මෛත්‍රී-රනිල් බැදීම උත්තරිතර බව උතුරු මැදින් එලියට පනී.. මෙතෙක් ශ්‍රිලනිපයට තිබු සභාපතිකම සුළුතර එජාපයට පූජා කරයි.. ශ්‍රිලනිපය අතරමං…
July 18, 2017 at 10:26 pm | lanka C news
උතුරු මැද පලාත් සභාවේ සිදු වූ ගැටුම මගින් මෙතෙක් ශ්‍රිලනිපයට හිමිව තිබු එම පලාත් සභාවේ සභාපති ධූරය ඉතා සංවිධානාත්මකව එක්සත් ජාතික පක්ෂයට හිමිකර දීමට එම පළාත් ශ්‍රිලනිප ප්‍රධානීන් කටයුතු කල ආකාරය සියලු මාධ්‍ය මගින් දැකගත හැකිවිය.
ජනාධිපතිවරයා මාස 3 ක් යනවිට ශ්‍රිලනිප යට සතුටු විය හැකි ආණ්ඩුවක් බිහිවන බව පවසන අතර එජාපයට කිසිම අයුරකින් උදව්වන ආකාරයෙන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා තනිකර නොයා යුතුය යන්න ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමතිවරුන් පවසද්දී ශ්‍රිලනිප සභාපති හා මහ ලේකම් නියෝජනය කරන දිස්ත්‍රික්ක දෙක අයත් උතුරු මැද පළාත් සභාවේ සභාවේ සභාපති තනතුර එක්සත් ජාතික පක්ෂය විසින් බලහත්කාරයෙන් පැහැර ගැනීමට කටයුතු කරද්දී ශ්‍රීලනිප නායකත්වයෙන් කිසිදු විරෝධයක් එල්ල නොවීම විශේෂය.
පලාත් සභාවේ වැදගත් ම තනතුර එහි සභාපති ධූරය වන අතර එය මෙතෙක් ශ්‍රිලනිප පැරණිතම සාමාජිකයෙකු වූ ටි.එම්.ආර්. සිරිපාල මහතා හෙබවිය. එමෙන්ම එහිදි එච්.බී. සේමාසිංහ වැනි චන්ද්‍රිකා රජයේ පවා ඇමතිකම් කල පැරැණි ශ්‍රිලනිප සාමාජිකයන්ට එජාපය විසින් එලව එලවා පහර දෙමින් ඉතා අශෝභන අන්දමින් මෙම තනතුර ශ්‍රිලනිප යෙන් උදුරා ගත්තේ කිසිදු ව්‍යවස්ථාවක් නොතක් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමිනි. එයට පැහැදිලිවම ශ්‍රිලනිප නායකත්වයේ කිසිදු විරෝධයක් එල්ල නොවූ බව මාධ්‍ය මගින් ජනතාවට දැක ගත හැකි විය.
එකෙක් කියනවා උතුරු මැද පළාතේ ජනතාව වෙනුවෙන් ලු මේවා මෙහෙම කරන්නෙත්. ඉතින් කාලා වරෙන්කො.
ජාතික ආණ්ඩුවේ සංහිදියාව රෙද්ද පල්ලෙන් බේරෙයි…..
කලු සුද්දන්ගේ නියෝජිතයින් ඕනෑවටත් වඩා හොදින් සිය යුතුකම ඉටු කරන බව පෙනේ. රජරට වකුගඩු ප්රශ්නය මොවුන්ට ගාණක්වත් නෑ…..
Ekabadda wipakshaye mantriwarun wayaba arakku beela wage naanawa
Kekken nathnam kokken….