මේ ආණ්ඩුව අප දිව්‍යලෝකෙන් අපායට ගෙනියන්න හදනවා.. – ලාල්ට දැන් තේරෙයි..

September 28, 2016 at 3:50 pm | lanka C news
මේ ආණ්ඩුව අප දිව්‍යලෝකෙන් අපායට ගෙනියන්න හදනවා.. – ලාල්ට දැන් තේරෙයි..

ආණ්ඩුව සූදානම් වන්නේ දිව්‍ය ලෝකෙන් අපායට ගෙනයන්න බව ජවිපෙ හිටපු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසයි

බලයට පත්වීමට කලින් වතු කම්කරුවන්ගේ ගැටලූ විසදන්න පොරොන්දු දුන් ආණ්ඩුව අද වන විට ඒ වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම් අමතක කර ඇතැයිද පවසයි.

ආණ්ඩුව සූදානම් වන්නේ ‘එට්කා’ ගිවිසුම මගින් අඩු පඩියට වැඩ කරන ශ‍්‍රමිකයන් බෝ කර වතු ජනතාවගේ ශ‍්‍රමය සූරාකන්න බවද පෙන්වා දෙන ලාල් කාන්ත මහතා අපායෙන් දිව්‍යලෝකෙට යන්න මිස දිව්‍ය ලෝකෙන් අපායට යන්න කවුරුත් ලෑස්ති නැතැයිද කියා සිටියේය.

25,650 Viewers

2 Comments to “මේ ආණ්ඩුව අප දිව්‍යලෝකෙන් අපායට ගෙනියන්න හදනවා.. – ලාල්ට දැන් තේරෙයි..”

  1. sunimal says:

    මුට තේරෙන්නේ නැති එකම දේ තමයි දැනටමත් අපි ඉන්නේ අපායටත් එහා තැනක කියන එක …..
    අපායේ තියෙන ඇපල් ගෙඩියක් ඇතුලේ ඉන්න පණුවෙක් වගෙයි මු ..ඇපල් ගෙඩිය අනිත් පනුවෝ කාල දැම්මම ආපහු අපායටම වැටෙයි

  2. jayalal herath says:

    ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ යමක් බුද්ධිමත්ව හිතපු පක්ෂයක්. කැපවීමෙන් වැඩකරන බුද්ධිමත් මිනිස්සු ඉන්න කණ්ඩායමක්. නමුත් මෑතක සිට jvp එකත් වෙනස් වෙලා. මිනිසුන්ගේත් රටෙත් අවාසනාව. කොහොම උනත් තාමත් රට ගැන හිතන අය මේකේ ඉන්නවා කියල අප හිතනවා.

Main News