මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..

November 13, 2016 at 4:40 pm | lanka C news
මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..

වත්මන් රජය විසින් විකුණා දමන කිසිදු රාජ්‍ය දේපලක් මිලට නොගන්නා ලෙස සියළ දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඉදිරියේදී පිහිටුවන නව රජය මගින් එම දේපල නැවත පවරා ගන්නා බවද ඔහු සදහන් කලේ අලූත්ගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

හම්බන්තොට වරාය හදන්න වියදම් වුනේ මිලියන 450ක් වුවත් දැන් එය විකුණා දමන්නට සැරසෙන්නේ බිලියන 1.1කට බවද ඔහු සදහන් කලේය.

434 views

34 Comments to “මේ ආණ්ඩුව විකුණන කිසි දෙයක් ගන්න එපා.. අපි ආව ගමන් පවරා ගන්නවා.. – මහින්ද ලෝකයටම කියයි..”

  1. Champa says:

    හරියට හරි. ඔය තියෙන්නේ. ඔබතුමා ඔන්න ඔහොම කතා කරන්නකෝ, රටේ ජනාධිපති වගේ. එතකොටනේ මිනිස්සුන්ට වුණත් තවත් ශක්තිය එන්නේ. මහබැංකුව කොල්ල කාපු රනිල් කම්බ හොරා එලවන්න මුකුත් කලේ නැති එකට කේන්ති ගියත්, දාලා යන්න හිතෙන්නේ නැත්තේ ඔහොම කතා කරන නිසා.

    අවුරුදු දෙකක් තිස්සේ දාගෙන ඉන්න නව ගුණ වල වීසි කරලා, පුරුදු යගදාව අතට ගන්නවා කියන එකද මේ කතාවෙන් ජනතාවට දීලා තියෙන පණිවුඩය? එල, එල, එල.

    • sujatha says:

      Champa හරියටම හරි. ඔබ තුමා අන්න ඒවගේ තදින් මෙයාලට කතාකරන්න ඕනෑ.මහජනතාවට ශක්තියක් වෙනවා ඒ විදිහට කතා කරනකොට

    • leel says:

      චම්ප….ඔබේ කතාවට තව ටිකක් එකතු කරන්න ඔනෙ….

      එකකමත් එක රටක හිටිය ලීල් කියල බිස්නස්කාරයෙක්…..එයා දවසක් එයාගෙ බිස්නසෙක දියුනු කරන්න ලීස් එකට ලොරියක් ගන්නව ලිසින් කොම්පැනියෙන්….ටික දවසක් යනකොට මිනිහට නොදැනිම් ලොරියෙ නය ගෙවෙනව වගේම මිනිහගෙ බිස්නස් එකත් වැඩිදියුනු වෙනව….දන් මිනිහගෙ ලාබය මාසෙට ලක්ස දෙකතුනක් වෙනව…මිනිහට හිටිය පුතෙක්…ඉගනගෙන නැති …බිස්නස් ගැන දන්නෙ නැති එකෙක්….කලවයස හරිනිසා මිනිහ පුතාට බිස්නස් එක පවරනව…ඒ මැට්ට මොකද දන්නවද කලෙ ? මාසෙට ලක්ස් දෙක තුන මදි කියල තාත්තගෙ බිස්නසෙක වෙනෑකෙකුට විකුනනව…..මෝඩ පුතා නිසා මුලු පයුලම අමාරුවෙ වැටෙනව….

      ඉහත කතාවෙ ලීල් වෙනුවට මහින්ද රාජපක්ශ නමත්….බිස්නස් එක වෙනුවට ස්‍රි ලන්කාවත්…..නයගත් සමාගම වෙනුවට චීනයත්, ලොරිය වෙනුවට මත්තල ගුවන්තොටුපොල හා හම්බන්තොට වරායත්, පුතා වෙනුවට මයිත්‍රි-රනිල් ප්‍රමුක ආර්තික ඔස්තාර්ල ටිකත් ආදේශ කරල බලුවනම් ඕන ගොනෙකුට තේරෙනව රටට වෙන්න යන දේ ?

      මුදල් නැති රටක රට සන්වර්දනය කරන්න පිට රටකින් හෝ ආයතනයකින් නයට ගන්න වෙනව….එහෙම ගත්ත මුදල් මහින්ද ප්‍රමුක රජය හොරා කැවනම් කොහොමද මුන් හම්බන්තොට වරාය බිලියන් 1.1 කට විකුනන්නෙ ? දඉවය කියන්නෙ මුන් කියපු බොරු මුන්ටම බොරු නෙවෙයි කියල ඔප්පු කරන්න වෙනව….මිලියන 450ක් වියදම්කල වරාය හරියට කලමනාකරනය කලානම්….මත්තල ගුවන්තොටුපොල හරියට කලමනාකරනය කලානම් තව වසර කිහිපයකින් ලාබ ලාබ ලබමින් රටම ගොඩයනව….හරියට අදිවේගී මාර්ග අද ලාබ ලබනව වගෙ….එදා පාරවල් කන්නද කියල අහපු මාර්ග පද්දතියෙ අද දිනක ලාබය දෙකෝටිය පැනල……

      මේ කරුනු නිසා තමයි 2015 ජනවාරි 8 වෙනිද කල වෙනස සැපද කියල වෙනසට චන්දෙ දීපු බත් කන හරක්ගෙන් අහන්න තියෙන්නෙ ?

      • Darshana says:

        බොහොම වටිනා අදහසක් ලීල්. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල, මිහින් ලන්කා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියන්නෙ ඉකුත් රජය සමයේ ලාභ පිට ලාභ ලබාගත්තු ආයතන. එකම දේ මේ වැඩ බැරි ආන්ඩුවට මේ සම්පත් කලමනා කරනය කරගන්න බැරි කම. නැත්තම් මන්තල ගුවන් තොටුපොලින් ලබෙන ආදායමෙන් විතරක් ලකාවේ සමස්ත ණය ප්‍රමානය වන ඇමරිකන් ඩොලර් බිලියන 64,000 ගෙවල දාන්න තිබුනා. ඒ ණය ප්‍රමානෙයෙනුත් බිලියන 8000ක් ණය චීනෙට. මත්තල විකුනල ගෙවන්න හදන්නෙ බිලියන 1000ක් විතරයි. ඉතුරු බිලියන 63,000 ගෙවන්න තව මොනව විකුනය්ද දන් නැ. මහජනතාවට වකුගඩුව ගානෙ වගෙ විකුනන්න කියය්ඩ දන් නැ ඊලග අයවයෙන්

    • Mahesh says:

      බය වෙන්න අවශ්‍ය නැහැ චම්පා, මහින්ද මහත්තයා ඇතුළු අය නියම වේලාවට නියම දේ කරයි. මට නම් පේන විදියට උපාය මාර්ග කීපයක් පාවිච්චි වෙනවා. විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු සාමාන්‍ය ජනතාව පෙල ගස්සනවා. ගෝඨාභය මහත්තයා වියත්මග හරහා රටේ උගතුන් හා රණවිරුවන් පෙල ගස්සනවා. ඒ අස්සේ බැසිල් (මම එතරම් කැමති චරිතයක් නොවුනත්) දේශපාලන ගේම් එකකුත් හිමින් සීරුවේ ගෙනියනවා. අපිට හැම වෙලාවෙම හරිම විදියට දේවල් කරන්න බැහැ. සමහර වෙලාවල් වලට විසෙන් විස නසනවා වගේ දේවල් කරන්න වෙනවා.

      • rupe says:

        100% “Mahesh” අපිට හැම වෙලාවෙම හරිම විදියට දේවල් කරන්න බැහැ. සමහර වෙලාවල් වලට විසෙන් විස නසනවා වගේ දේවල් කරන්න වෙනවා.

      • Champa says:

        Mahesh

        මට ඒවා පේනවා. මොක කලත් අර පැත්තෙන් තාම එක්කෙනෙක්වත් මේ පැත්තට ගන්න බැරි වුනානේ ඉතින්. “තීරණාත්මක මොහොතක එනවා” කියන ටොපිය ජනතාව ගිලින්නේ නැහැ. ඔය කරන්නේ දීර්ඝ කාලීන වැඩ. එහෙම බලා ඉන්න වෙලාවක් නැහැ. මහා බැංකුවේ කම්බ හොරා හොරාකෑවා මදිවට තමන්ගේ මොලේ ගැනත් පාරම් බානවා. රටේ සම්පත් ඔක්කොම කුණු කොල්ලෙට විකුනනවා. එක මාස 22කට මෙහෙම නම්, තව අවුරුදු 4ක් හිට්යොත් කොහොමද?, මෙච්චර කල්වත් ඉන්න දුන්න වැඩියි.

        සමගි වෙලා ආණ්ඩු බලය ගන්න කැමති නැත්නම්, ගහලා ගන්න ඕනේ. Neutral ඉන්න බැහැ. රනිල්ට ආණ්ඩුවට කරගෙන යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. වැටෙන තැනට වැඩ සිද්ධ කරන්න ඕනේ.

        • Mahesh says:

          කතාව ඇත්ත චම්පා. ඒ අවදානම නම් තියෙනවා. හැබැයි මට හිතෙනවා වැඩි කලක් නොගිහින්ම අපි කවුරුවත් නොහිතන වෙලාවක එක පාරටම වෙන්න ඕන දේ වෙයි කියලා. වෙන්න ඕනත් ඒ විදියට තමයි අර හූ ඇන් පී රිලව් ටික හොල්මන් වෙලා යන්න. මොකද ටික ටික එක එකාව බාගන්න ගියොත් අරුනුත් නිකම්ම ඉන්න එකක් නැහැ. අපි හොඳට මතක තියා ගන්න ඕන මේක හූ ඇන් පියේ විතරක් ගේමක් නෙවෙයි කියන එක. උන්ගේ පස්සේ ඇමරිකාව, ඉන්දියාව, දෙමළ කොටි ඩයස්පෝරාව, හම්බ අන්තවාදී සංවිධාන, බහුජාතික සමාගම් වගේ අශුද්ධ බලවේග ගණනාවක් ම තියෙනවා. උන්ට මේ වෙනුවෙන් ඇති තරම් සල්ලි පොම්ප කරන්න හැකියාව තියෙනවා. ඒත් අපේ දේශප්‍රේමී පෙරමුණේ ඉන්නේ මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා ඇතුළු කණ්ඩායමත්, රට ආදරේ තියෙන විද්වතුන් රණවිරුවන් ඇතුළු ජනතාවත් විතරයි. ඒක නිසා අපි උපක්‍රමශීලී වෙන්නත් ඕන. ඒක නිසා නියම විදියට සැලසුම් කරලා එක පාරටම කරන්න ඕන දේ කලොත් අරුන්ට හදිස්සියේම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මතක ඇති නේ.. මුන් මහින්ද මහත්තයාව පරද්දන්න පඹ තුමාව ගෙනාවෙත් ඒ විදියටම නේ. ඉතින් අපිත් ඌරගේ මාළු උගේ ඇඟ උඩම තියලා කපන්න ඕන.

          • Champa says:

            Mahesh

            I can see that you are trying hard to give them some credit. But your excuses for them are so lame, they are actually limping. 🙂

            Their strategy is like, “when a blind man carries a lame man, they both go forward”, am I right? 🙂

          • Mahesh says:

            මට නම් කාටවත් ලකුණු දෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මම ඔය කිසිම පක්ෂයක වත් සංවිධානයක වත් සාමාජිකයෙක් වත් නෙවෙයි. අඩුම ගානේ ඔය මම කියපු කිසිම කෙනෙක් පෞද්ගලිකව හඳුනන්නේ වත් අඩුම ගාණේ මුණ ගැහිලා වත් නැහැ. මමත් තවත් එක මේ රටට ආදරය කරන රට කන කාලකණ්ණින්ට විරුද්ධ සිංහල බෞද්ධයෙක් විතරයි. මම කතා කරේ රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන. එහෙම එක පාරට දවසින් දෙකෙන්ම ආණ්ඩුව පෙරලන්න පුළුවන් නම් ඔයා වගේම මමත් බොහෝම කැමතියි. ඒත් හැම වෙලාවකම අපිට බැහැ ප්‍රශ්නයක් ඇතිවෙන ඉක්මනටම විසඳන්න. උදාහරණයක් විදියට අපි ගනිමු පාරේ යද්දී හදිසි අනතුරක් වෙලා කකුලක අස්ථියක් එහෙම බිඳෙන මනුස්සයෙක්ව. අනතුර සිද්ධවෙන්න යන්නේ තත්පර ගානයි. ඒත් කොච්චර හොඳට ප්‍රතිකාර කරත් අර අස්ථිය හොඳ වෙන්න මාස 2 – 3ක් යනවා. ඉතින් ඒ කාලෙදි අර මනුස්සයාට අර කකුලෙන් ඇවිදින්න බැහැ. ඉතින් එහෙම ඉන්න එකෙනුත් ප්‍රශ්න ඇති වෙනවා තමයි. ඒ කියන්නේ ඒ මනුස්සයාට රස්සාව කර ගන්න බැහැ, ගෙදර දොරේ වැඩ පළ කර ගන්න බැහැ වගේ ප්‍රශ්න. ඉතින් එහෙම කියලා අර කැඩිච්ච කකුලෙන් ඇවිදින්න ගියොත් මොකද වෙන්නේ? අර කකුල කවදාවත් හරි යන්නේ නැතිව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් රටේ තත්ත්වයත් එහෙමයි. මොන දේ වෙලා හරි ජනවාරි අට වෙනිදා මහින්ද මහත්තයාගේ ආණ්ඩුව පැරදුණා. ඒත් ඒ වෙච්ච දේ දවස් දෙක තුනකින් ආපසු හරවනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම පුළුවන් නම් මහින්ද මහත්තයා වත් ගෝඨාභය මහත්තයා වත් විමල් මහත්තයා වත් නිකම් ඉන්න එකක් නැහැ. අනික හදිස්සියා දේවල් කරන්න ගිහින් මොන කරුමෙකට හරි ගැස්සිලා ගියොත් ආයේමත් කවදාවත් මහින්ද මහත්තයාට වත් ගෝඨාභය මහත්තයාට වත් දේශපාලනය කරන්න බැරි වෙන තැනට මේ කාලකණ්ණි යහපාලුවෝ ටිකයි උන්ගේ වටේ ඉන්න අශුද්ධ බලවේග ටිකයි වැඩ සලල්වන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් රටට අදරය කරන මිනිස්සුන්ට යන එන මං නැති වෙනවා. ඒක නිසා කරන දෙයක් හොඳට සැලසුම් කරලා කරන්න ඕන කියන එකයි මම කියන්නේ.

    • singha01 says:

      එළ කිරි ! චම්පා ඔබ කියූ දේම මටත් කියන්න ඕන වුනා. ඒ හැරෙන්න තව එක දෙයක් කියන්නම්. ඇමෙරිකාවෙ ජාතිකත්වය ගැන හිතපු මිනිස්සු නැගිටලා විශ්මිත විධියට ට්‍රම්ප්ව දිනෙව්වා. අපේ රටෙත් ඒකම වෙන්න දැන් වෙලාව හරි. නායකත්වය ඉදිරියට ඇවිල්ලා මේ වගේ කෙලින් ජනතාවට කතා කල යුතුයි. ඒ මෙහෙවර කවදත් කරපු විමල් සහෝදරයාට මෙහිදී මගේ ප්‍රනාමය!

    • Champa says:

      මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඔබතුමා පටන් ගත්ත, නිමා කරපු, නිම නොකරපු හැම සංවර්ධන වැඩකම, ඔබ ගොඩ නැගු හැම ආයතනයකම අයිතිය ඔබ දුන්නේ ජනතාවට. ඔබේ ඇස් පනාපිට දේශද්‍රෝහී ආණ්ඩුව ඒවා ජනතා අයිතියෙන් පැහැර ගෙන කොමිස් කුට්ටි බලාගෙන විදේශිකයන්ට විකුණනවා. රටේ සම්පත් ඔක්කොම මේ ආණ්ඩුව මංකොල්ල කනවා. ඔබ බලා ඉන්නවා. එහෙම හරි යන්නේ නැහැනේ. මේවාට විරුද්ධව කතා කරන්න ඔබට අයිතියක් තියෙනවා. ඔබ ගොඩ නැගු රටට මුන් කරන්න හදන විනාශේ දැක දැක ඔබ නිකම් ඉන්නවා.

      රනිල්ගේ පරගැති ආණ්ඩුවට විරුද්ධව මේ රටේ විශාල මහජන විරෝධයක් තියෙනවා. ඒ විරෝධය ඒකාබද්ධ විපක්ෂය හරියට exploit කරන්නේ නැහැ. රත්නපුරේ වගේ දේශපාලන රැස්වීම් වැඩක් නැහැ. ඒවායින් මහජන විරෝධයක සැබෑ අරමුණ නිරූපණය වෙන්නේ නැහැ. ජන විරෝධයක සැබෑ අරමුණ නිරූපණය වෙන්නේ වීදි සටන් සහ පාද යාත්‍රා වගේ දේවල් වලින්. නුවර ඉඳන් කොළොඹට කරපු පාද යාත්‍රාවේ නියම විදියට ආණ්ඩු විරෝධයක් පෙන්නුවා. පාද යාත්‍රාව අවසානයේ ඔබත් විමලුත් කරපු කතා වලට මම හරිම කැමතියි.

      ඒකීය රට බෙදන, බුදුදහමට හිමි තැන නැති කරන, (දැන් මුස්ලිම් ආගමටත් හොට දාන) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළු රටම විරුද්ධයි. විමල් කිව්වා ඉතිහාසය පුරාම දෙමල ජාතිවාදීන් ඉල්ලු ඉල්ලීම් ඔක්කොම මේකෙන් දෙනවා කියලා. මේ වෙනකම් රටේ ඒකීයභාවයට කෙලින්ම තර්ජනයක් වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පැහැදිලි ජනතා විරෝධයක් ඇතිවෙලා නැහැ. කොළොඹට ජනතාව ගෙනල්ල, කොළොඹ වීදි block කරලා ව්‍යවස්ථාවට විරුද්ධ මහජන විරෝධය කම්බ හොරාගේ ආණ්ඩුවට පෙන්වන්න ඕනේ. රටේ අගමැති විදියට මංකොල්ල කාරයෙක්, පල් හොරෙක්, පරගැතියෙක් රට පාලනය කරනවා. ඔබ බලා ඉන්නවා.

      ඔබ මේ රටේ ජනතාවට අභීත නායකත්වයක් දුන්නු රාජ්‍ය නායකයෙක්. ඔබ වගේ උදාර යුග පුරුෂයෙක් මේ රටේ ආයේ කවදාවත් බිහි වෙයි කියල කිසිම විශ්වාසයක් නැහැ. ඇල් වතුරත් නිවලා, බත් එක්ක පතෝලයි පාන්කඩයි කන රටේ ජනාධිපතිතුමාට ඔබට වගේ ශක්තියක් නැහැ අගමැති කම්බ හොරාට විරුද්ධව කතා කරන්න.

      උදාහරණයක් විදියට එතුමා මේ ලඟදි කිව්වා ගැමි කර්මාන්ත නඟා සිටුවනවා, කෘෂි කර්මාන්තය වැඩි දියුනු කරනවා කියලා. හැබැයි කම්බ හොරාගේ මුදල් ඇමති මේ දක්වා කෘෂි කර්මාන්තෙට වෙන් කරපු මුදලත් විශාල ප්‍රතිශතයකින් අඩු කරලා! (විමල් ගාන කිව්වා, මට මතක නැහැ). The President has no say! ලබන අවුරුද්ද දුප්පතුන් පොහොසතුන් කරන අවුරුද්දලු. හැබැයි මේ පාර අයවැයෙන් ටිකක් හරි ඔලුව උස්සන් හිටපු පහල මධ්‍යම සහ මධ්‍යම පන්තියත් හිඟන්නෝ, ණයකාරයෝ වෙන තැනට වැඩ සිද්ධ කරලා. He has no say! ඉතින් එතුමාට බැනලා වැඩක් නැහැ.

      ජනාධිපතිතුමාගෙන් කෙරන්න තියෙන යුතුකම් නෙකෙරෙන කොට, ඔබතුමාට අයිතියක් තියෙනවා රට වෙනුවෙන්, බුද්ධාගම වෙනුවෙන්, ඒකීය රටක් වෙනුවෙන්, රටේ සම්පත් රැක ගැනීම වෙනුවෙන්, ඇස්පනාපිට ලාභ ලබන ආයතන සහ ඔබ රටට දායාද කල මහඟු සම්පත් විකුණන එක නැවැත්වීම වෙනුවෙන් මීට වඩා ක්‍රියාශීලිව පෙරමුණට එන්න.

      නරකද ඔබතුමා මාධ්‍ය හමුවක් තියලා නිල වශයෙන්ම විදේශ ආයෝජකයන්ට කිව්වොත් පට්ට හොරාගේ හොර බඩු අරන් අමාරුවේ වැටෙන්න එපා කියලා? (චීන තානාපතිතුමා තමන්ගේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියා වගේ). එහෙම කියන්න ඔබට අයිතියක් තියෙනවා. ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරපු ලෝක දේශපාලන කරලියේ නළුවෝ ලජ්ජා සහගත විදියට කරලියෙන් බැහැලා යනවා, ආයේ නොයෙන්නම. හැබැයි එවුන් එලවන්න හදපු ඔබ තාම දේශපාලනයේ ඉන්නවා! This is your moment to shine. කම්බ හොරාගේ ආණ්ඩුව විකුණන්නේ ඔබ ගොඩ නගපු දේවල්. විනාශ කරන්නේ ඔබ ගොඩ නැගු රට. පාවා දෙන්නේ ඔබ නායකත්වය දුන්නු සිංහල ජාතිය. ඔබ බලා ඉන්නවා.

  2. Shan says:

    Onna ohoma kiyanna deviyanee

  3. perera says:

    long live our hero to save this country.jayaveevaa;;;;;;;;;;

  4. harsha says:

    ඔබ තවමත් අපේ ජනපති…

  5. Audit Superintendent says:

    Excellent move! Please give this statement a wide publicity. Say it loud and clear!

    “Don’t even think of buying our important capital investment projects.
    When we come to power soon, we’ll nationalize them without compensation,
    like Mrs. Bandaranayake did in early 1970 s!”

    • Nana says:

      Sooooo Good, Country going back by 50 years, why dont we start settling in mahiyangana jungles ??

      • S. Yahampath says:

        Nana, are you carazy? Or are you an agent of reactionary forces?
        Whether it is 50 years or 100 years old, the principle behind it is patriotic.
        Don’t sell our valuable assets to foreigners for summa.

    • Vimarshana says:

      A clear massage should be sent to all foreign missions in Sri Lanka informing that all public assets bought by their enterpreneurs will be nationalised when we ruturn to power, as all those assets have been sold against the will of the general public. The responsibility of the government is to negotiate with their so called friendly countries, and start utilising those projects efficiently, for the mutual benifit of all parties concerned. Not selling those for a song, If the government cannot turn them economically viable, it is the inefficiency of the government.

  6. Micro Man says:

    ඔය තියෙන්නෙ සර් ගින්දර වගේ.

    රටේ ස්වරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට හානී පමුණවන අමන යමපාලනයට උණ ගැනීම සඳහා ඔය ආකාරයෙන් අදහස් පල කළ යුතුමයි.වර්තමානයේදී රටට නාමික ජනාධිපතිවරයෙක් පත්වී සිටියදී රාජ්‍ය පාලනයෙන් නික්ම ගිය ඔබතුමා මෙලෙස අදහස් දැක්වීම අප හට මහත් ජවයක් හා ශක්තියකි.එය අනාගත සටනක ආරම්භයක් සේද හැගී යයි.

    ජයවේවා..!

  7. Olu says:

    Please say the same thing for ETCA and new constitution.

  8. kate says:

    Well done my President! Long life!! God Bless You!!!

  9. Saroja says:

    Dakala nathnam balaganilla konda pana athi nayakayek.

  10. Saroja says:

    Hambanthota waraya wadak nathi ekak nam ekata biliyana ganaka watinakamak awe kohenda moda thakathiru toyyane?

Main News