මේ වසරට ඩෙංගු රෝගීන් 21,000යි.. ඩෙංගු මර්දන සහායකයින් 500කට පත්වීම්..

March 18, 2017 at 5:30 pm | lanka C news
මේ වසරට ඩෙංගු රෝගීන් 21,000යි.. ඩෙංගු මර්දන සහායකයින් 500කට පත්වීම්..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බඳවා ගත් ඩෙංගු මර්දන සහායකයින් 500 පුහුණූවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සදහා අනුයුක්ත කිරීෙමි උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (18) පෙරවරුෙවි දී පැවැත්විනි.

මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. පළමු අදියර යටතේ බස්නාහිර පළාත සදහා පමණක් ඩෙංගු මර්දන සහායකයින් 500 ක් බඳවාගෙන ඊට අදාල පුහුණු කිරීමි කටයුතු පසුගියදා සිදු කෙරිනි. එම පුහුණුව අවසන් කළ මදුරු මර්දන සහායක නිලධාරීන් අද දින (18) ක්ෂේත්‍ර රාජකාරී සදහා යොදවන ලදි.

මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනිම සිදු කරන විට අමාත්‍ය මණ්ඩලයේ දී විවිධ ගැටළු ඇති වුනත්, ජනාධිපතිතුමා ඊට පුර්ණ සහයෝගය ලබාදුන්නා. ෙමි වනවිට 500 ක් බඳවාගෙන ඇති අතර, ඉතිරි 1000 ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිතයි. මෙම මදුරු මර්දන සහායකයින් 500 දෙනාගෙන් තෝරාගත් 100 ක් ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටුයුතු සදහා ලබන සදුදා සිට යෙදවීමට තීරණය කර තිඛෙනවා. සෞඛ්‍ය සේවාව අද මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය වන්නේ එචි.අයි.වී සහ ඩෙංගු උවදුරයි. අනෙකුත් බෝවන රෝග අපි මර්දන කර තිඛෙනවා. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 21,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වුනා. ඉන් 8,800 ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු මදුරු මර්දනය ජාතික ව්‍යාපාරයක් ලෙස සළකා රාජ්‍ය නායකයා මෙම අවස්ථාවට එක්වීම මම අගය කරනවා. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වුනා.”

මෙම අවස්ථාෙවි දී ඩෙංගු මර්දන සහායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

29 views

2 Comments to “මේ වසරට ඩෙංගු රෝගීන් 21,000යි.. ඩෙංගු මර්දන සහායකයින් 500කට පත්වීම්..”

  1. GAMARALA says:

    ගොටාබය තුමා පිරිසිදු වට තියා ගත්ත මේ රට කාලකන්නි යමපාලනය විනාස කරනවා මුන්ව පන්නා දාමු

  2. Boo says:

    වැඩ බැරි හිටපු සෞඛ්‍ය ඇමති හිටං සහ දැන් ඉන්න වැඩ බැරි සෞබ්‍ය ඇමති හුටං ගෙ සෙප්පඩ විජ්ජා වල බලේ තමයි හිටං.

Main News