මේ රජය ඉවක් බවක් නැතිව වනාන්තර විනාශ කරනවා.. පරිසරය වනසන්න නීතිත් හදනවා..

January 30, 2021 at 3:00 pm | lanka C news
මේ රජය ඉවක් බවක් නැතිව වනාන්තර විනාශ කරනවා.. පරිසරය වනසන්න නීතිත් හදනවා..

ස්වභාවික පරිසරය, ජාතික උරුමයන් ඇතුළු රටේ වටිනා සම්පත් විනාශ කරමින් එය රට සංවර්ධනය කිරීමක් ලෙසට අර්ථ දැක්වීමට පවතින රජය සහ පැවැති සෑම රජයක්ම සිදු කිරීම රටේ අවාසනාව බවට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

නිදහසින් පසු වසර හැත්තෑදෙකක් විවිධ රජයන් යටතේ දූෂිත තත්ත්වයට පත් වූ ශ‍්‍රී ලංකා මාතාව යම් තරමකට හෝ අස්වසාලීමට සමත් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රාජ්‍ය පාලන සමයේදී පමණකැයි ද සඳහන් කළ ඒ හිමියෝ ඇය ජාතිකත්වය පෙරට දමා රට පාලනය කළ අභීත නායිකාවක වූ බව ද කියා සිටියහ.

වත්මන් රජය ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කරමින් පවතින බවත්, ඒ වෙනුවෙන් දරන පනත් එහා මෙහා කරමින් ඊනියා සංවර්ධනයක් මවමින් රටේ ජනතාව බරපතළ ලෙස මුලාවේ දමමින් සිටින බව ද ඇල්ලේ ගුණවංශ හිමියෝ චෝදනා කළහ.

මෙරට පවතින ගංගා, වැව්, දිය උල්පත් සහ වන සම්පත ද වර්තමානයට දායාද වී ඇත්තේ අතීත මුතුන් මිත්තන්ට පින් සිදුවන්නට බව ද සඳහන් කළ උන්වහන්සේ එවන් සම්පත් කාබාසිනියා කරමින් මුදල් පසුපස පිම්මේ දුවන දූෂිත දේශපාළුවන් සදාකාලිකවම ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම වැඩි ඈතක නොවන බව ද කියා සිටියහ.

රට සංවර්ධනය කරනවා කියමින් වසර හැත්තෑ දෙකක කාලයක් ම දේශපාලකයා පවුල් පිටින් සංවර්ධනය වූ බවත්, තමන් වහන්සේ පාසලේදී ඉගෙන ගත් තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රට තවමත් එතැනම පල්වෙවී පැවතීම කෙතරම් කනගාටුදායක තත්ත්වයක් දැයි ද පැවසූහ.

ලොව අගනාම ස්වභාව සෞන්දර්ය ඇති රට ලෙස පිළිගැනීමට ලක්ව ඇති ශ‍්‍රී ලංකාවට ස්වභාවික සම්පත සහ ජල සම්පත ආරක්‍ෂා කර ගත හැකි වේ නම් අනාගතයේදී ලෝකයටම වතුර විකුණා ධනවතකු විය හැකිව ඇතැයි ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එය සාක්ෂාත් කර ගැනීමට කළ යුතුව ඇත්තේ චින්තන විප්ලවයක් පමණකැයි ද වැඩිදුරටත් කියා සිටියහ.

– divaina

19,937 views

19 Comments to “මේ රජය ඉවක් බවක් නැතිව වනාන්තර විනාශ කරනවා.. පරිසරය වනසන්න නීතිත් හදනවා..”

  1. පබිලිස් says:

    ගම සමග පිලිසදරක් කියල මිනිස්සු වන රක්සිතයෙන් අල්ල ගත්ත ඉඩම් බෙදල දෙනව

    • වෙබ් බුවා says:

      පබිලිස් අයිය හරියටම හරි. මේ පොරවල් වලට පරිසරය ගැන නිසි අධ්‍යාපනයක් නැතිකම තමයි පෙන්නුම් කරන්නෙ.

  2. ඇයි ලොකු තැන අර හම්බන්තොට වරාය විකුනනවෙලාවේ මොකුත් සද්දයක් දැම්මේ නැත්තේ. දැන් මේ කොලබ වරාය අවුරුදු පහකට බදු දෙන්ට යනකොට ද ඇහැරුනේ. අනේ හුකේ. ඔවු ඉතින් ඔබ වහන්සේ ඒ කාලේ රණසිංහ ප්‍රේමදාසගේ ඩීල් කාරයනේ. මතකද දවසක් දා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී දෙබිඩි කතා කියන්ට ඇවිත් පොඩිහමුදුරුවන්ට බයේ පැනලා දුවපුහැටි. ඒ මහා ප්‍රේමදාසට කඩේ යන්නට ගිහින්නේ. දැන් ඉතින් මේ සෙට්වෙන්නේ උගේ පුතාවන මෝඩ වහන්සේට කඩේ යන්නට නේද. එහෙම නැතිනම් අර අයර්ලන්තේ පුන්චිඅම්මා එක්ක සංවාසේ යෙදෙන ලපයා සහෝදරයා වත් ගෙනෙන්ටද. කොහොම උනත් ඉතින් ඔබ වහන්සේට අඩුම ගන්නේ මිනිස්සු පස් හය දෙනෙක්වත් එකතුකරගන්ට පුළුවන් උනොත් ලොකු දෙයක්. එක රොටියක් නම් කර උනා. දෙවෙනි රොටිය මෙයා වගේ තමයි පෙනෙන්නේ. නිවන් දකින්න සිව්රක් දාගත්තට දේශපාලනේ කරන්ට සිව්රක් මොකටද. මේක නිර්මල ථේරවාදය හෝ මහායානය වත් නොවේ. මේ කස්ටියට හොදම හැදින්වීම තමයි අවස්ථාවාදය. අනේ දෙවිදත් නොදුටු මොක්පුර.

  3. Suranga Niresh says:

    Ane paw. Oyala neda uda dagena munwa path karagaththe. Ane oyala dan katinda katha karanne, naththan ara pitipassa paththenda🤦🤩

Main News