මේ ආණ්ඩුව ගෙනාවාට මටම ලැජ්ජයි.. මට සෙරෙප්පුවෙන් ගහපල්ලා.. – අසාද් සාලි
January 2, 2017 at 9:20 am | lanka C news
යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.
වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව ඔහු පැවසීය.
‘මාස විසිතුනක සංහිඳියාව කෝ? සංහිඳියාවක් තිබුනානම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ. අද මහින්ද රාජපක්ෂ මේ වගේ ප්රකාශ නිකුත් කරන්නේ නැහැ.
මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා… හැබැයි කෝ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ අප සතුව පැමිණිලි 476ක් තිබුණ. මේ ආණ්ඩුවේ මාස විසිතුනට පැමිණිලි 223ක් තියෙනවා. අද වනතුරු මගේ රජය මේ ගැන කිසිම ක්රියාදාමයක් අරගෙන නැහැ. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට කිසිම වැඩපිළිවෙලක් නැහැ.
මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ. මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න’ යනුවෙන් අසාද් සාලි ප්රකාශ කළේය.
– BBC