මෛත්රිගේ අන්තිම තුරුම්පුව මහින්දට කැරකේ… මෛත්රීගේ ධුර කාලය 2020 ජූනි නම් මීලග ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂයි..
April 11, 2019 at 10:28 pm | lanka C news
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජූන මාසයේ නම් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා මහින්ද රාජපක්ෂ හා චන්ද්රිකා බණ්ඩාරනායක යන හිටපු ජනාධිපතිවරුන්ටද ඒ සදහා තරග වැදිය හැකි බව ඉහලම පෙලේ නීතිවේදීන් පිරිසක් විසින් මත පල කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ දින සිට වසර පහක් ජනාධිපති ධුරය ගණන් බලන්නේ නම් එමගින් එය පැවති ජනාධිපති ධුරය නොව වෙනත් ජනාධිපති ධුරයක් යයි අර්ථ ගැන්වෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව එම නව ධුරය සදහා 19 වන සංශෝධනය යටතේම පෙර සිටි ජනාධිපතිවරුන්ටද තරග වැදිය හැකි බව ඔවුනගේ මතයයි.
කෙසේ වෙතත් 19 සංශෝධණයට කතානායකවරයා අත්සන් තබන ලද්දේ 2019 ජනවාරියේ නම් වත්මන් ජනාධිපතිවරයා 2024 ජනවාරි තෙක් ධුරයේ සිටිය හැකි යයිද කෙනෙකුට තර්ක කිරීමේ අයිතියක් ඇති බවද එම පිරිස කිටා සිටිති.