මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට…

January 22, 2022 at 8:02 am | lanka C news
මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට…

ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සසුනට අරුණ” වැඩසටහන යටතේ තිස්සමහාරාම ආසනයේ බැරගම 4 ඇල විශූද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද වනවිට පාරිභෝගික භාණ්ඩ මිල හිතුමනාපෙට ඉහළ යන බවත්, ආණ්ඩුවට ඒ කිසිවක් පිලිබදව වගක්වත් නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇතැයිද කීය.

මේ අන්තනෝමතික පාලනය තුළ සමස්ත ගොවිජනතාව අනාථවී ඇති බව කී ඒ මහතා මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට බවත් කීය.

– media unit

4,383 views

11 Comments to “මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට…”

  1. චන්ද දායක says:

    මොනවා දෙඩෙව්වත් හරියන්නෙ නැහැ .තාම මොන්ටිසෝරි.පස්සෙ බලමු.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මොනා කිව්වත් උබට ජනපතිවෙන්න බෑ මෝඩ පුතානෝ. පොහොට්ටුව බැබලෙනවා.

    • Germ Bacillus says:

      බැසිල් රනිල්ගේ රතු අලිපැටියාව බුරන එහෙත් රාජපෂක්‍ලාව හපා නොකන රතු බලුපැටවකු කරලා 2024 වෙනකම් ඌට හපහපා ඉන්න මස් කට්ටක් දීලා..ජෙපි ලොක්කන් දන්නවා තමන්ට ඡන්දයකින් බලය ගන්න බෑ කියලා,දැන් බලන්නේ ලොකුම එකවුන්ට එක තවත් ලොකු කරගෙන පුළුවන් තරම් කල් පාර්ලිමේන්තු වරප්‍රසාද විඳලා තවත් පුළුවන් තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවලා මැරිලා යන එක.

      • Maha Sinhale says:

        Germ Bacillus මෙහෙම කමෙන්ට් දානවට සජි පුතානො කීයක් ගෙවනවද? 😀

  3. ගොන්ගාලේ ගොන්පුතා.

  4. ජනජය says:

    මේ ආණ්ඩුව බිහිවෙලා තියෙන්නෙ බොලව විනාස කරල බොල ඔය මිනිස්සුන්ව තියං හිටපු විසිල් බල්ට් ලෝකෙන් එළියට ගන්න …බොරුද බලපං …මේ රට විනාස් කරන්න ප්ලෑන් ගහපු හූ.යෙන්.පී යට මොකද උනේ කියල ..!

    • Saradiel says:

      ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇති බව දන්නේ දැන්ද ?මිට කලින් යහපාලනේටත් කැවී තිබුනේ යක්ෂයන්ගේ හාල් නොවේද? ආණ්ඩු දෙකම රට විනාශ කරුවා /කරනවා …ඔබ අඩු ආදායම් ඇති දුප්පත් ජනතාවට නිවාස හදලා කොමිස් ගහලා කරපු වංචා දුෂණ රටේ ජනතාවට අමතක නැහැ ..ඔබ ගැන ඇත්තේ පිළිකුලක් පමණි

  5. JR says:

    80′ ගනන් වලදි කොටින්ගෙ අණට යටත් වෙන්න කියලා නැගෙනහිර පලාතෙ පොලිසි වලට පියානෝ කිව්වා. පියානෝ කියපු දේ කරලා ඔවුන් 800ක් විතර වැනසුනා… මතකද…???? පුතානෝ ආවොත් රටම වැනසෙනවා… ☝️😯

    • කැපුවත් පොහොට්ටුවට says:

      බය වෙන්න එපා බන් ඕකට දිනන්න බෑ. ජනතාව පොහොට්ටුව සමග.

      • sunimal says:

        තාත්තා වගේම ඇති පුතානො ගේ කෙරුවාවත් …පියා රටේ ජනතාවගේ මුදල් සොරකම් කරලා පුතාට අනාගතේ රජ වෙන්න ධනය ලබා දුන්නා ..පුතා ඒවා වලින් බොරු බේගල් කියමින් ජනතාව රැවටීමට උත්සාහ කරනවා …චීනෙන් ලැබුණු තෑගී මුදල් කෝ ? කුමක් සදහාද මොහුට චීනෙන් මුදල් තෑගී දෙන්නේ

Main News