මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා භීතිය උපදවනවා.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරනවා..- මරික්කාර්

November 20, 2017 at 3:00 pm | lanka C news
මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා භීතිය උපදවනවා.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරනවා..- මරික්කාර්

දේශපාලනඥයින්ට දේශපාලනය පමණක් නොව යම්කිසි පෞද්ගලිකත්වයත් පවතින නිසා, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ දුරකතන ටැෆ් කිරීමට උත්සහයක් පවතීනම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් ලක්ෂ 03 ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ ඉදි වූ හිඹුටු උයන නිවාස සංකීර්ණයේ නව ළමා ක්‍රීඩාංග‍ණය දුවා දරුවන්ගේ අයිතියට පත් කිරීමට එක්වෙමින්ය.

කොප් කමිටුවේ ඉන්න සාමාජිකයින් බැදුම්බර චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ කාල සීමාව තුළ දුරකතන සංවාද හා පෞද්ගලික සම්බන්ධකම් තියා ගත්තා නම් ඒක වැරදියි.

හැබැයි මේකේ තියෙන භයානක පැත්ත තමයි රාජපක්ෂ ආණ්ඩුව අපි පෙරළෙව්වේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය නිදහස සාමය සුරක්ෂිත කරන්න. හැබැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දන්නේ නැතිව මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරනවානම්, මේක රාජපක්ෂ යුගයට එහා ගිය භීතියක් උපදවන දෙයක්. රටේ අගමැතිගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටෙලි‍ෆෝන් ටැප් කරනවානම් වැරදියි.

දේශපානඥයින්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. දේශපාලන කාරණා  කතා කරන්න පුලුවන් පුද්ගලික කාරණා කතා කරන්න පුලුවන් . ඒ නිසා මෙහෙම ටෙලිෆෝන් ටැෆ් කරනවාම් එය ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. අනෙක් පැත්තෙන් ඇලෝසියස් එක්ක කෝප් කමිටුවේ ඉන්නකම් පරීක්ෂණ කාලය තුළ සම්බන්ධකම් තියා ගත්තානම් ඒක සදාචාරාත්මකව සම්පූර්ණයෙන් වැරදියි කියලා නැතත් කියනවා යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

31 views

8 Comments to “මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා භීතිය උපදවනවා.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරනවා..- මරික්කාර්”

  1. sura says:

    ටෙලිපෝන් එකෙන් කතා කරපු අංක ගන්න ටැප් කරන්න ඕන නැති බව මෙයා දන්නෙ නෑ වගේ.
    අදාළ දුරකතන සමාගමෙන් ඕනෑම අයෙකුට සිය දුරකතනයකින් කතා කළ අංක ගන්න පුළුවන්.

    • Amda says:

      අනේද කියන්නෙ. නොදන්න ටෙක්නොලජි කතා කරන්න ගිහින් නිකන් කිච වෙනව. කතා කලේ මොනවද කියල රෙකොඩ් කලා නම් ඒකයි වරද. ඕනෙම නොම්මරයකින් යන්-එන ඇමතුම්, යන SMS නම්බර් සහ කාලය යන දත්ත කොහොමත් සේව් වෙනව

  2. amith says:

    ඔබ දන්නවාද ප්රජාතන්ත්රවාදයේ අර්ථය කුමක්ද? දූෂණයෙන් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්රජාතාන්ත්රිකවාදයේ තවත් පැත්තක්. මිනිසුන්ගේ දේපළ සොරකම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

  3. අමල් ජයසිංහ says:

    මෙි ජරා දේශපාලනය අත්හැරලා දික්වැල්ල පැත්තෙ ගිහිල්ල මාළු බිස්නස් එකක් කරමුද? රවි > මිලින්ද > සිරස > බස්නාහිර පලාත් සභාව > පාර්ලිමේන්තුව. මගේ හිතෙත් මරික්කාර්.

  4. Raj Shalik says:

    Dear Mr Marikkar;
    You are unable talk anything without mentioning Hon MR which shows your political bankruptcy. You would have promoted several radio channel but politics is not like that. When you do politics you must have strategic vision which you are lacking.

  5. kamalsiri kuruwita says:

    අනේ පලයන් බං යන්න ! චන්දෙට මිනිස්සුන්ට නම මතක්වෙන්න ඕන නිසා හැම කෙහෙල් මලටම කට දාන කපටි ලජ්ජා නැති හිවලේක්නේ මේ බුරන්නේ. අපි රැවටෙයි ඕවට !!!

  6. athula says:

    යකෝ එතකොට මහජන මුදල් හොරා කාපු එඋන් CID එක අල්ලන් එක වැරදිද ??

  7. vishnu says:

    පට්ට හම්බයට චන්දෙ දෙන සිංහල අපතයොත් ඉන්නවනෙ

Main News