මෛත්‍රි-සජිත් විනාඩි 15ක රහස් දුරකථන සංවාදය රංගේ බණ්ඩාරට හසුවේ.. වේදිකාවේදී රතු කට්ට පනී..
September 9, 2019 at 12:02 am | lanka C news
මෙය උපුටා ගන්නා ලද්දේ එජාප රනිල් පිලේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් මෙහෙයවන බව කියන lankanewsweek වෙබ් අඩවියෙනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබාදීී තිබේ.
මෙහිදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත්ස ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර විනාඩි 15ක පමණ සංවාදයක් සිදුව ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට තමා තරග කරන බව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කරද්දී, සජිත් ප්‍රේමදාස මහතා සිට ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි දරු දැරියන් වෙනුවෙන් ඉදි කෙරෙන දහම් පාසල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල් තැබීමේ උත්සවයකය.
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථන ඇමතුමට සම්බන්ධ වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (P.S.O) වන අතර වහාම ක්‍රියාත්මක වූ ඔහු අදාළ උත්සවයේ වේදිකාවේ සිටී සජිත් ප්‍රේමදාස මහතාට සියලු දෙනා ඉදිරියේ ඒ බව දැනුම් දී දුරකථනය ඔහුගේ අතට දෑතින්ම දී තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සජිත් ප්‍රේමදාස මහතා උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම පාලිත රංගේ බණ්ඩාර මහතාට පවරා,ජංගම දුරකථනය අතට ගෙන වේදිකාවෙන් බැස ගොස් සිය වාහනයට නැගී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විනාඩි 15ක පමණ වේලාවක් විශේෂ සංවාදයක යේදී ඇත.
මේ සිද්ධිය දෙස කෝපයෙන් යුතුව බලා සිට ඇති පාලිත රංගේ බණ්ඩාර මහතා, එහි සිටි දිලිප් වෙදආරච්චි මහතාගේ මුහුණටම චෝදනාත්මක ස්වරූපයෙන් කියා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයට සහ නායකයාට විරුද්ධව ජනාධිපතිවරයා සමග දේශපාලන කුමන්ත්‍රණ සහ කූට ගනුදෙනු කරන කිසිවෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා නොදෙන අතර කවුරු වුවත් එවැනි පුද්ගලයන් පරාජය කිරීමට සිය උපරිම ශක්තිය යොද වන බවය.
පාලිත රංගේ බණ්ඩාර මහතාගේ වාග් ප්‍රහාරය හමුවේ දිලිප් වෙදආරච්චි මහතා කිසිවක් කියා ගත නොහැකිව බලා ගත් අත බලා ගෙන සිට තිබේ.
සුජිත් මංගල ද සිල්වා
– lankanewsweek
සිරිසේනගේ ආශීර්වදෙන් අතෙන් හෝ බුලත් කොලෙන් සජිත්ට ඉල්ලන්න පුළුවන්. JVP, පාඨලී, මුස්ලිම් පක්ෂ, TNA සියලුම දෙනා සහය දෙනවා. පොහොට්ටුව තනිකරලා යහපාලනයේ රනිල් පාර්ශවය වෙන්කරලා සියළුම කුණු ඔවුන් මත පටවලා යහපාලන ආණ්ඩුවේ මොකක් හරි හොඳක් තියනවානම් ඒ ටික සිරිසේන හරහා අරගන්න පුළුවන්. බලපෙරේත සිරිසේනටත් කට්ටක් දෙන්න වේවි. කොහොමද ටිකිරි මොලේ. SLFP සහ UNP චන්ද දායකයන් අතරින් මොලේ අඩුම දේශද්රෝහිකම තියන ටික දෙනා ඔය මලඉලව් සන්ධානෙට චන්දෙ දේවි.
Rangay Oya Enavada?
Kavuru aavath enne thamange balaya raka ganna
all politicians are concerned about two things
1 Getting more power
2 Holding on to power
THEY DO NOT CARE ABOUT PEOPLE