මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දුට නොතීසි.. නිරෝධායන මධ්‍යස්ථාන චෝදනාවකට අධිකරණයේ..

September 15, 2020 at 12:00 pm | lanka C news
මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දුට නොතීසි.. නිරෝධායන මධ්‍යස්ථාන චෝදනාවකට අධිකරණයේ..

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු නොතෙසි අනුව ශ්‍රි ලංකා යුධ හමුවේ 58 වෙනි බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඇතුළු  එම බලසේනාවේ යුධ හමුදා නිලධාරින් රැසක් (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිහ.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තම සේවාදායකයෙකුට කොළඹ වානිජ මහා අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් බදු පදනම මත ලබා දි ඇති ඉඩමකට සහ ගොඩනැගිලි වලට 58 වෙනි බලසේනාවේ යුධ හමුදාවේ භට පිරිසක් තම සේවාදායකයාගේ අවසරයකින් තොරව ජුලි මාසයේ සිට නිරෝධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍යය බව පවසමින් බලහත්කාරයෙන් යුධ හමුදා කදවුරක් ස්ථාපනය කර ඇති බව චෝදනා කරමින් ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දණ්ඩ නිති සංග්‍රහයේ 66 වගන්තිය යටතේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුවේ වග උත්තරකරුවන් ලෙස 58 වන බලසේනාවේ බල සේනාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු 58 වෙනි බලසේනාවේ යුධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

යුධ හමුදාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි රජයේ අධි නිතිඥය ජයකිත් මාතුරත්න මහතා  සහ යුධ හමුදා නිති  අංහයේ නිතිඥයින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ යුධ හමුදාව වෙත මෙවැනි නඩුවක් මෙම අධිකරණය විභාග කල නොහැකි බවයි.

දෙපාර්ශවයේ නිතිඥයින් දැක් වු කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ වග උත්තර පාර්ශවයට කියා සිටියේ මුලික විරෝධතාවය නම් එය ලිඛිතව මේ මස (29) දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

යලිත් මෙම නඩුව මේ මස (29) දින කැදවිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

79,898 views

15 Comments to “මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දුට නොතීසි.. නිරෝධායන මධ්‍යස්ථාන චෝදනාවකට අධිකරණයේ..”

  1. saman says:

    GON HARAK OYA ARMY EVUN

    • හරකා says:

      ඔබ කියන ත්‍රිවිද හමුදාවේ හරක් නැත්නම් ඔබ වැනි බ්‍රොයිලර් කුකුළන් එලව ගිහින් ගොඩක් කල්…..

    • උපාසක says:

      ඒ ගොන් හරක් නොව්නානම් උඹලා තාමත් ඇදන් යට ප්‍රභාකරන්ට බයේ.

    • nimal says:

      Thaman jivath vela einne army eka kiya ithapan. amma, thatha , birinda, putha duwa nethnum mela hakata merila den wenakota umbe.

    • kk says:

      gon harak nisa thamayi umba ada jiwath wenne. Me awasthawe hamudawa waradiyi da kiyala adhikaranaya thiranaya karawi. Ethakal kata wahagena hitu.

    • Jakson says:

      Thamun ge jathika kala thaththa iita wada meeharakek,

    • ගොමයා says:

      මූ සමන් නෙමේ කුණුවෙච්ච සැමන් කෑල්ලක්. කෑල්ලක්. ගස් කැ~ අපතයා: ප්‍රභාකරන් ගෙ පු.. යි බි..යි ලෙව කකා හිටපු පාහරය.

  2. අසා says:

    A good move!

  3. Baiya says:

    මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දුට ජය වේවා

  4. siri says:

    Saman thota coronama hadiyan.

  5. Samarapaala says:

    Bella Kapaaaganna Dangalanne Nadda Gen Priyankara ?

  6. Saman says:

    මේ ඉඩම රජය සතු ඉඩම් පහුගිය ආණ්ඩුවෙන් හොරෙන් ලියාගෙන දැන් කරගන්න දෙයක් නැතුව පත්තරේ දානවා

  7. Saman says:

    ජනාධිපතිතුමනි රජයේ ඉඩම් අනිවාර්යෙන්ම යුද හමුදාවට ලබා දෙන්න කූට ව්‍යාපාරිකයන්ගෙන් රට බේරගන්න රජයේ දේවල් හොරෙන් ලබාගත්තහම වෙච්ච පාඩුව දරාගන්න බැරුව දැන් පත්තරේ දාලා නඩු දාලා වැඩක් නෑ රජයේ දේවල් හොරකම් නොකර හිටිය නං හොඳටම ඇති මේවා හැමෝටම හොඳ පාඩම්

  8. Samantha Fernando says:

    මේ ඉඩම් රජය සතු ඉඩම් , හොර මගඩි වැඩ කරලා ඉඩම් ගත්තහම ඕනම ව්‍යාපාරිකයෙකුට ඔය වගේ වැඩ වෙනවා බොරුවට රණවිරුවන්ට බහින්නේ නැතුව මින් ඉදිරියටවත් රජයට වංචා නොකර ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉගෙනගන්න රජයේ දේපළ අයථා භුක්තිවිදින කොට ඔහොම දේවල් වෙනවා

  9. මෙන්ඩිස් says:

    බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැනි නිර්භීත සෙන්පතියෙකු අතගැහුවා කියන්නේ ඔය ව්‍යාපාරිකයා හොරෙක් නෙමේ හොරු ගෙනාපු නැවක්

Leave a Comment

Main News