මේ අගමැතිට වඩා සිරිකොතේ ධනපාල අගමැතිකමට සුදුසුයි..- මෛත‍්‍රී කියයි..

March 22, 2018 at 3:00 pm | lanka C news
මේ අගමැතිට වඩා සිරිකොතේ ධනපාල අගමැතිකමට සුදුසුයි..- මෛත‍්‍රී කියයි..

මේ අග්‍රාමාත්‍යවරයාට වඩා සිරිකොතෙහි සිටින ධනපාල මහතා අග්‍රාමාත්‍යධුරයට සුදුසුයැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකමි මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාෂ කලේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වු එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දිවුරුමිදීමේ අවස්තාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගුණරත්න මහතා,

එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණයට මුහුණ දෙන්නේ දේශපාලන අතදරුවෙකු ලෙසයි. නමුත් අපිට දැවැන්ත දේශපාලන සංවිධාන සමග තරග කරන්න සිද්ධ වුනා එහිදී අප වෙත පැමිණි අභියෝග ජයගෙන පළාත් පාලන ආයතන 64 කට තරග කර මන්ත්‍රීධුර 21 දිනාගැනීමට අපට හැකි වුනා. සමහරු අපිට අභියෝග කරා හැකිනමි එක් මන්ත්‍රීධුරයක් හරි අරන් පෙන්නන්න කියලා අපි එකට 21ක් අරන් පෙන්නුවා දැන් ඒ අය මොකද කියන්නේ කියලා අපි අහනවා.

තවදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ලේකමිවරයා,

අපි මැතිවරණයට කලින් ජනතාවට කිවිවා මේ ආණ්ඩුව වැරදි පාරේ යනවා කරුණාකරලා ආණ්ඩුව නිවැරදි මාර්ගයට අවතීර්ණ වීම කරන්න ඕනේ කියලා. නමුත් ආණ්ඩුව ඒ නිවැරදිවීම තවම සිද්ධ කරලා නැහැ. ඒ වගේම ආණ්ඩුවට නිවැරදි වෙන්න උවමනාවකුත් නැහැ කියලයි අපිට පේන්නේ. අද අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් බාරදීලා තියෙනවා ඒ විශ්වාසභංගයට අපි පාර්ලිමේන්තුවෙන් පිට ඉදන් ඊට උපරිම සහය දෙනවා ඒ වගේම ඒ විශ්වාසභංගය බාරදුන් මැති ඇමතිවරුන්ට අපි සුභ පතනවා. මේ විශ්වාසභංගය අවසානය දක්වා රැගෙන යන්න කියලා අපි ඒ මහත්වරුන්ට යෝජනා කරනවා.

අද මේ ආණ්ඩුවට මේ රට ඉදිරියට කරගෙන යාමට නොහැකි බව ඕනෑවටත් වඩා ඔප්පු කරලා ඉවරයි. රටේ ජනතාව මේ අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට S.M.S. පණිවුඩයක් එවලා තියෙනවා ඔබ යන මාර්ගය වැරදිය වහා නිවැරදි වෙන්න කියලා නමුත් ඒ ජනතාව දුන්නු කෙටි පණිවුඩය ආණ්ඩුව කිසිම ගානකට අරන් නෑ කියලයි අපිටනමි ආණ්ඩුව දිහා බලනකොට පේන්නේ.

ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට රට කරගෙන යන්න බැරිනමි කරුණාකරලා මහ මැතිවරණයක් තියලා මේක කරගෙන යන්න පුළුවන් කෙනෙක්ට බාරදෙන්න කියලා. ඒ වගේම අපි ජනාධිපතිවරයාටත් කියනවා කරුණාකරලා මේ අගමැති සමග යා නොහැකිනමි ඒක රටට කියල මේ අගමැති ඉවත් කරන්න කියලා. ජනාධිපතිවරයා නීතිය හා සාමය ඇමතිවරයා පත් කලේ එතුමාගේ කැමැත්තට ඒ නිසා කරුණාකරලා මේ අගමැති ඉවත් කරන්න. එහෙම ඉවත් කරා කියලා රටේ කවුරුත් පෙළපාලි යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වෙලාවේ මේ ගෙනාපු විශ්වාසභංගයට සහයෝගය දීලා මේ අගමැති ගෙදර යවන්න උදවි කරන්න ඕනේ නැත්නමි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වෙලාවේ කරන්නේ වක්‍රාකාරව 2020 රාජපක්ෂවරුන්ට ජයග්‍රහණය කරන්න උදවි කිරීමක්. මොකද මහින් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නවට කැමතියි. එතුමව පහසුවෙන්ම පරද්දන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ බව හිටපු ජනාධිපති තුමා දන්නවා. ඒ නිසා UNP එකට අගමැතිකම දෙන්න කෙනෙක් නැත්නමි සිරිකොතේ ඉන්න ධනපාල මහත්තයා හරි පත් කරන්න කියලා අපි කියනවා. ධනපාලට වික්‍රමසිංහට වඩා එක්සත් ජාතික පක්ෂය ගැන කැක්කුමක් තියෙනවා, කරන්න ඕන දේ වික්‍රමසිංහ මහත්තයාට වඩා ඔහුට තේරෙනවා

– කේ.ටී.දර්ශන

18 views

5 Comments to “මේ අගමැතිට වඩා සිරිකොතේ ධනපාල අගමැතිකමට සුදුසුයි..- මෛත‍්‍රී කියයි..”

  1. Nilu Gamage says:

    Ranil is a good and matured leader. We need his service to the country. However, he should return bond-scam funds to the country.

    • නැවුම් මාවත says:

      Its time we appoint a youthful educated and patriotic person to lead the UNP to attract the young generation of this country .For decades unpiers had to put up with unpatriotic leaders and its very evident that they are loosing the patience with these unpatriotic leaders.Lets Appoint Patali Champika Ranawaka as our next leader .

      • ​නැවුම් චින්තන එකමුතුව​ says:

        මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

  2. Hoo N P Kaaraya says:

    If he is a good and matured leader I don’t know why this Nilu wanted to return bond -scam funds to the country.
    Talking nonsense and bullshit!

    • nilu says:

      Apita pissu ne ane. Mokada lankawata me wenne kiyala. Ranil dunna nisa ne mehema hari kotanne. Poddak hithala balannako.

Main News