මේක ගොරක දඩමස් කරන නිතියක්.. මේ අවනිතියට එරෙහිව සටන් කරනවා..- සිර දඬුවම් නියම වූ පසු ඥාණසාර හිමි කල ප‍්‍රකාශය මෙන්න..

August 8, 2018 at 1:20 pm | lanka C news
මේක ගොරක දඩමස් කරන නිතියක්.. මේ අවනිතියට එරෙහිව සටන් කරනවා..- සිර දඬුවම් නියම වූ පසු ඥාණසාර හිමි කල ප‍්‍රකාශය මෙන්න..

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නියම වූ බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤණසාර හිමියන් තමන්ට නියම වූ දඩුවම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

‘මම කිසිම වෙලාවක අධිකරණයට අපහාස කරලා නැහැ. අධිකරණයේදී කතා කරපු එක හැබෑව. එ් කතා කලෙත් නඩුකාරතුමාගේ අවසරය පිට. අපි දන්නේ නැහැ මේ ගොරක දඩමස් කරන නිතිය මොකක්ද කියලා.

නිතිපති එකෙන් චෝදනා ගොනු කරලා එන්නේ නොකරපු දේවල් ගැන. නොකරපු වැරදිවලටයි මේ දඩුවම් දෙන්නේ. මේ අවනිතියට එරෙහිව අපි සටන් කරනවා.

මම ෙදාස් කිව්වේ ආණ්ඩුවට මිසක් අධිකරණයට නෙවෙයි. මේ අය අරන් තියෙන්නේ අධීකරණයට ෙදාස් කිව්වා කියලා. මේක ගලපා ගන්න බැරි උදවිය තමයි මේ තීන්දු දෙන්නේ’

මේ වන විට උදරාබාධයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ගලගොඩ අත්තේ ඥණසාර හිමියන් ශල්‍යකර්මයකට බදුන් කිරිමට නියමිතව ඇති බවද පැවසේ.

– rivira

135 views
Main News