21-28 රටම වසයි… අගහරුවාදා පමණක් පැය 19ක් විවෘතයි…

May 17, 2021 at 5:55 pm | lanka C news
21-28 රටම වසයි… අගහරුවාදා පමණක් පැය 19ක් විවෘතයි…

එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 21 සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4 තෙක් දැඩි සීමා පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

යලිත් එදිනම එනම් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මකයි.

අත්‍යවශ්‍ය සේවාවන් නොවන කිසිදු පුද්ගලයෙකුට එම කාලසීමාව තුළ නිවසෙන් පිටවීම තහනම් වනු ඇත.

 

109,610 views

21 Comments to “21-28 රටම වසයි… අගහරුවාදා පමණක් පැය 19ක් විවෘතයි…”

  1. ටයිහකවෙලා තියන්නේ says:

    ඉස්සර කොරෝනා එකෙක් දෙන්නෙක් ලාහෙට ගෙම්බො වගේ අහුවෙන කාලේ, ලොස් නැතුව ප්‍රසිද්ධියේ මාස ගණන් එක දිගට රට වහපු කොරෝනා කාර්ය සාධක බලකාය, අන්තිමට කිච වෙලා පීචන් වෙලා දැන් දෙකේ කොලේට වැටිලා. දැන් රට වහන්නෙ කොලේ වහලා හැංගි හැංගි ටික ටික. මිනිස්සු දැන් ඉස්සර වගේ පාරට එන්න අකමැතියි. ඒ තරම්ම මිනිසුන්ට රටේ පරිපාලනය ගැන විශ්වාසයි. කොරෝනා හැදිලා මලත් දැන් ඉතින් කියන්න කෙනෙක් නැහැ. නො කෝරන්ටයින්. නො ඇම්බියුලන්ස්. ඕන වෙලාවක ෆෝන් එක ගන්නේ මල් ශාලාවේ මුදලාලි විතරයි.

  2. Kamal says:

    ගෙදර හිටියත් පඩිය හම්බවෙන අය තමයි FB එකේ උනත් රට වහන්න කතාකරන්නෙ. එදා වේල කන අමාරුවෙන් නගිටින්න හදන මිනිස්සුන්ට ඕන සාමාන්‍ය ජීවිතයක්. ආයෙ ජන්දෙ දෙන්නෙ නහ කවදාවත් රට වහනවනම් මේ විදිහට. කොහොමද පොඩි මිනිස්සු ජීවත් වෙන්නෙ. රට අරින්න කරුණාකර ල ජනාධිපතිතුමනි. අපි ජන්දෙ දුන්නෙ ඔබට අපිව හිර කරන්නෙ නෙමෙයි.

    • advicer says:

      බඩජහරියෝ.තොට සමෘද්ධි ආධාර හදලා දෙන්නම්.නොමැරී ගෙදරට වෙලා හිටු.බඩට කන්නත් නොමැරී ඉන්න එපෑය යකෝ.කන්න නැතිව මැරෙන්නේ නෑ මේ රටේ බල්ලෙක් වත්.අහිංසක මිනිස්සු වෙනුවෙන් කියලා එෆ් බී එකේ මත සදන ගොඩක් එවුන් මල පෙරේත බිස්නස් කාරයෝ.උන්ගේ සැබෑ උවමනාව බිස්නස් නොනවත්වා කරගෙන යාම මිසක් දුප්පතුන්ගේ බඩගින්න නෙවේ

  3. Nimal says:

    Meka wikarayak ekadigata wahanne nathiwa lede wapuranta arala wahanawa

Main News