මෛත්‍රී නම් ‘නංගි’ ඉස්සරහට දාලා රනිල් නම් ‘කැත අක්කා’ පෙළවහට දීලා..

September 30, 2016 at 4:06 am | lanka C news
මෛත්‍රී නම් ‘නංගි’ ඉස්සරහට දාලා රනිල් නම් ‘කැත අක්කා’ පෙළවහට දීලා..

යුද්ධයෙන් පසු මේ පොළොවේ උපන් සැබෑ සංහිඳියාව මරා දමලා. අද ‘චන්ද්‍රිකාගේ සංහිඳියාව’ යටතේ ජාතිවාදය පැටවු ගහමින් තිබෙනවා
– ජානිපෙ නායක විමල් වීරවංශ

යුද්ධයෙන් පසුව මේ මව් පොළොවේ සිංහල දෙමළ ජනතාව අතර සැබෑ සංහිඳියාවක් ඇති වෙමින් පැවැති බවත් වත්මන් ආණ්ඩුව තමන්ට බලයට ඒමට සහයෝගය ලබාදුන් ජාතිවාදී කල්ලිවලට රිසිසේ වැඩෙන්නට ඉඩ දීමෙන් පැවැති සංහිඳියාවද මරා දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන නැමැති ‘නංගි’ ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහ නැමැති ‘කැත අක්කා’ පෙළවහට ගත්තු මේ රටේ ජනතාවට අපි කිව්වා, ‘කොටියට ඕනේ නැගිටින යුගයක්-ඒකට ඕනේ මෛත්‍රී යුගයක්’ කියලා. ඒත් එදා සමහරු ඒක විශ්වාස නොකරන්න ‘රක්‍ෂණ සහතිකයක්’ ලෙස පාවිච්චි කළේ ‘එහෙම වෙන්න විදියක් නැහැ. මෙතැන චම්පික රණවක, රතන සාදු ඉන්නවානේ’ කියන එක. නමුත් ‘ගෙවී ගිය වසර එකහමාර තුළ දෙමළ බෙදුම්වාදය තර වුණේ කවරාකාරයටද?’ කියන එක ‘දේශපාලන අන්ධයන්ටත්’ ඉතාමත් පැමැදිලිව දැක ගත හැකි වුණා.

‘අද ලංකාවේ ආණ්ඩුවේ වියදමින් කොටින්ට පහසුකම් සපයනවා’

විදේශ අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට නිව්යෝර්ක් ගියේ ගෝලීය දෙමළ සංසඳයේ ප්‍රධානී සුරේන් සුරන්දිරන් සමඟයි. සුරේන් සුරන්දිරන් ඇතුළු කොටි ඩයස්පේරාවේ 10 දෙනෙකු වොෂින්ටනයේ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන සිටියේ මංගල සමරවීර සමඟ නිව්යෝර්ක් යෑමටයි. මේ පිරිසේ හෝටල් ගාස්තු කෑම බීම හා දුරකථන ගාස්තු ගෙවනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි.

ඒ විදියට අද යුරෝපයේ කොටි හිතවාදී කල්ලි විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ සුරතල් වෙනවා. ඒ අතරේ උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ‘සිංහල මිනිසා දිහා වෛරයෙන් බලන, බුද්ධ චීවරය දෙස පිළිකුලෙන් බලන’ අන්තවාදී මනසකට සාමාන්‍ය දෙමළ ජනතාව ඇද දමමින් සිටිනවා. ආණ්ඩුව අද මේ ව්‍යාපෘතියට සම්පූර්ණයෙන් නිදහස ලබා දී තිබෙනවා. කොටි සංවිධානය වෙනුවෙන් මියගිය කොටි ත්‍රස්තවාදියකු වන තිලීපන්ගේ සැමැරුම් කුළුණු අද යාපනයේ පවත්වාගෙන යනවා. ඒ සමඟම ‘බුදු පිළීම ගලවන්න’ කියන උද්ඝෝෂණය අද විග්නේෂ්වරන් සිදු කරනවා. ‘මේ බිමේ පදිංචිව සිටිය යුත්තේ අප පමණයි. වෙනත් වාර්ගික අනන්‍යතා සහිත පිරිස් ඉවත් කළ යුතුයි’ කියන මතය අද දෙමළ ජනතාවගේ ඔළු මත බලෙන් පටවන්න මේ අන්තවාදීන්ට අද ඉඩ ලැබී තිබෙනවා.

සම්බන්ධන් – විග්නේෂ්වරන් – සුමන්තිරන් එකම මල්ලේ පොල්’

මේ ආණ්ඩුවේ දේශපාලනඥයෝ අද බොරුවට ‘විග්නේෂ්වරන්ගේ අන්තවාදය සහ සම්බන්ධන්ගේ මධ්‍යෂථභාවය’ ගැන කතා කියනවා. විග්නේෂ්වරන්, සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු මේ සියලු දෙනා ඉන්නේ කොටි සංවිධානයට පක්‍ෂපාතී දෙමළ ජාතික සන්ධානය තුළයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ පුද්ගලයකු කැනඩාවේ දේශපාලන රැකවරණය ඉල්ලා එක් අවස්ථාවක එහි අධිකරණයක පිහිට පැතුවා. එහිදී ලැබුණු තීන්දුව කුමක්ද? ‘මොහු ශ්‍රී ලංකාවේ සිටියදී කටයුතුකර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟයි. දෙමළ ජාතික සන්ධානය යනු කොටි සංවිධානය නැමති ත්‍රස්තවාදී සංවිධානයේ අනු ශාඛාවක්. එවැනි සංවිධානයක සිටි පුද්ගලයකුට කැනඩාවේ දේශපාලන රැකවරණය ලබා දිය නොහැක’ කියලයි කැනඩාවේ අධිකරණය තීන්දුව ලබා දුන්නේ. කැනඩාවේ අධිකරණය එහෙම හිතුවට ලංකාවේ ආණ්ඩුව එහෙම හිතන්නේ නැහැ. මේ ජාතිවාදී කල්ලි අද භූමිකා බෙදාගෙන රඟපෑමක නරතව සිටිනවා. විග්නේෂ්වරන්ට කියනවා ‘ඔයා වඩා ජාතිවාදී භූමිකාව රඟ දක්වන්න’ කියලා. සිංහල කතා කරන්න පුළුවන් සුමන්තිරන්ට කියනවා’ ‘ඔයා මොඩරේට් දෙමළ බෙදුම්වාදියා වෙන්න’ කියලා. සම්බන්ධන් ට කියනවා. ‘ඔයාට විපක්‍ෂ නායක ලේබලයත් තිබෙනවානේ. ඒ නිසා ඔයා මේ හැමෝගෙම ලොකු බාප්පොච්චි වගේ ඉන්න’ කියලා. මේ විදියට භූමිකා බෙදාගෙන මේ අය මොකක්ද කරන්නේ? නැවත පරදවනු ලැබූ සතුරු බලවේග හිස ඔසවන දිශාවට මේ රට ඇදගෙන යාම.

තත්පරයෙන් තත්පරය යළි නිර්මාණය කරමින් තිබෙන්නේ තර්ජිත ගම්මානවල දරුවන් මරා දමනු ලබන, බස්වල, දුම්රියවල බෝම්බ පිපිරෙන දවසයි. මේ ආණ්ඩුව මේ අන්තවාදී කල්ලිවල සහයෝගයෙන් බලයට ඇවිල්ලා ඔවුන්ට රිසිසේ වැඩෙන්න ඉඩකඩ හදලා දෙනවා. යුද්ධයෙන් පසුව උතුරේ අව්‍යාජ සංහිදියාවක් ඇති වෙමින් තිබුණා. ඒක ‘චන්ද්‍රිකාගේ සංහිඳියාව’ නොවෙයි, මේ පොළොවෙන් උපන් සැබෑ සංහිඳියාව. ඒක මරා දමලා තමයි, ඊනියා සංහිඳියාවේ නාමයෙන් අන්තවාදය පැටව් ගස්වමින් තිබෙන්නේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

10 views

One Comment to “මෛත්‍රී නම් ‘නංගි’ ඉස්සරහට දාලා රනිල් නම් ‘කැත අක්කා’ පෙළවහට දීලා..”

  1. Champa says:

    විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඔබ හැමදාම කරන මේ වගේ වටිනා දැනුවත් කිරීම් වලින්වත් මෝඩ ආණ්ඩුව යමක් ඉගෙන ගන්නවා නම් කොයි තරම් හොඳද?

    “ගෙවී ගිය වසර එකහමාර තුළ දෙමළ බෙදුම්වාදය තර වුණේ කවරාකාරයටද?’ කියන එක ‘දේශපාලන අන්ධයන්ටත්’ ඉතාමත් පැමැදිලිව දැක ගත හැකි වුණා”. ඔබේ මේ කතාව මොන තරම් ඇත්තක්ද? ප්‍රභාකරන් හිටපු කාළේවත් මේ තරම් නිදහසේ බෙදුම්වාදය එලියට ආවේ නැහැ.

    ආණ්ඩුව හිතා ඉන්නේ සංහිඳියාව කියන්නේ දෙමල බෙදුම්වාදී අන්තවාදයට උවමනා දේ දීම කියලා. අන්තවාදීන් ඒ වෙනුවෙන් ඕනෑම දුරකට යන්න ලැහැස්තියි. විමල් කියනවා වගේ ඊළඟට “තත්පරයෙන් තත්පරය යළි නිර්මාණය කරමින් තිබෙන්නේ තර්ජිත ගම්මානවල දරුවන් මරා දමනු ලබන, බස්වල, දුම්රියවල බෝම්බ පිපිරෙන දවසයි”.

    ආණ්ඩුවේ කිසි කෙනෙක් ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන නැහැ. දෙමල දේශපාලකයෝ කවදාවත් ආණ්ඩුවට සංහිඳියාව ඇති කරන්න දෙන්නේ නැහැ. The government should think and look beyond Tamil politicians. පෙන්නේ නැත්ද, දෙමල දේශපාලකයෝ කාටවත් දෙමල ජනතාවට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. අඩු ගානේ ආණ්ඩුවටවත් කිට්ටු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුවට මොලේ තියෙනවා නම් කරන්න ඕනේ උතුරේ දෙමල දේශපාලකයන්ගේ ග්‍රහණයේ ඉන්න අහිංසක දෙමල ජනතාවට සමීප වෙන එක. ආණ්ඩුව දෙමල දේශපාලකයන්ගේ අතකොළුවක් වෙලා ඉන්න එක නතර කරලා, ආණ්ඩුවක් විදියට ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. ආණ්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕනේ, සිංහලයන්ට අසාධාරණයක් නොවෙන විදියට විවෘත, අපක්ෂපාත ඇහැකින් උතුර දෙහා බලන එක. මොලයක් තියෙනවා නම් දෙමල දේශපාලකයන්ගේ ඇහින් උතුර දිහා බලන එක දැන්වත් නවත්තන්න ඕනේ.

    සංහිඳියාව ඇති කරන්න ආණ්ඩුවට බැහැ. සංහිඳියාව ඇති වෙන්න ඕනේ ජනතාව අතරින්. සිංහලයන් තරහා කරගෙන කොහොමද සංහිඳියාව ඇති කරන්නේ? බොරු සංහිඳියා කතාවක් අරගෙන දෙමල දේශපාලකයෝ කරන්න හදන්නේ federal හරහා උතුරට ස්වයං පාලනයක් ගන්න එක. ඊට පස්සේ උතුරේ තරුණයන්ගේ අතට ආයුධ දීල උසි ගන්නනවා දෙමල ඊළමේ ඉතුරු කොටස ගන්න. ඊට පස්සේ එතනින් නවතිනවද? දෙමල බෙදුම්වාදීන් සහ අන්තවාදීන් කවදාවත් සැහීමකට පත්වෙන්නේ නැහැ. ඊළඟට ටිකෙන් ටික දේශ සීමාව වැඩි කර ගන්නවා. අනුරාධපුරය ළඟටම එනවා. මේක තේරෙන්නේ නැති ආණ්ඩුව අඳුරේ අතපත ගානවා. ආණ්ඩුව කවදද හැබැවටම ළඟ බලන එක නතර කරලා දුර බලන්න ඉගෙන ගන්නේ?

    Federal දෙනවා කියන්නේ මහා ලොකු ව්‍යසනයකට මූලාරම්භය දැමීමක්. මේක අන්තිම අසාධාරණ විදියට නූපන් දරුවන්වත් නොනවතින යුද්ධයක හවුල්කරුවන් කිරීමක්. අවුරුදු ගණන් දිගට ඇදෙන ඔය යුද්ධෙන් දවසක සිංහල අපි පරදිනවා. එදාට අපේ ජාතිය වඳ වූ ජාතියක් විදියට ඉතිහාසයට සීමා වෙනවා. ශ්‍රී ලංකාව කියන නම ලෝක සිතියමෙන් සදහටම මැකිලා යනවා. සිංහල ජාතියේ විනාශයේ පටන් ගැම්ම සිංහල ආණ්ඩුවකින්ම වෙනවා දකින්න ජාතියම පව් කරලා තියෙනවා.

    Quote: “…යුද්ධයෙන් පසුව මේ මව් පොළොවේ සිංහල දෙමළ ජනතාව අතර සැබෑ සංහිඳියාවක් ඇති වෙමින් පැවැති බවත් වත්මන් ආණ්ඩුව තමන්ට බලයට ඒමට සහයෝගය ලබාදුන් ජාතිවාදී කල්ලිවලට රිසිසේ වැඩෙන්නට ඉඩ දීමෙන් පැවැති සංහිඳියාවද මරා දමා ඇති බවත්….” Unquote:

    ඔබේ කතාවට සියයට සීයක් එකඟයි. ලංකාවේ විතරක් නෙමෙයි, දෙමල diaspora එකත් වෙනස් විදියකට හිතන්න පුරුදු වුනා යුද්ධෙන් පස්සේ. සිංහලයන්ගේ චින්තනයේත් වෙනසක් වුනා. අපි වුනත් දෙමල පවුල් එක්ක හරියට කතා කරන්න පටන් ගත්තේ යුද්ධේ ඉවර වුනාට පස්සේ. එතකම් ignore කරලා, ඈත් කරලා හිටියේ.

    යුද්ධෙන් පස්සේ උතුරේ දෙමල මිනිස්සුන්ගේ චින්තනයේ වෙනසක් වුනා පැහැදිලිවම. දෙමල මිනිස්සු යුද්ධෙන් පස්සේ මහින්ද ගැන හොඳ හිතකින් හිට්යේ. දෙමල diaspora එකෙත් විශේෂයෙන් කැපිලා පෙනෙන වෙනසක් වුනා.

    නිකම් පොඩි උදාහරණයක් කියන්නම්. 2010 නැත්නම් 2011 අවුරුද්දේ දවසක බටහිර රටක තියෙන අපේ තානාපති කාර්යාලයක සිංහල නිලධාරියෙක් අතින් දෙමල කාන්තාවකගේ passport එකක හරි වෙන ඒ වගේ දේක සුළු වැරැද්දක් වුනා. හැබැයි එයා ඒක එකපාරටම හරිගැස්සුවේ නැහැ. දෙමල කාන්තාව එයාට ‘තර්ජනය’ කරලා තිබුනා එක දවසින් දුන්නේ නැත්නම් කොලොඹට කතා කරලා ‘මහින්ද රාජපක්ෂට’ complain කරනවා කියලා. සිංහල නිලධාරියා කරපු අතපසුවීමේ දී, මහින්ද එයාට සාධාරණය ඉෂ්ඨ කරයි කියලා ඒ දෙමල කාන්තාවට ඒ තරම් විශ්වාසයක් තිබුනා.

    දැන් වගේම දෙමල දේශපාලකයෝ එදත් කලේ ආණ්ඩුව සහ දෙමල ජනතාව ඈත් කිරීම. දෙමල දේශපාලකයෝ දෙමල මිනිස්සු මහින්ද ගැන තිබුන හොඳ හිත නැති කළා. 2015 වෙනකොට moderate දෙමල මිනිස්සු වෙනස් වුනා. අපි දන්නා කියන අයත් වෙනස් වුනා. ඒ මොකොද කිව්වා නම්, සම්බන්ධන් ඒ ගොල්ලන්ට කියලා තිබුන උතුරට ස්වයං පාලනයක් ලැබෙනවා කියලා සිරිසෙන ආවහම. මේක මම දැන ගන්න කොට ඡන්දේ ඉවරයි. හැබැයි විමල් 2014 අගදීම මේ ගැන අනතුරු අඟවලා තිබුනා. ඊළඟට අගෝස්තු මැතිවරණයේදීත් ඒකම වුනා. මං දන්න දෙමල කෙනෙක් මට ලියල එවල තිබුන “We are going to get “autonomy” in two months in the North” කියලා. Diaspora එක මූලික වෙලා උතුර දියුණු කරන හැටි, රැකියා උත්පාදනය කරන හැටි ගැන පුදුම හිතෙන දේවල් ඒගොල්ලෝ කිව්වා. අපි සාමාන්‍යයෙන් හිතන්නෙවත් නැති තරම් ඉහල දේවල්. ‘දකුණ හිඟා කද්දී අපි ඉහලට යන්නේ මේ විදියට’ කියලා කිව්වා.

    දැන් දෙමල මිනිස්සුන්ට තේරෙනවා ඔවුන් රැවටුනා කියලා, හැබැයි දෙමල දේශපාලකයන්ට විරුද්දව නැගී හිටින්න ශක්තියක් නැහැ. සාමාන්‍ය දෙමල මිනිස්සුන්ට තියා යමක් කමක් තේරෙන දෙමල මිනිස්සුන්වත් ඒකට ශක්තියක් නැහැ. සිංහලයන්ට වගේ නෙමෙයි දෙමල මිනිස්සුන්ට තමන්ගේ ස්වාධීන මත වාද නැහැ. වැඩ කරන්නේ දෙමල දේශපාලකයන් කියන විදියට. ඒ පැත්තට යන්න කියන කොට ඒ පැත්තට යනවා, මේ පැත්තට යන්න කියන කොට මේ පැත්තට යනවා. හරිම ලේසියෙන් manipulate කරන්න පුළුවන්. විග්නේශ්වරන්ලාට ගිනිමැලය නිවෙන්න නොදී පත්තු කර කර තියා ගත්තේ නැත්නම් පැවැත්මක් නැහැ. LCN එකටම (දෙමල) කෙනෙක් comment එකක් දාලා තිබුනා දෙමල තරුණයන් ස්වයං පාලනයක් ඉල්ලන්නේ නැහැ, මේ තියෙන ආකල්ප වයසක දෙමල දේශපාලකයන්ගෙන් පස්සේ නැති වෙනවා කියලා.

    ඒ නිසා ආණ්ඩුව කලබල වෙලා මේ ප්‍රශ්නෙට ක්ෂණික උත්තර දෙන්න යන්න හොඳ නැහැ. විමල් කලින්ම කිව්වා කිව්වා වගේ දඩ බඩ ගලා කොත්තු රොටි වගේ හදලා දෙන අළුත් ව්‍යවස්ථාව මේකට උත්තරේ නෙමෙයි.

    මේකට විසඳුම නිසැකවම federal නෙමෙයි. ප්‍රභාකරන් ත්‍රස්තවාදය පටන් ගන්න ඉස්සෙල්ලා සියලු ජාතීන් සමගියෙන්, සහයෝගයෙන් ජීවත් වුනු පරිසරය ආපහු හදන එකයි, මේ ප්‍රශ්නෙට තියෙන හොඳම සහ දීර්ඝකාලීනම උත්තරය. ඒ තරම් උදාර දෙයක් කලොත් නම්, කාට වුනත් “Nobel Peace Prize” හම්බ වුනාට කමක් නැහැ. මම නම් විශ්වාස කරන්නේ කවදා හරි ඕක කරන්න පුළුවන් හොඳම පාලකයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියාලා. (Alright, he said he is not coming to politics. Never mind, I took the liberty to “use his name” and I am dead sure that one day I will see him coming forward to accept the leadership of this country).

    Having said that, in the event former President Mahinda Rajapaksa get the majority support of the Parliament, I am sure he would give priority to heal the wounds ‘reopened’ by Yahapalanaya Government. දෙමල ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගන්න එක එතුමාට අමාරු කාරියක් නෙමෙයි.

    President Sirisena may also try to do that, but the success is doubtful as long as Ranil is the Prime Minister.

    විධායක ජනාධිපතිතුමා ටිකක් මොලේ කල්පනා කරලා අළුත් ව්‍යවස්ථාව හදන එක “අවුරුද්දකින්” කල් දාන්න ඕනේ. හුඟක් ප්‍රශ්න ඒ වෙනකොට විසඳිලා තියෙයි. කාලය හුඟක් ප්‍රශ්නවලට හොඳම විසඳුම් ලබා දෙනවා.

    රණවිරුවෝ පැත්තෙන් ඒ අතරේ කරන්න දෙයක් තියෙනවා. ඒක ආණ්ඩුවට කියලා වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් “the Government can’t be both Rain and the Umbrella” ! Someone has to ‘legitimately’ unfurl the “Umbrella” and protect our Tri forces from the “Rain”. There is no question of what we should do, but I am still trying to figure out who could do that.

Main News