මෛත්‍රී ජනාධිපති ධුරය දැරීමට සුදුසු නෑ.. අප රාජපක්ෂ පෙරලුවේ මෙවන් දේ බලාපොරොත්තුවෙන් නොවේ…
December 12, 2018 at 10:43 pm | lanka C news
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැසිරීම අනුව ඔහු තවදුරට ජනාධිපති ධුරය දැරීමට නුසුදුසු අයකු බව ප්‍රදර්ශනය කරන බවත් රටේ දැනට උද්ගත වී ඇති දේශපාලන අර්බුදයට ජනාධිපතිවරයා සෘජුව වගකිව යුතු බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවැසීය.
හෙතෙම මේ අදහස් පළ කළේ ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවන විද්වත් කතිකාව’ මැයෙන් මීගමුව පෝරතොට ශෙරිලෑන්ඩ් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයේ දේශනයක් පවත්වමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා,
‘ජනාධිපතිවරයා ඔහුට ඕනෑ හැටියට හැසිරීමට පටන් අරන්. යහපාලන ආණ්ඩුව ඇති කිරීමේදී එදා සෝභිත නායක හිමි සමඟ අස්සන් කළ ගිවිසුමට මොකද වුණේ. මෛත්‍රිපාල සිරිසේන මහතා එය අමු අමුවේ කඩකළා. විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට නොගැළපෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔප්පු කර පෙන්නුවා.
පවතින අර්බුදය දේශපාලන ආචාරධර්මවලට පමණක් නොව සදාචාරයට විරුද්ධවයි. පැනනැඟී ඇති ප්‍රශ්නවලට විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පමණක් සොයන්න බැහැ. මේ පවතින තත්ත්වය ව්‍යවස්ථාව අවභාවිත කිරීමක් හැටියටයි මම දකින්නේ.
අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවේ. පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසේන මහතා තේරුම් ගත යුතුයි. දැන් ඡන්ද දායකයන් හොඳට බුද්ධිමත්ව හිතනවා. දේශපාලන පක්ෂවලට ගැති වී ඡන්දය දෙන්න තරම් ලංකාවේ ඡන්ද දායකයන් දැන් මෝඩ නැහැ
– mawbima
Malayak,Karabuwak hadagena hitapan Achariyo.
මේ රථා චාර්යය වරු තමයි එකතුවෙලා රට කෑවෙ. මුන්ට ඕන විදිහට කරන්න මූ රටේ ජනතාව නියෝජනය කරනවද.ලගදිම දුටු තැන ගුටිකන්න තමයි වෙන්නේ.
me manussaya nitharama wasi, thanathuru hoyagana yana wala minisek ADUKULE NISA HEENAMANAYEN PELENAWA. YAKO GANNA PADIYATA HEMADAMA PANTHIYATA GIHIIN UGANWAPAN. GANNA PADIYATA WEDA NOKARANA MINISEK
aaaa oya peraluwada Nirmal? ayi ithin My3 wa thoragaththe?