මෛත‍්‍රීගෙන් දැඩි විරෝධයක්….

August 17, 2022 at 7:10 pm | lanka C news
මෛත‍්‍රීගෙන් දැඩි විරෝධයක්….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහාය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2022 අගෝස්තු මස 17වන දින

මාධ්‍ය නිවේදනය

2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබේ.

අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛනය පරිශීලනය කිරීමේදී පැහැදිලි වන්නේ බොහෝ පිරිසකගේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ මිස එය හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවයි.

එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පැහැදිලිවම රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක මෙවැනි ආකාරයක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා අපගේ විරෝධය සහ අසතුට මේ මොහොතේ රජයට ප්‍රකාශ කරමු.

මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවේ.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

57,635 views

5 Comments to “මෛත‍්‍රීගෙන් දැඩි විරෝධයක්….”

  1. යහපාලනය හා පොහොට්ටු කැපිල්ලට ගොදුරූ වූ බයියා says:

    යහපාලනය හා පොහොට්ටු කැපිල්ලට ගොදුරූ වූ තාක්ෂණ සංනිවේදන ආයතනයේ හිටපු අයට පොරොන්දු වුන සහනයක් නෑ. කට්ටිය ගොඩ බෙදාගෙන කනවා. අයියෝ අයියෝ.

  2. වෙබ් බුවා says:

    හිටංගෙ ගෙටත් ගිනි තිබ්බ නං මේ කතාව වෙනස් වෙන්න තිබුණ

  3. SL says:

    රනිල් සීයේ උඹ රට හදන්න ආවනම් රට හදපිය.
    සාගල, අකිල ලාට කිසිම හැකියාවක් නැති තනතුරු දීල රටේ මුදල් කෝටි ගණන් නාස්ති කරන උඹල , හොරා කාල අහුවෙලා ගෙදර යවපු බෙසිගේපුතාලට වන්දි දෙන්න හදන්නේ තෝ ගෙදරින් ගෙනාපු සල්ලි ද ?
    තොපි මේ රටට කෙලවල තියෙන හරිය ඇති. පුළුවන් නම් හරියට කරපන් නැතිනම් පලයන්. රාජපක්ක හොර පවුල එලවපු මිනිස්සුන්ට උඹව එලවන එක කජ්ජක් නොවේ . මිනිස්සු නිදාගෙන ඉන්නේ සිහියෙන් , අවසිහියෙන් කියල හිතනවානම් උඹ ට වැරදිලා

  4. Susantha says:

    මේ සියලු දෙනාම ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නිදොස්කොට නිදහස් කරපු හෝ නීතිපති වෙතින් නඩු ඉල්ලා අස්කර ගත් නිදහස් නඩු ඉල්ලා අස්කර ගත් කාලකන්නි

  5. Chamara says:

    අපේ මේ රට මේ වගේ අගාධයකට තල්ලු කරපු ඔය කියන දේශපාලන සක්කිලි එකෙකුටවත් එක සතයක් දෙන්න වටින්නෙ නැහැ.

Main News