මේ ආකාරයෙන් වගකිම් විරහිත ආර්ථික ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ – නිර්මාල්
December 13, 2016 at 5:30 pm | lanka C news
‘අග්‍රාමාත්‍යවරයා වටේ සිටින පිරිස දෙන උපදෙස් තමයි රජය ක්‍රියාත්මක කරන්නේ, මහජන සාකච්ඡාක් නැතිව රජයට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග සඳහා යොමු වන්න බැහ. රජය උද්ඝෝෂණ සඳහා ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන.
රජය අනුගමනය කරන ආර්ථික ක්‍රියාමාර්ග තුල කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවන බව විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
ආචාර්යවරයා එසේ පැවසුවේ ” ප්රජාතන්ත්රවාදය සඳහා උද්ඝෝෂකයෝ සංවිධානය” විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දි ඊයේ 12 සවස පැවත්වු මාධ්‍ය හමුවේදීය.
මේ සඳහා පෙරටුගාමි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, අන්තර් ව්ශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, මාධ්‍යවේදි චන්දන සිරිමල්වත්ත, එකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ චානානන්ද හිමියෝද සහභාගි විය.