මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..
November 13, 2016 at 4:40 pm | lanka C news
වත්මන් රජය විසින් විකුණා දමන කිසිදු රාජ්ය දේපලක් මිලට නොගන්නා ලෙස සියළ දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරියේදී පිහිටුවන නව රජය මගින් එම දේපල නැවත පවරා ගන්නා බවද ඔහු සදහන් කලේ අලූත්ගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.
හම්බන්තොට වරාය හදන්න වියදම් වුනේ මිලියන 450ක් වුවත් දැන් එය විකුණා දමන්නට සැරසෙන්නේ බිලියන 1.1කට බවද ඔහු සදහන් කලේය.