‘මේක සිංහල, බෞද්ද රටක්..අපි එය රකිනවා..’- රවි කරුණානායක අලූත් පොටකට එයි..
September 25, 2017 at 2:10 pm | lanka C news
මේක සිංහල බෞද්ධ රටක් බවත් ගෙන එන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් බෞද්ධාගම මෙන්ම ඒකීයභාවයද ආරක්ෂා කරන බවත් එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර දමන බවද ඔහු සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ජාතික යොවුන් පෙරමුණු කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය සිරිකොත එජාප මූලස්ථානයේදී අමතමිනි.