මේ රට හරි ලස්සන මල්වත්තක්…සිංහල මෙන්ම දෙමළ සංස්කෘතිකයද රැක ගත යුතුයි…

August 7, 2017 at 8:40 am | lanka C news
මේ රට හරි ලස්සන මල්වත්තක්…සිංහල මෙන්ම දෙමළ සංස්කෘතිකයද රැක ගත යුතුයි…

13 වන දෙමළ ජ්‍යාත්‍යන්තර සම්මේලනය අද දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගිත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාසපති ශාලාවේදී පැවැත්විණි.

මෙය සෑම වසර 3කට වරක් පවත්වනු ලබන අතර මෙවර ශ්‍රී ලකාවේ පළමු වරට යාපනයේදී පැවැත්විය.

ජාතික සංහිදියා වැඩ පිළිවෙල අරමුණු කරගෙන පැවැත්වෙන මෙම සම්මේලනය දින දෙකක් පුරා පැවැත්වේ.

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,

‘සිංහල සංස්කෘතියේ ගතිලක්ෂණ මෙන්ම ද්‍රවිඩ සංස්කෘතික ගති ලක්ෂණද   ආරක්ෂා කරවීම සදහා  පැවැත්වෙන මෙම සම්මේලනය සම්බන්දව සියලු නායකයින්ට  මගේ හද පිරි ස්තුතිය.වර්තමානයේ නවීන තාක්ෂනය දියුණුවත් සමග සංස්කෘතිය රැකගැනීම අපහසුවී තිබෙනවා.

ඒවා ආරක්ෂා කරගැනීමට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම පිලිබදව මම ස්තුතිවන්ත වෙනවා.

මේ රට හරි ලස්සන මල්වත්තක්.මේ මල් වත්තේ එක එක ජාතියේ මල් තිබෙනවා.එක එක සුවද තියෙනවා.ඒ නිසා තමයි මේ මල්වත්ත හරි ලස්සනට තියෙන්නේ.

ඒවගේම මේ ලෝකේ එක එක සංස්කෘතීන් තියෙනවා.ඒවා හරි ලස්සනයි. මේ කෙටි කාලය තුල උතුරු පළාත විශාල දියුණුවකට ලක් වී තිබෙනවා.

මම ඉල්ලීමක් කරනවා මේ සම්මේලනයට සම්බන්ද ඔබ කොයිරටේ හිටියත් තමන්ගේ සංස්කෘතිය රැකගන්න,ආරක්ෂා කරගන්න කියලා’

– වජිර කොඩිතුවක්කු

87 views

5 Comments to “මේ රට හරි ලස්සන මල්වත්තක්…සිංහල මෙන්ම දෙමළ සංස්කෘතිකයද රැක ගත යුතුයි…”

  1. siraa says:

    Hamba nam epooooooooo, apith kemathi Hindu sanskruthiya…

  2. Niru says:

    Before the “lassana malwatta” shouldn’t he get some hair on to his head.

  3. දැන් මල්වත්තේ ඉඳන් පරවෙච්ච මල් අහුලනවද ටොනික් තට්ටයෝ බලාගෙන තොගේ මොලේට පිනිබාලා පුස් හැදෙයි????

    • OLU says:

      ආණ්ඩුකාර තුමෝ , ඒකතමයි මිනිස්සු කපලා කොටලා මරණ දෙමල සංස්කෘතිය…. හරි ලස්සනයි ..රතු මල් වගේ නේද මිනිස් ලේ ගැලුවේ / ගලන්නේ……
      . .වසර 30ක් ඒ දෙමල සංස්කෘතියෙන් අපේ රටේ සිංහලයින් 70,000 වඩා බිලි ගත්තා ඔබට ඒ බව අමතකද ? අපේ රට ජාතිය දෙමළ ජාතීන්ගෙන් බේරා ගැනීමට දිවි දුන් අපේ විරෝධාර රණවිරුවන්ට අවමන් නොකරන්න .. උතුරේ දැනට කීපාරක් පොලිස් නිලධාරීන්ට දෙමල සංස්කෘතීයේ හැටි ආවා ගෘප් එකෙන් පෙන්නුවද ?
      ඔබතුමාට පුලුවන්ද දකුණු ඉන්දියාවට ගිහින් සිංහල සංස්කෘතීයේ ගති ලක්ෂණද ආරක්ෂා කරවීම සදහා එහි කටයුතු කරන්න.. බැහැ නේද ? මෝඩ කතා කියන්න එපා .
      ද්‍රවිඩ සංස්කෘතික ගති ලක්ෂණ ආරක්ෂා කරවීමට අවශ්‍ය නම් ඔබතුමා දකුණු ඉන්දියාවට යන්න .. .මේ සිංහලයාගේ මාතෘ භුමිය ..අපේ රටේ වසර 2600පෝෂණය වුයේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ..මේ රට හැදුවේ ආරක්ෂා කලේ සිංහල බෞද්ධ සංස්කෘතිය ..අපට කුමකටද දෙමල සංස්කෘතියක් ..දෙමල ජාතිකයන්ට ඔවූන්ගේ දෙමල සංස්කෘතිය ආරක්ෂාකිරීමට අවශ්‍ය නම් නැවත තැමිල් නාඩුවට යායුතුයි එය දෙමල සංස්කෘතියෙන් පෝෂණය වූ දෙමල නිජ බිම ..අපේ රටේ ජිවත් වෙනවා නම් සිංහල සංස්කෘතිය අනුව ඔවුන් හැඩ ගැසිය යුතුයි ..ඔබේ දේශපාලන වාසි වලට රට ජාතිය සුළුජාතීන්ට පාවා දීමට උත්සාහ නොකරන්න ලැජ්ජයි ඔබේ අදහස් ගැන ….
      ඔබ වැනි පුද්ගලයින් අපේ රටට පිළිලයක්

  4. JUDE says:

    ලෝකේ සිටින සියලුම LTTE ත්‍රස්තවාදී දෙමළුන්ට ඔවුන්ගේ සංස්කෘතිය රැකගන්න ආරාධනා කරන්නේ කළු සුද්දෙක් ….මොහු කොටි එම්මානුවෙල්, රායප්පු වැනි කොටි පුජකයන්ගේ සහය දෙනවා වගෙයි ඊළම හදන්න .. කොටි දෙමල කතෝලික සභාවෙන් හොද කප්පමක් ගෙවලා වගෙයි මොහු කතෝලික නිසයි උතුරේ කොටි දෙමළුන්ට සහය දක්වන්නේ …..ලැජ්ජයි අපේ කතෝලික සභාවටම නින්දාවක් ..මොහු සිංහලයෙක්ද ?

Main News