මේක එජාප ආණ්ඩුවක් තමයි.. වහාම එජාප තීරණය ක්‍රියාත්මක කරනු.. නැත්නම් කරන දෙය කියන්නම්.. එජාපය ලේකම් කබීර් හසීම් ජනපතිට කියයි..
August 24, 2017 at 9:20 am | lanka C news
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට එජාපයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ තීරණය ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා එජාපයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බවත් ඒ අනුව ජනාධිපතිවරයා ක්‍රියාත්මක විය යුතු බවට විශ්වාසය පල කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හසීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.
එහිදි මාධ්‍යවේදියෙක් විමසුවේ ඒ අනුව ජනාධිපති ක්‍රියා නොකොලොත් කුමක්ද කරන්නේ යන්න ය? එහිදි අමාත්‍යවරයා පැවසුවේ එහෙම වුනොත් ඒ වෙලාවට කරන දේ කියන්නම් යනනයි. එමෙන්ම මාධ්යවෙදීයා විමසුවේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනාවක් තියෙනවා ඒ ගැන අදහස කුමක්ද යන්නය.
එවිට එජාපයේ මහ ලේකම් පැවසුවේ ‘එහෙනම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දෙවියන්ගේ පිහිටයි’ යන්නය. මෙහිදී මාධ්‍යවේදියා විමසුවේ එසේ වුවහොත් එජාප තනි ආණ්ඩුවක් හදනවා ද යන්නය? එවිට එජාපයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හසීම් මහතා පෑවසුවේ ‘මේක කොහොමත් UNP ආණ්ඩුවක් තමයි’ යන්නය.
පසුව අදහස් දක්වමින් පැවසුවේ විජයදාස රාජපක්ෂ තම අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපීම, 1956 න් පසුව ශ්‍රිලනිප සභාපතිත්වය දරන රාජ්‍ය නායකයා හෝ ජනාධිපති ලෙස සිටින අවධියේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ තීරණයක් ක්‍රියාත්මක කල එකම විධායක ජනාධිපතිවරයා සහ රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතිහාසයට එක් වන බවයි.
තමන්ගේ තැන හා බලය තියාගන්න මිනිස්සු මොනවද නොකරන්නේ ? එවුන්ට තමන්ගේ අම්ම තාත්තවත් පෙනෙන්නේ නැහැ. මොනවා කලත් හැමදාම තමන් ලඟ තියාගන්න බැරි දෙයකට මෙවුන්ගේ තියෙන තන්හාව පුදුමයි. කොයි මොහොතේ හෝ මේ සියල්ල අත්හරින්න සිද්ධවෙනවා අනිවාර්යයි. මේ පිලිබඳ නුවන පහළවේවා.
කබීර්: මේක එජාප ආණ්ඩුවක්…වහාම කියන දේ කරනු ?
ජනපති: සර්, කරුණාකරල මට පොඩ්ඩකට වැසිකිලියට යන්න අවසරද ?