අවුරැද්දක් හිතල කියූ මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..

October 5, 2016 at 1:06 am | lanka C news
අවුරැද්දක් හිතල කියූ මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.

එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.

නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.

එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.

001 002 003 004005

68 views

59 Comments to “අවුරැද්දක් හිතල කියූ මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..”

  1. shani says:

    Kisiwekuta oya ayithiya kiyanna baha urumakkarayo lankawe tax gewan janathawai. loku lokkange budalayak
    mowe.

  2. singha01 says:

    අර අම්මන්ඩි කිව්ව නේද මෙ නෙලුම් පොකුන බිල්ඩිම කක්කුස්සි පොච්චියක් වගෙයි කියල. එතකොට එයාම පටන් ගත්ත එක ගැන නේද ඒ කියල තියෙන්නෙ ? හෑ?

  3. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    පොළොන්නරුවෙ නෙළුම් පොකුණ හැදුවෙ අපේ මී මුත්ත කියල මට කිව්වෙ අපේ කිරි අත්ත හිටං.

  4. තිස්ස says:

    ඊයේ ගුරු රැස්වීමකට නෙළුම් පොකුණට ගිය ඡනාධිපතිතුමා සමරු පලක දිහා බලන්නෙවත් නැතුව බිම බලාගෙන යන්න ඇති….

  5. ruwan says:

    That is why we say MR is a “Patta Choraya”.

  6. saman says:

    අනේ සියේ රහස නම් අපුරු ඉ, අවුරුද්දක් මේක රැකගෙන හිටියට ඔබට තුති, නමුත් රහස එලි දැක්ක ගමන් ඇගේ රෙදිටික ගැලවිලා ගිය බව නොදැනෙන එක තමා ප්‍රශ්නේ

Main News