම සඳහා විවෘතව තිබුණි. වික්ටෝරියා රැජිනගේ තානාපතිවරයාට පවා අධිරාජ්‍යයා හමු වීමට ඉඩක් ලැබෙන තුරු සති ගණනාවක් වරාය අවට රැඳී සිටීමට සිදු විය. පසුව රාජකීය මණ්ඩපයේ දී ඉංග්‍රීසි රාජ්‍ය තාන්ත්‍රිකයා අධිරාජ්‍යයා ඉදිරියේ ‘කව්ටෝ’ (ඔහු ඉදිරියේ වැඳ වැටීම සහ නළල තුන් වරක් බිම ස්පර්ශ කිරීම) කිරීමට එකඟ වීමේ පදනම මත බීජිං අධිරාජ්‍යයා බැහැදැකීමට අවස්තාව ලබා දීමට තීරණය විය.

17 වන ශතවර්ෂයේ අධිරාජ්‍යවාදයේ දියුණුවත් සමඟ බටහිර බලවතුන් වෙළඳාම / වාණිජමය අරමුණු සඳහා මෙම අතිවිශාල රාජධානියට පිවිසීමට නැවත නැවතත් උත්සාහ කළ නමුත් චීනය එම හිරු නොබසින අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කිරීමට බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතකරණය කළ නොහැකි වූ ආසියානු රටවල් කිහිපයෙන් එකක් විය.

නැගෙනහිර ඉන්දියානු සමාගම 1600 දී ආරම්භ කරන ලද්දේ ඉන්දියානු සාගරයේ සහ චීනයේ වෙළඳ හා වාණිජ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. 1800 වන විට එකී සමාගම ලෝක වෙළඳාමෙන් අඩකට වඩා ඔවුන්ගේ දායකත්වයෙන් සිදු වූ අතර ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සහ ඉන්දියානු යටත්විජිත රාජ්‍ය සඳහා අඩිතාලම එලන ලදී. 1757 දී නැගෙනහිර ඉන්දියානු සමාගම් පාලනය විසින් ඉන්දියාවේ විශාල ප්‍රදේශවල මිලිටරි බලය ක්‍රියාත්මක කරමින් සහ බ්‍රිතාන්‍ය ඔටුන්න ඉන්දියාවේ සෘජු පාලනය භාර ගන්නා තෙක් 1858 දක්වා ප්‍රාදේශීය පරිපාලන කටයුතු ද ඔවුන් විසින් සිදු කරන ලදී. ඔවුන් විසින් බ්‍රිතාන්‍ය ඔට්ටුන්නේ අග්‍රමානික්‍ය වූ ඉන්දියාවේ අබිං වගා කර අධිරාජ්‍යයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඒවා ‘ස්වදේශිකයන්ට’ විකුණනු ලැබීය. 1839 දී අබිං යුද්ධය චීනයට එරෙහිව ආරම්භ වූයේ කින්ග් රාජවංශය විසින් සිය විශාල වෙළඳපොල බ්‍රිතාන්‍ය අබිං වෙළෙඳුන්ට විවෘත කිරීම සඳහා දැඩි ප්‍රතිරෝධයක් දැක්වීම හමුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් චීනයේ ප්‍රධාන වරාය අවහිර කිරීමට නියෝග කළ අතර සාමය සඳහා චීන ජාතිකයන් යෝජනා කිරීමට පෙර පුරාණ අගනුවර වන නැන්ජින් නගරයට පහර දීමට සූදානම් විය.

1842 දී නැන්ජින් ගිවිසුම මගින් චීනයට හොංකොං බ්‍රිතාන්‍යය වෙත පැවරීම, වන්දි වශයෙන් ඩොලර් මිලියන 6ක් ගෙවීම සහ වෙළඳාමට ඉඩ සැලසෙන ලෙස වරායන් පහක් විවෘත කිරීම සහ බටහිරයන්ට පදිංචියට අවසර දීම සිදු කරන ලදී. චීනය විධිමත් ලෙස යටත් විජිතකරණයට ලක් නොවූවත්, නැන්ජින් ගිවිසුම මගින් යතාර්ථයෙන් එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කළ අතර කින්ග් රාජ්‍ය සභාවට ඔවුන්ගේ වාණිජ හා විදේශ ප්‍රතිපත්ති වල ස්වාධීනත්වයේ වැඩි කොටසක් අහිමි විය.

මෙම ගිවිසුමේ දක්වා ඇති ව්‍යාතිරේක ප්‍රදේශගතකරණ මූලධර්මය මගින් වූයේ චීන ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය වීමකි. එමෙන්ම ගිවිසුම් වරායන්හි වෙසෙන අබිං වෙළෙඳුන් යටත් වුයේ ඔවුන්ගේ රටවල නීතිවලට මිස චීන නීති වලට නොවේ.

අද චීනයේ “නින්දාවේ සියවස” ලෙස හැඳින්වෙන සමාජ සිද්ධිදාමය එතනින් ආරම්භ විය.

අවුරුදු දෙසීයකට ආසන්න කාලයකට පසු, 21 වන සියවසේ මුල් කාර්තුව අවසන් වෙමින් පවතින අතර, චීනය දැන් මිලිටරි සුපිරි බලවතෙකු වීමේ අභිලාෂය සහිතව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් බවට පත්වීමට සූදානම්ව සිටී. පෙර ශතවර්ෂ වල නැගෙනහිර ඉන්දියා සමාගම මෙන්, චීනයේ ආයෝජන, වෙළඳ හා වාණිජ අංශය දැන් එක් තීරයක් හා එක් මාවතක් මුල පිරීම වෙයි. එක් තීරයක් හා එක් මාවතක් වැඩපිළිවෙල 2013 දී ආරම්භ කර 2017 දී චීනයේ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එක් තීරයක් හා එක් මාවතකට අනුව, මෙම පියවර “කලාපීය සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ දීප්තිමත් අනාගතයක් වැලඳ ගැනීමේ උත්සාහයකි.” ඇත්ත වශයෙන්ම නැගෙනහිර ඉන්දියා සමාගම ද ලෝකයේ වැඩි කොටසක් යටත් විජිතයක් බවට පත් කළේ ‘ම්ලේච්ඡයන්’ ශිෂ්ටාචාරගත කිරීමේ සමාන ‘උතුම් පරමාර්ථයකින්’ සහ ස්වදේශිකයින්ට ‘දීප්තිමත් අනාගතයක්’ පොරොන්දු වෙමිනි.

එක් තීරයක් හා එක් මාවතක් යනු අලුත් තෑගි කඩදාසිවලින් ඔතා ඇති පැරණි සංකල්පය නොවේද?

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ කොළඹ වරාය නගර පනත, ඉදිරි වසරවලදී ශ්‍රී ලාංකිකයන් සඳහා මෑත කාලින ට්‍රෝජන් අශ්වයෙකු හෝ නැන්ජින් ගිවිසුමක් බවට පත්විය හැකිය. කිසිදු පරීක්ෂාවක් නොමැති, පාර්ලිමේන්තු අධීක්ෂණය නොමැති වරාය නගරය ඔවුන්ටම විශේෂිත වූ නීතියක් ඇති නගරයක් නිර්මාණය වනු ඇත; එය දේශීය හා ජාත්‍යන්තර මාෆියාව සඳහා ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය සඳහා මධ්‍යස්ථානයක් වනු ඇත. තවද ඉන්දියානු සාගරයේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම / යටත් කර ගැනීම සඳහා සුපිරි බලවතුන් සඳහා ජාත්‍යන්තර ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් බවට මෙම ව්‍යාතිරේක ප්‍රදේශගතකරණය වූ දේපළ කොටස පත්වීමේ සම්භාවිතාව හුදු මන:කල්පිතයක් ලෙස බැහැර නොකළ යුතුය.

ශ්‍රී ලංකාවට ඍජු විදේශීය ආයෝජන අත්‍යවශ්‍ය වේ. එබැවින් මේ ගොඩ කරන ලද ඉඩම තුල ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් තිබීම ඉතා හොඳ අදහසකි. නමුත් එය ජාත්‍යන්තර නීතිය සහ සහභාගීත්වය මත පදනම් වූවක් මිස හුදෙක් තනි රටක හෝ දෙකක අවශ්‍යතාවයන්ට සේවය කිරීම සදහා නොවිය යුතුය. ඇත්ත වශයෙන්ම එවැනි ව්‍යාපාරයක් සඳහා පළමු යෝජනාව පැමිණියේ 2000 දී අපේම ශ්‍රී ලාංකික සමාගමකිනි. කෙසේ වෙතත් එවැනි යෝජනා අපගේ ස්වෛරීභාවයට බලපෑමක් එල්ල කරමින් පැමිණිය යුතු නොවේ; එය අපගේ වෙළඳාමෙන් 60% ක් සපයන අපගේ මිතුරන් නැති කර ගැනීමෙන් සිදු විය නොහැක. කිලෝමීටර් 20 ක් පමණක් දුරින් පිහිටි අපගේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හීන කිරීමෙන් එය කළ නොහැකිය. ශ්‍රී ලංකාවට තෙල්, දියමන්ති, රන් හෝ තඹ ආකර නොමැත. නමුත් ලෝකයේ ඉතා කාර්යබහුලම නැව් මාර්ගවලින් එකක් ඇති සුන්දර දූපතක් සහ ඊට අනුකූල භූගෝලීය පිහිටීමක් අපට ලැබී ඇත.

එබැවින් අපගේ ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ධනය හා සමෘද්ධිය ඇති කිරීම සඳහා අපගේ රටේ පිහිටීම උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියානු සාගරය සාමයේ සහ ස්ථාවරත්වයේ කලාපයක් ලෙස පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සියලු රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීම අපට වඩාත් සුභවාදී වේ. සුපිරි බලවතුන් අතර සිදුවන මහා බල අරගලයක දී එක් කණ්ඩායමක හෝ වෙනත් කණ්ඩායමක ඉත්තෙකු වීමට ශ්‍රී ලංකාවට නොහැකිය. උදාහරණයක් ලෙස 1960 දශකයේ මුල් භාගයේ කියුබාව දෘෂ්ටිවාදාත්මක නොවන මූල්‍යමය කාරණා නිසා කියුබානු රජයට ඇමරිකා එක්සත් ජනපදයෙන් කිලෝමීටර් 65 ක් දුරින් න්‍යෂ්ටික මිසයිල සවි කිරීමට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අවසර දීමට සිදු විය. මෙය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා යාමට ඉඩ තිබිණි.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගැටුම්කාරී හා හුදෙකලා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට නොහැක. විශේෂයෙන්ම මෙවැනි වසංගත තත්ත්වයන් හා ජාත්‍යන්තර වෙළඳාම ඇත යුගයක බහුපාර්ශ්වීයත්වය ඉදිරි මාවතයි. ස්වෛරීභාවය පිළිබඳ වෙස්ට්ෆේලියානු සංකල්පය තවදුරටත් වලංගු නොවන අතර අපගේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වන අපගේ ජාත්‍යන්තර බැඳීම් හා වගකීම්වලට අප අවනත විය යුතුය.

නිදහසින් පසු සෑම රජයක්ම පාහේ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව ආපසු යා යුතුය. ජාත්‍යන්තර අනුපිළිවෙලෙහි අපගේ සාපේක්ෂ “වැදගත්කම” සුළු වුවත් , ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව අතර බොහෝ ආදරණීය හා ගෞරවනීය සාමාජිකයෙකි. වොෂිංටන් සිට බෙයිජිං දක්වා, නවදිල්ලියේ සිට ක්‍රෙම්ලිනය දක්වා, ඩව්නිං වීදියේ සිට ටෝකියෝ දක්වා, බ්‍රසල්ස් සිට ගානා රාජ්‍ය දක්වා අපගේ නායකයින් ඉතා විවෘතව හා ආදරයෙන් පිළිගනු ලැබීය.

නමුත් අද එය එසේ නැත.

අද, නිද්‍රාචාරින් ප්‍රපාතයට ඇවිදගෙන යන ලෙස, එක් එක් නින්දා වලට මුහුණ දෙමින් අප අපේ පුතුන් හා දියණියන් නොසිතූ විරූ බියකරු අනාගතයක් කරා තල්ලු කරමින් සිටිමු.

නවතින්න, සිතන්න, සලකා බලන්න.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය, විවිධත්වය තුලින් එකමුතුවීම, බහුපාර්ශ්වීයත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අපට ඉදිරියේදී ඇති එකම මාවතයි.

2021.07.04

38,330 views

29 Comments to “මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර”

  1. බන්ඩා says:

    මොංගලයා හතර ගාතෙ දාලා වඳින බිරිතානි අධිරාජ්‍යවාදයේ ⁣නරැම කෙරැවාව දැනගන්න The opium war by Xie Jin බලන්න

    • Kiribanda says:

      Apart from all excellant presentation thanks Mr. Mangala

      • මොංගල් අවමංගල says:

        පේන විදියට අවමංගල පොන්සිරි සමරවීර නමැති මල විකාර කෝලම් හත්වලාමට පිස්සු වැටිල තියෙන්නෙ. ගියපාර මාතර ජනතාව මූට අමු තිත්ත කුණුහරුප වලින් අමතලා මියගිය මව්තුමිය ද නින්දාවට ලක් කරගෙන කුජීත වී කිච වී ගියා නේද? ඇත්ත වශයෙන්ම මූට පිස්සු. මූ ළඟදි ම වලකජ්ජ ගහයි කියලා පේනවා.

  2. dev says:

    නින්දිතම වසර කීපය 2015 -2019 තමයි

  3. MD says:

    අවමංගල පරදේශක්කාරයා ජිනීවාහිදි තමා උපන් මව්බිමට කල සියවසේ නින්දිත පාවාදීම අපට කවදාවත් අමතක නොවෙයි.

  4. අඩේ ගල නම් ගල මම මංගල මාතර කොල්ලා says:

    මේ මේ මොකාටද මෙයා දැන් එන්න හදන්නේ. පෙන්ෂන් ගත්තා නම් අර විස්කි මැඩම් එක්ක පොඩි ෂොට් එකක් දාලා ආතල් එකේ අපිට පව් නොදී ඉන්න එකයි ඇත්තේ. මතකනේ මිල සුට්ටරේ..

    • Alapaluwa says:

      දැන් ෂැපද?

    • ANALYSTS says:

      If Arabic merchants ( from Arabic countries and India) could come and settle here ( after marrying Sinhala women) from 7th century and also if Portuguese,Dutch people could settle here from 6th century ( by their invasions), why cannot we allow some people of our friendly nation to come and help in some of our development works? We should not also forget the fact that China is the country where highest number of Buddhists in the world (more than18 per cent of its population which amounts to more than 230 millions)live and having a much closer culture to us.

      • Janaka from Matara says:

        ..The problem of Heladiva right now is not the Arabs, Europeans, Indians, or the Chinese.
        The country is being held hostage by a single-family. Our governance systems are capitulating one by one.

    • පින්සිරි රිළාවීර says:

      බට කොළ ආච්චි මල විකාර කෝලම් බේබදු බහුබූත මගුල එක්කම මේ අවමංගල සමරවීර මුත්තා කියන රට හත්තලාමත් එකටම වල පල්ලට යනවා නම් ෂෝක් නේද මචන්?

  5. කුඹුක්කණ් says:

    That means war……

    අම්මගෙ රෙද්ද , ගොං අවමංගලයා, පැරදුනානම් ගෙදෙට්ට වෙලා හිටු
    දෙරුවන් වැඳගෙන

    • සමරිසි පොන්වීර says:

      ඕකා වලකජ්ජ ගහයි ළඟදී මේ එතකම් රඟන හංස ගීතය… සොරි සමනලුන් ගේ වන්දනා වගේ සීන් එකක්, ඇත්තටම මූට මොංගල්

  6. කැපුවත් පොහොට්ටුවට says:

    බැසිල් මහත්තය පාර්ලිමන්ට් ඇවිත් ආර්තිකේ හදනව කිව්ව්ම මොංගලයා කලබල වෙලා. ඉදිරි වසර දෙක ආර්තික වර්දන වේගය අනුව මේ ආන්ඩුව තව වසර 20කටවත් හොල්ලන්න බෑ මොන්ගලයෝ.

  7. p.d gonawardena says:

    තෝත් ඒකට අයිති පර බල්ලෙක් නේද​???තෝ නිකන් 1800 ට අයිති වගේ ඉන්නේ..තෝ කරපුවට තච සියවසක් කුනු පනුවෝ ගහලා විදවලා මැරිය පරයා….

  8. සමනලයා says:

    කව්ද අනේ ඔයාට මේක ලියලා දීපු සමනල කොල්ලා … ඌට උම්මා එකක් දෙන්න හිතෙනවා ..

  9. sana says:

    sama lingika magul karanna ,nithi genna hadapu nindhitha paharaya hatiyata uba eke mulma kotas karayek bawa lokema sannawa.

  10. Aruna says:

    That was when you co-sponsored the US proposals against us in WHRC.

Main News