මෛත්‍රී අත්අඩංගුවට…? – දයාසිරි කියයි

January 15, 2022 at 11:20 am | lanka C news
මෛත්‍රී අත්අඩංගුවට…? – දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඔහු මේ බව පසුගියදා පැවති විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවකදීත් අනාවරණය කළේය.එයද අවසාන වශයෙන් සිදු කළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අතර විවිධ හේතු මත ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් දෙපාර්ශවයට චෝදනා කිරීම නිසා හටගෙන ඇති අරගලය දේශපාලන පිපිරීමකින් නුදුරේදීම අවසන් වනු ඇතැයි දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයන් දෙදෙනෙක් පැවසූහ.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කිරීම නිසා ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙසට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමට තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් ඉදිරි සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවීමට තීරණය කර ඇතැයි සඳහන්ය. එසේම ශ්‍රීලනිපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් ගෙන එමින් තම පක්ෂයට දන්වා ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ නොසිට ඉවත් විය යුතු බවය.

එම යෝජනාව ඉදිරියේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත. එහෙත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් ඊට අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ තවදුරටත් ශ්‍රීලනිපය ආණ්ඩුව සමඟ සිටිය යුතු බවය.

කෙසේ වෙතත් එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකු කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවද දැනගන්නට ඇත. මෙම දේශපාලන පිපිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තවම ආණ්ඩුවෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බවත් එය මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීරණය ඔස්සේ සිදු කරන බවත්ය.

– deshaya

58,899 views

12 Comments to “මෛත්‍රී අත්අඩංගුවට…? – දයාසිරි කියයි”

  1. Saman says:

    යකෝ අත් අඩංගුවට ගන්ඩ ඕනෑ මයිත්‍රී නොවේ කලින් හිටපු මහ හොරා. රටම හොරා කාල තාමත් යන්නේ නැතිව හොරාකනව. මේක මුන්ටම ගිය රටක් .

    • Athula says:

      නැහැ පාස්කු ප්‍රහාරයේ සියළුම සැලසුම් වලට ආරක්ෂාව සපයා දුන්නෙ my3

  2. Love nature says:

    “කල කල දේ පල පල දේ කියන්නේ මේවට තමා”

  3. The Funeral Director says:

    දැන් උන් උන් කා කොටා ගන්නවා. රට සංවර්ධනය නෙමෙි මුන් කතාකරන්නෙ. කාලෙකට ඌට ⁣මූ හොඳයි , මූට ඌ හොඳයි.
    හිටපු ගමන් ගදයි. ආයි ගද සුවද කරන් ලෙව කනවා. ආයි කනෝ කනෝ කියනවා.
    ඊට පස්සෙ ටිකක් සද්ද නැතුව ඉන්නවා. මෙන්න මූ තමයි අරකට ඇරියෙ කියනවා. අරකට ඇගිල්ල දික්කරාම ජනතාව ඇගිල්ල දිහාබලන් ඉන්නවා. ඒ අතරෙ මු ගහින් ආයි අරෑගෙ ලෙවකනවා.

  4. Love nature says:

    යුක්ති ධර්මේ ජය ගනීවී..

    යුක්ති ධර්මේ ජය ගනීවී..
    දිලෙන ලෙස දිනිදා..

    නැත්ත නැතිවේ…
    ඇත්ත හෙලිවේ..
    යම් දිනෙක මතුදා..

    ඔහු එදා…ඔහු එදා..

    පිහිටවත් නොලැබෙයි..
    ඔහුගෙ සෙවනැල්ලේ..

    • Sinha le says:

      අර්ජුන් මහේන්ද්‍රන් , හිස්බුල්ලා , බදියුදීන් ,රනිල් ,රාජිත ඇතුළු හොර නඩේ අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

  5. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මෛත්‍රීව විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පාස්කු ප්‍රහාරයට සියලු ආකාරයෙන් උදව් කළ සියලු දේශපාලඥයන් අත්අඩංගුවට ගත යුතුයි. වෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ. මේ රටේ කවදාවත් සාධාරණයක් ඉටු වුණේ නැහැ මේ පළවෙනි බෝම්බ පිපිරීම වත් මිනීමැරුම වත් නොවේ. හැත්ත හතේ බලයට පැමිණි ඇමෙරිකන් ඩිකී ගේ පාලන දිනයේ සිට මේ රටේ සාමය නීතිය විනාශ වී ගියා.

  6. punnakku.baiya says:

    උපන්දා සිට කරපු පවු නැත.
    එදා රාජපස්සලගෙන් අමාරුවෙන් රට ගලවාගන සිරිසේනට බාරදුන්නට පස්සෙ ඒ ජයග්‍රහණය පාවා දිපු ගමරාලට නිසි දඩුවම් ලැබුනොත් ඒකම ඇති ජීවිත කාලයක් කරපු හොරම් වල පවු ගොවාගන්ට, රාජපක්සලාට.
    හැබැයි එගෙමයි කියල පස්සලා අපාගතවෙන එක වලකින්නෙ එහෙම නෑ ඕං.

  7. Felix says:

    Hingana Rela Yana Ena Man Nathiwa Inna….. Ranil Wage Bada Gena Inna

  8. ලපයා says:

    ලංකාවේ ක්‍රිකට් කාපු හිටන් හුටං රිලාසිරියට සුදුසුම තැන වැසිකිළි වල

  9. Sarath Jb Rajaguru says:

    My3 was made the president due to the fact thst RW was found to be politically impotent to win the presidential election. However he could have done something positive for the country if he hadn’t trusted & obeyed RW. He sacrificed his chance for the meagre purposes of RW & MR. Now not only an arrest but also an imprisonment is also possible for him.

Leave a Comment

Main News