මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන්.. කෑම බීම මිල ඉහළ ගිහින්… තෙල් ටික ගහගන්න අමාරුයි..- ඇමති මනුෂ

June 22, 2022 at 3:50 pm | lanka C news
මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන්.. කෑම බීම මිල ඉහළ ගිහින්… තෙල් ටික ගහගන්න අමාරුයි..- ඇමති මනුෂ

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහතික විය.

ජීවන වියදමට සරිලන ආකාරයට පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දමන බවත්, ඒ සදහා අවශ්‍ය වන නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ඇමැතිවරයා සහතික විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද කීවේය.

‘අපි අලුත් විදියට ගැලපෙන විදියට අලුත් ලෝකයට ගැලපෙන කර්මාන්ත වැඩි කරන්න, ආයෝජකයින් වැඩි කරලා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයන් ලබාදීමට, රැකියාවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි නීති රීති වෙනස් කළ යුතුයි. කාන්තාවන්ට පිරිමින්ට කියලා වෙනස්කම් කිරීමට පනවලා තියෙන නීති වෙනස් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව කටයුතු කරන වැඩ ලෝකයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා

අලුත් ලෝකය ගොඩ නැගීමේදී ශ්‍රමිකයින්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා

කම්කරුවන් මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කියනවා. මේක සියයට සියයක් ඇත්ත කතාවක්. කෑම බීම මිල ඉහළ ගිහින්. තෙල් ටික ගහගන්න අමාරුයි. මේ නිසා පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නිශ්චිත අවම වැටුපක් පනවා, පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වතු කම්කරුවන්ගේ පැත්තෙනුත් වැටුප් ඉහළ දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පවත්වා, වතු කම්කරුවාටත් දැනෙන වැටුප් වර්ධකයක් ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පෙනී සිටිනවා. අපි ඔවුන් ආරක්ෂා කිරීමට කැපවෙනවා’

– media unit

19,430 views

10 Comments to “මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන්.. කෑම බීම මිල ඉහළ ගිහින්… තෙල් ටික ගහගන්න අමාරුයි..- ඇමති මනුෂ”

  1. sam says:

    ඕව කරන්න කලින් පොඩ්ඩක් ඉස්කෝලෙකට ගිහින් A /L පාස් වෙලා කැම්පස් ගිහිල්ල දැනුම ටිකක් එකතු කරගෙන ඉන්න.

  2. Imbecile says:

    Typical political parasite.

  3. SL says:

    If you think that increasing salary is the definite solution to fight inflation ,you already lost the game pal!!
    we need good economists who know how to handle the situation not these type of idiots

  4. චන්ද දායක says:

    තවමත් ජීවත් වෙන්නෙ පරන සිස්ටම් එකේ. ඒක වෙනස් වුනා කියලා මුන් හිතන්න , වැඩ කරන්න කැමති නෑ. අපිවත් ආයෙ කරකවලා පරන එකට ගන්න ට්‍රයි එකක් දෙනවා. හැබැයි අපි ඒ ගොනා වික්කා කියලා දැනගන්න . තවත් අපිව හරක් කියලා හිතන්න එපා. ලඟදීම එලවනවා ආයෙ නොඑන්න දේශපාලනයට.

  5. Liyanage says:

    I thought not to comment on these type of idiotic news but how can we develop as a country with loads of uneducated, egocentric 3rd class politically disabled idiots like this man.
    What an unfortunate situation to listen to this fool again and again…

  6. Opa-dupa says:

    අපේ රටේ ගොන් මිනිස්සු මේ වගේ කාලකන්නි ට චන්දෙ දෙනවනේ.

  7. JVP comment team says:

    මෙයා අළුත් ග්‍රහ ලෝකයකින් ආපු කෙනෙක්ද?

  8. Jayantha says:

    මේ වගේ මෝඩ කතා කියන මිනිහෙක් ඇමතිවෙලා ඉන්නකොට මේ අවුල ගොඩ දාන්න තියා හිතන්නවත් බෑ. අනික මූට ප්‍රතිපත්තියක් නෑ. ගෙම්බා වගේ කී සැරයක් එහෙට මෙහෙට පැන්නද. මේ වගේ උන්ව රටින්ම් එලවන්න ඔන.

  9. මුන් කෑව අපේ රට .... says:

    මොළේ හෝදලා ගමු …අපිට මතකයි මේ කාලකන්නියා කියපු දේවල්

Main News