මෛත්‍රීපාල යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක්.. දුව ලියූ ‘ජනාධිපති තාත්තා’ පොතේද එය කියනවා..

January 14, 2022 at 1:20 pm | lanka C news
මෛත්‍රීපාල යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක්.. දුව ලියූ ‘ජනාධිපති තාත්තා’ පොතේද එය කියනවා..

කශේරුකවක් තිබෙනවනන් කශේරුකාවක් තියනව කියල පෙන්විය යුතු බවත් ඒ සදහා බෝක්කු වල පාලන් වල කතා නොකොට ආණ්ඩුවේ කන්ඩායම් රැස්වේම් වල කෙලින් කතා කලයුතු බවත් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමන් ජනවාරි 13 වන දින බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවති මාද්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කරන ලදී .

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක් බවත් එතුමන්ගේ දියණිය විසින් ලියන ලද ” ජනාධිපති තාත්තා ” කෘතිය කියවූයේනම් එතුමන් ගැන අවබෝධ කරගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ ය. ඉන්න අයට ඉන්න පුලුවන් යන අයට යන්නත් පුලුවන් හෙයින් ආන්ඩුව තුල සිටම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ නොකොට සාකච්ඡා මාර්ගයෙන් කෙලින් තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. එමෙන්ම ඉදිරි වසර තුනක කාලය ඉතා වැදගත් බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට වැඩ කරනවා මිසක එක එක්කෙනාගේ පදනම් විරහිත විවේචන, චෝදනා, ප්‍රකාශ වෙනුවෙන් විනාශ කරන්න කාලයක් නොමැති බවත් එතුමන් මෙහිදී ප්‍රකාශ කලේය.

එමෙන්ම විපක්ෂය සන්ධාන සෑදීම පිලිබඳවද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂය කුමන සන්ධාන සෑදුවද විපක්ෂයේ පිරිස පිලිබඳව බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන අති බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම සන්ධාන හැදෙන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් ය. එමෙන්ම ආණ්ඩුව සිදුකරන දේවල් වැරදිනම් පදනම් විරහිත චෝදනා නොකට අදාල චෝදනාවට විකල්ප ඉදිරිපත් කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ළිං මැඩියන් සේ නොඉද ලෝකය දියුණු යැයි සම්මත රටවල ආර්ථිකයට සිදුව ඇති දේද විමසිලිමත්ව බලන ලෙසත් එවිට මෙරට තත්ත්වය කෙතරම් හොඳද යන්න වැටහෙනු ඇති බවත් බඩු මිල සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

17,413 views

6 Comments to “මෛත්‍රීපාල යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක්.. දුව ලියූ ‘ජනාධිපති තාත්තා’ පොතේද එය කියනවා..”

  1. පුත්තලම් පූට්ටු බූරුවා says:

    අපෝ ඔන්න කට ඇරියා ප්‍රතිපත්තියක් ඇත්තෙම නැති එකෙක්. මුන් ඔක්කොම සිරිසේන ට බයවෙලා කියන එක නම් පේනවා.
    එක එකාට මඩ ගහන්නේ නැතුව පුළුවන් නම් තනියම වැඩක් කරලා මිනිස්සුන්ට පෙන්නපන්,.

  2. Baba says:

    ඉස්ගෙඩියා ගෙම්බා උනා, ගෙම්බා ඉස්ගෙඩියා උනා, දැන් ආයේ ගෙම්බා වෙන්න දගලනවා.තවත් බූරුවො ඉදියිද ලංකාවේ.

  3. Truth says:

    Agreed minister. If not will not appointed MR for 52days and make a mess in the country after coming to pover with UNP support

  4. චන්ද දායක says:

    ලංකාවේ දේශපාලනය කොහොම රහ ඇතිද ? මේ තරම් දාලා යන්න බැරුව බදාගෙන ඉන්නෙ . මං කිව්වෙ මෛත්‍රී ගැන.

  5. පොඩි එකා says:

    දේසපාලුවොන්ට ගරු නම්බු පටවා පුම්බන සංස්කෘතිය ලංකාවේ මිනිස්සු කවදා නවතා ගනී ද?

    කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමන්” කියන්ඩම ඕනෙද,

    “කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා” කියා සරල වෙන්ඩ බැරිද?

  6. බොල්පිලිමා says:

    ඒ එයානෙ ඔයැයි කොහොමැයි

Leave a Comment

Main News