මේ සංවර්ධනය ඉදිරියටත් කරගන්න ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාපය දිනවන්න..

November 28, 2017 at 4:40 pm | lanka C news
මේ සංවර්ධනය ඉදිරියටත් කරගන්න ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාපය දිනවන්න..

‘තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ , රැකියා වෙලඳපොලට අවශ්‍ය වන වෘත්තිකයින් බිහිකිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරනවා’ යයි ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ නාවලපිටිය -හයින්ෆෝට් හි ඉදිවන උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ඉදිකිරීමට මුල් ගල තැබීමේ උත්සව අවස්ථාවට පසුගිය දා එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

‘තමුන්නාන්සේලා හොඳටම දන්නවා මම 1989 දේශපාලනය පටන් ගත්තා දා සිටම මට නාවලපිටිය ආසනයෙන් විශාල දායකත්වයක් ලැබුනා. මගේ පලමු මැතිවරණය 1989 බලාපොරොත්තු නැති විදිහට නාවලපිටිය ඡුන්ද කොට්ඨාශයෙන් ඡුන්ද 5000 ක් ලැබුණා. එදා වැඩ කරපු අය අද අපි ඉදිරියේ සිටිනවා . රටේ ග‍්‍රාමීය පළාත් වල රැකියා නැති විශාල පිරිසක් සිටිනවා , අපිට රැකියා අරගෙන දෙන්න බැහැ නමුත් රැකියාවක් ලබා ගන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්න පුළුවන් . අන්න ඒකයි එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය .

සෑම කෙනෙකුටම රජයේ රැකියා දීලා මේ රැකියා ප‍්‍රශ්ණය විසඳන්න බැහැ. ඒ අනුව තමයි මේ උසස් තාක්ෂණික ආයතනය අපි ආරම්භ කලේ. මම සියළු දෙනාටම කියනවා මේ ආයතනයේ පුහුණුවක් ලැබුවහොත් අනිවාර්්‍යයෙන්ම රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ ආයතනයෙන් පිටවන සියයට අනූපහකට අද රැකියාවල් තිබෙනවා. එම නිසා මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්න. විශේෂයෙන් ආනන්ද අලූත්ගමගේ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා මම මේ අදහස දුන්නාට පසුව මේ කාර්යය සාර්ථක කරගන්න උදව් කිරීම ගැන මාහට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ලැබුනේ, පසුගිය ජනාධිපතිවරණයේ දීත් පාර්ලිමේන්තු මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය විශාල ජයග‍්‍රහණයක් ලැබූ නිසයි. අපි ජනාධිපතිවරණය ඡුන්ද 85,000 කින් දින්නා. පාර්ලිමේන්තු මැතිවරණය ඡුන්ද 135,000 කින් දිනුවා.

ගරු අග‍්‍රාමාත්‍යතුමා මේ අමාත්‍යාංශය මට ලබා දුන්නේ අපි ලබා ගත්ත ජයග‍්‍රහණය නිසා. ඒ ජයග‍්‍රහණය මට තනිවම ලබා ගන්න බැහැ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් ඔබ සැමටම මගේ ප‍්‍රණාමය මේ අවස්ථාවේ දී පුද කරනවා.

මේ ආයතනය ආරක්ෂා කර ගැනීම ඔබ සියළුදෙනාගේ යුතුකමක්. මෙම ආයතනය ඔබ තමුන්නාන්සේලාගේ අනාගතය සකස් කර ගැනීමට , ශක්තියක් ධෛර්යයක් වේවා යි ප‍්‍රාර්ථනා කරමින් , ඉදිරියේ දී එන ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ජයග‍්‍රහණය කර මේ ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධනය ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා .

මෙම අවස්ථාවට මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලකී ජයටර්ධන , ආනන්ද අලූත්ගමගේ , වඩිවේල් සුරේෂ් සහ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හිලරි ඊ සිල්වා මහතා සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

– රජිත සමරසූරිය

159 views

13 Comments to “මේ සංවර්ධනය ඉදිරියටත් කරගන්න ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාපය දිනවන්න..”

  1. Saradiel says:

    බැංකු හොරු මවිබිම විකුණා කන දේශපාලුවෝ නිදල්ලෙ””කුසගින්නට අඹ ගෙඩි 3 කැඩු අහිංසක අමිමා කුඩුවෙි

    https://www.facebook.com/sunimalreturn/videos/720689631467200/

  2. Pal says:

    This is the first person to go to the prison in the next election.

  3. vishnu says:

    මුගේ මලහොන්තු මුණ දැක්කම චන්දෙ දෙන්න නෙවෙයි
    මූනට දෙකක් අනින්නයි හිතෙන්නෙ

Main News