මෛත්‍රී ශ්‍රිලනිප සභාපති වූයේ ස්වයංක්‍රියවයි.. එහි ජනතා බලය නෑ…
August 28, 2017 at 6:32 am | lanka C news
කුරුණෑගල දිස්ත්‍රික්ය නියෝජනය කල හිටපු උද්භිත උද්‍යාන හා පොදු විනෝදාංශ අමාත්‍ය ජයරත්න හේරත් මහතා පොදු විපක්ෂයේ වේදිකාවට අද පැමිණියේ කුරුණෑගල ආසනයේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කල අවස්ථාවේදිය.
එහිදි රැස්ව සිටි ජනතාව අමතමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ” අපි ජනවාරි 8 වෙනිදා පරාජය වුනාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී ඔහු ශ්‍රිලනිප සාමජිකයකු වූ නිසා ස්වංක්‍රියව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබාගත් බවත් ඒ සඳහා පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ හෝ සමස්ථ ලංකා විධායක සභාවේ අනුමැතිය ඇතිව මෙතෙක් පත්වී නැති බවයි.
එමෙන්ම ජනවාරි 8 වෙනිදා පත්වූ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ යටතේ අමාත්‍ය ධූරයක් භාරගන්නා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියත් අද මේ රටට වෙන අපරාධය දැක එදා අමාත්‍ය ධූරයක් භාර නොගත් බවත් තමන් පසුගිය 20 වසර පුරා කුරුණෑගල ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙසත් අද පොල්ගහවෙල ආසනයේ සංවිධායක මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නියෝජනය කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය. Link