මේ ආණ්ඩුව මෙච්චර විශාල ණයක් ගත්තේ රාජපක්ෂ ණය ගෙවන්නලූ.. එහෙනං දැන් රටේ ණයබර අඩු වෙලා ඇති.. – මහින්ද
February 24, 2017 at 10:00 am | lanka C news
ජාතික සම්පත් සුරකීමේ මධ්‍යස්ථානය ඊයේ නාරාහේන්පිට අභයයාරාමයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කරන ලදි.
මේ අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ඇතුළු පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම රටේ නොයෙකුත් අංශ නියෝජනය වන විද්වත්හු ඇතුළු සමාජ ක්‍රියාකාරින්ගෙන් සමන්විත පිරිසක් මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.
එහිදි අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මේ රජය සෑම දෙයකට කෝකටත් තෛලය වගේ රාජපක්ෂ ගත්ත ණය කියා අර්බුදය පෙන්වමින් ඔහුන් ගත්ත ණය සම්බන්ධව කරුණු වසන් කලත් අද වනවිට ජනතාව මෙය තේරුම් ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම රාජපක්ෂ යුගයේ ගත්ත ණය ගෙවීමට මේ ආණ්ඩුව ණය ගත්තා නම් මේ වනවිට එක්කෝ රටේ ණය ප්‍රමාණයේ අඩුවක් හෝ එදාට සමාන ප්‍රමාණයකට ණය තිබිය යුතු වුවත් මේ වනවිට මේ රජය යටතේ එදාට වඩා විශාල ණය ප්‍රමාණයකින් රජය ණය වී ඇති බැව් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කලේය.