මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. සම්මුති ආණ්ඩුව තව මාස 4යි තියෙන්නේ.. තීන්දුවක් ගන්නවා..- සුසිල් වැට පනී..

March 4, 2017 at 9:54 pm | lanka C news
මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. සම්මුති ආණ්ඩුව තව මාස 4යි තියෙන්නේ.. තීන්දුවක් ගන්නවා..- සුසිල් වැට පනී..

ඇත්ත වශයෙන්ම ඕනම පුද්ගලයකුට රටකට දැක්මක් තියෙන්න ඕන, දැක්මක් නැතිව කොහෙද යන්නේ දන්නේ නැහ. අද බෑලු බැල්මට එහෙම එකක් පෙනෙන්නට නැහ, විදේශ ආයෝජන නැහ, අපනයනය අඩුවෙලා, ආනයනය වැඩි වෙලා, කොහොමද වෙළෙඳ ශේෂය පියවා ගන්නේ කියලා කියන එක අද විශාලතම ආර්ථික ගැටලුව බව ඉරිදා ලංකාදීප පත්‍රය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි වර්තමාන සම්මුති රජයේ අමාත්‍ය මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ සංධානයේ මහා ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා ප්‍රකාශ කොට ඇත.

රටේ සමස්ථ ආර්ථික ගැටලු සම්බන්ධව කාතා කරමින් අමාත්‍යවරයා පැවසුවේ ස්විප් ටිකට් එකේ මිල වැඩි කිරීම වැනි සුළු දේවලින් පවා පෙනෙන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මේ ආණ්ඩුවට විසඳුම් නැති බවයි.

මහින්ද යුගයේ ගත් ණ්ය අරන් ආයෝජනය කර ඇති බවත්,එවායින් අධිවේග මාර්ග,හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ හදලා තියෙනවා නේ. එවා පෙනෙන්නට තියෙනවා නේ එවා අතුරුදහන් වෙලා නැහැනෙ. ලෝකයේ කොහේවත් දෙයක් පටන් ගත්ත ගමන් සාර්ථක වෙන්න්නේ නැහ නේ, එදා ණය අරගෙන විදුලි බලාගාර හැදුවේ නැත්නම් අද මේ ගානට විදුලිය එකකයක් දෙන්න වෙන්නේ නැහ”

මත්තල ගුවන් තොටුපොළහි වී ගබඩා කිරිම සමාජව අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ ‘මූලික කලමණාකර මූල ධර්මයවත් නොදන්නාකම නිසානේ එහෙම කලේ, මොන මෝඩයෙක්ද ගුවන් තොටුපොළක් හදපු තැනක වී ගබඩා කරන්නේ? මේවායින් පෙන්නුම් කරන්නේ මොකක්ද? එක්කෝ නොහැකියාව එක්කෝ නොදන්නා කම, යයි ද එමෙන්ම වර්තමාන සම්මුති ආණ්ඩුවේ සිටීම සම්බන්ධව විමසිමේ දි අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ, මෙම සම්මුති ආණ්ඩුවේ ගිවිසුමට අවුරුදු 2 ක් බවත් එය අවසන් වීමට ඇත්තේ තව මාස හතරක් බවයි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව තුල සිට මේ තත්ත්වය පැහැදිලි කලත් එවාට ඇහුම්කන් දීමක් ඒ ආකාරයෙන් සිද්ධ නොවන බවත්, මේ පවතින මේ ක්‍රමය යටතේ නම් කිසිම කෙනෙකුට මේ ක්‍රමයට රටක් පාලනය කරන්න බැරි බවත් එයයි සත්‍ය යන්න වැඩි දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත.

915 views

18 Comments to “මේ ආණ්ඩුවට දැක්මක් නෑ.. සම්මුති ආණ්ඩුව තව මාස 4යි තියෙන්නේ.. තීන්දුවක් ගන්නවා..- සුසිල් වැට පනී..”

  1. Sujatha Senaratne says:

    ඉතින් හලෝ ඕක හරියන වැඩක් නොවෙන බව තමුන්ට පේන්නෙ දැන්ද තරමක උගතෙකුත් වෙලා. ඕක එදා හිටලම කිව්වා අපේ රබර් කිරි කපන අය. ගොන් බාස්ලනෙ රට කොරන්නෙ. තමුසෙට මහින්ද මහත්තයගෙ අගේ නොපෙනුේ ඇස් අන්ධ වෙලා හිටියද. මෝඩයෙක්ද අවස්ථා වාදියෙක්ද මෙයා.

    • asaranaya says:

      පැනපන් බන් කිය කිය ඉන්නේ, අඩුගානේ කොචියකටත් පැනපන්
      ඇයි ඔබ කිව්වා මතකයි විශ්‍රාම යනවා කියලා ,ඒක හරි කරනවා, මෙය හොඳම අවශ්තාවයි

    • Medamulana says:

      To believe him, he should first resign and come forward. He cant “eat the cake and have it too”.

  2. Champa says:

    This government never had any clear vision. Not only that even individual Ministers don’t have any vision.

    Even the previous government didn’t have a clear vision.. Their concept was an infrastrcuture based development which had nothing to do with the rural economy.

    This government never had any clear vision. Not only that even individual Ministers don’t have any vision.

    Even the previous government didn’t have a clear vision.. Their concept was an infrastrcuture based development which had nothing to do with the rural economy

    • aappa champa says:

      ගිය ආණ්ඩුව වැඩකුත් නෑ,මේ ආණ්ඩුව වැඩකුත් නෑ.අපේ ලොක්ක විතරයි මට නම් හොඳ​,,,,

  3. Notthischange says:

    You just stay there with Sirisena. You are not welcome from Mahinda ally. Sorry, betrayer…

  4. Rikie says:

    ආයෙ චන්දෙ නම් දෙන්නෙ නැහැ පුතෝ..

  5. somapala says:

    මෝඩයෙක්ම වෙන්න බෑ මම හිතන්නෙ. අවස්ථාවාදියෙක් වෙන්න ඕනෑ.හැබැයි යොවත් අර තෙල් ඇමතිය චන්දිමයවවත් පලාතෙ ගන්න එපා

  6. ranjith fernando says:

    ආ මෙයා නේද ලඟකදි කිව්වෙ අලුත් පක්ෂ හදන අයට හොඳ පාඩමක් උගන්නනවා කියල. පැත්ත පලාතෙ ගන්න එපා

  7. Micro Man says:

    මේ කට්ටිය දැන් කී දවසක් නම් තීන්දු ගත්තද..හැබැයි තවම ගත්ත දවසක් නම් නෑ.
    කටින් බතල කියන්නෙ මේවට තමා.

  8. Prasanna says:

    පිස්සු ඩබල් …..

  9. ExUNPer says:

    Most of you have something favourable to the country, but you are forced to hide it and act against people and country – all due to well known Kumantrana Force.
    You must take courage…
    Be honest….Speak to the Joint Opposition….Speak to the president.
    Iron out the differences….
    Avoid hospitalisation due to presure imposed by Kumantrana Force.
    Serve the country.
    Good luck.!

  10. රාහුල කොලුවා says:

    ඔයාට ඔව්වා තේරෙන්න මෙච්චර කල් ගියාට අපි නං ඕවා දැන ගෙන හිටියේ… හැබැයි මහත්තයෝ ඊලග පාර එනව නං අපේ මනාප බලාපොරොත්තු වෙන්න එපා… මේ ආණ්ඩුවත් එක්ක හිටගෙන ඉන්න කාටවත් අපි මනාප දෙන්නෙ. නෑ…