මෛත්‍රී ජනාධිපතිවරණයට තරග නොකලා නම් මහින්ද අදටත් ජනාධිපති.. එය වෙනස් කලේ මෛත්‍රී ජනපතියි.. – ෆයිසර්

December 16, 2016 at 7:07 am | lanka C news
මෛත්‍රී ජනාධිපතිවරණයට තරග නොකලා නම් මහින්ද අදටත් ජනාධිපති.. එය වෙනස් කලේ මෛත්‍රී ජනපතියි.. – ෆයිසර්

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය දුන්නේ එතුමාට ආදරේට නෙවි, එතුමා හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරද්දන්න අපේක්ෂකයකු නැහ කියලා. ඒ නිසා සමහර උදවිය කියනවා නම් අපිට යන්න කියලා ඒ උදවියට අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති උනේ නැත්නම් අද මේ රජයත් නැහ කියන එක මම වගකීමෙන් කියනවා” යයි පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසීය.

එදා ජනාධිපතිවරණයේ පැවැත්වූ අවස්ථාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන්ම මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයකු වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේන් ඉවත්වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනා නම් අද යූ එන් පී ආණ්ඩුවක් හෝ ඔහුනට රජයක් පිහිටුවීමට නොහැකි වන බව අද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට චෝදනා කරන යූ එන් පී එකේ අය දැන ගත යුතු යයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙයින් ඉතා පැහැදිලි වන කාරණාව වනුයේ පසුගිය ජනාධිපතිවරණයේ ඉතා උපක්‍රමශීලීව සියලු පාර්ශවය එකතුවී ඉතා සංවිධානාත්මකව ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණ ඉදිරිපත්කල ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්වී ක්‍රියා කල ආකාරයයි.

එමෙන්ම මැතිවරණයකදි ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛව ප්‍රගතිශීලි මෙන්ම වාමාංශික පක්ෂ සමඟ සදාකාලිකව විරුද්ධව කටයුතු කරන යූ එන් පී එක සහ එහි නායකත්වය සමඟ එකතුවී ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණ ඉදිරිපත්කල ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට කටයුතු සිදු කල ආකාරයයි.

10 views

16 Comments to “මෛත්‍රී ජනාධිපතිවරණයට තරග නොකලා නම් මහින්ද අදටත් ජනාධිපති.. එය වෙනස් කලේ මෛත්‍රී ජනපතියි.. – ෆයිසර්”

  1. daham says:

    ohe kiyanna e desapaalana kupaadikama mayithree kalaa kiyala ehenam.

  2. minimuthu says:

    ෆයිසර් ගොයියෝ.. මෛත්‍රී දිනයි උතුරේ ජාතිවාදී චන්දටික නොලෑබෙන්න.. බලාගෙන ඉන්නවා මීළඟ චන්දෙන් වෙනදේ…ඔහේ චන්ද කොට්ඨාශ මායිම් වෙන්කරන්ණේ කාට වාසි වෙන්නද? නෑගෙනහිරින් අම්පාර වෙන්කරලා සිංහල චන්ද ඉවත් උනාම කාටද ආඩම්බර? වන්නියෙන් වවුනියාව ඉවත් කළාම සිංහල චන්ද නැති ඊළම නිකම්ම හරියනවා නේද? මෙතෙක් කල් චන්දෙ තිබුණේ මේ ලංකාවෙම තමයි.මෙම අමාත්‍යංශය සිංහල මිනිහෙකුට නොදුන්ණේ කාගේ උවමනාවටද??

Main News