මේ ආණ්ඩුව පෙරලන එක හීනයක්..- ආණ්ඩුව රකින්න ජවිපෙ මහ පවුරක් වෙයි..
April 8, 2017 at 8:40 am | lanka C news
මේ ආණ්ඩුව පෙරලන්නේ යයි හිටපු ජනාධිපතිවරයාගේ ප්රකාශය සැබෑ වෙන හීනයක් නොවන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
‘හිටපු ජනපති ඔය වගේ කතා කියන්නේ ඔහු වටා සිටින වහලූන් රැළට චූන් එකක් දීමටයි.
ඒක සැබෑවෙන හීනයක් නොවෙයි. ඒත් ගෙදර පුටුවක් නම් පෙරළාගනීවී’ යයිද මන්ත්රීවරයා කියයි.
ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද මෑතකදී කියා සිටියේ මේ ආණ්ඩුව පෙරලා දමන්නේ නම් බලයට පත් කරන්නේ කවුදැයි හොදින් සිතා බැලිය යුතු බවයි. නමුත් 2015 ජනවරියේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට වේදිකාවේ අදහස් පල කරද්දී ජවිපෙට එම තර්කය වලංගු වූයේ නැත. ජවිපෙ එකල කියා සිටියේ කවුරු බලයට පත් වුණත් ගැටළුවක් නැති බවත් මුලින්ම මහින්ද පන්නා දැමිය යුතු බවත්ය.