මෛත්‍රී-විජේදාස නූගත් මෝඩයින් කියු බාහු පුවත්පත් දැන්වීම් මගින් පල්ලි කඩා ඇති බවට ආණ්ඩුවට අනතුරු අගවයි…

June 23, 2017 at 3:00 pm | lanka C news
මෛත්‍රී-විජේදාස නූගත් මෝඩයින් කියු බාහු පුවත්පත් දැන්වීම් මගින් පල්ලි කඩා ඇති බවට ආණ්ඩුවට අනතුරු අගවයි…

රටේ ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාරයන් එල්ලවන බවත් ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කල කරුණු සත්‍ය බවත් ජනාධිපතිවරයා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මේ සම්බන්ධව නූගත් මෝඩයින් ලෙස ක්‍රියා කරන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කලේය.

එයින් නොනැවතුණ සිවිල් සමාජ ක්‍රියාකාරින් ලෙස පවසන වික්‍රමබාහු කරුණාරත්න සහ ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් චෝදනා එල්ල කල නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු 173 දෙනෙකුගේ නම් සහිත සම්පූර්ණ පිටුවක පුවත්පත් දැන්විමක් අද ලංකාදීප ඇතුළු පුවත්පත් කිහිපයකම පලකොට ඇත.

එම දැන්වීම පලකොට ඇත්තේ “පුරවැසි බලය” සහ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යනුවෙනුයි, එමෙන්ම එහි නම් යොදා ඇති 173 දෙනා ඉහත දැන්වීම මගින් සනාථ කොට ඇත්තේ “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා එපා එපා” යනුවෙන් වුවත් එහි අන්තර්ගතයේ සඳහන් වනුයේ නීතිඥ ලක්ෂාන් ඩයස් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කල පල්ලිවලට ගැසු බව සත්‍යයක් ලෙස සනාථ කිරීමයි.

එමෙන්ම එහි මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම්වලට හානි කිරීම සම්බන්ධව චෝදනා කොට තිබුනත් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල සිදු වන පුරාවස්තු විනාශ කිරීම හෝ බෞද්ධ වෙහෙර විහාරයන්ට වන හානිය කොතනක හෝ යම්තමින් හෝ සඳහන් කොට නොමැති වීම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” ආරම්භ කල සංඝ පීතෘවරයෙකු වන අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ටද බෞද්ධ සමාජය තුල ඇති පිලිගැනීම විනාශ කිරීමකි. එමෙන්ම එහි වර්තමාන සභාපති මහාචාර්ය සරත් විජේසුරියගේ නම එම දැන්වීමේ 6 වෙනියාට සඳහන් කොට තිබීම තවත් විශේෂිතය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් ඉහත චෝදනාව පිලිනොගැනීම මෙන්ම එයට පාදක වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කල ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම මෙම පුවත්පත් දැන්වීම හරහා හෑල්ලුවට ලක් කොට ඇති බවත් පෙනේ.

එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ එම දැන්වීම පලකළ පුද්ගලයින් 173 දෙනාගේ නම් අතර මේ ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත 12 වෙනියා ලෙස පෙනි සිටින අතර 147 වෙනියාට ආණ්ඩුවේ මන්ත්‍රී වරයෙකු වන මුජිබර් රහුමාන් සිටි. එමෙන්ම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නම 25 වෙනියාටත් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයාගේ චෝදනාවට ලක්වු නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ නම 47 වෙනියා ලෙසත් එම දැන්වීමේ ප්‍රදර්ශනය කොට ඇත.

Link

133 views

4 Comments to “මෛත්‍රී-විජේදාස නූගත් මෝඩයින් කියු බාහු පුවත්පත් දැන්වීම් මගින් පල්ලි කඩා ඇති බවට ආණ්ඩුවට අනතුරු අගවයි…”

  1. ජසයා says:

    නාමල් රාජපක්ෂ ගේ නමත් තියෙනවා

  2. Dambaraya says:

    Lankaewe inna okkoma NGO karayonge nam tikka dala, apita dan hari pahasui aduna ganna

  3. දුගී_පුරවැසියා says:

    මේ සමහර නම් දැක්කම හිනා යනවා ඕයි.

Main News