මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම 20 වැනි සංශෝධනයට ඇතුළු කරන්නැයි ඉල්ලයි..

August 22, 2020 at 3:00 pm | lanka C news
මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම 20 වැනි සංශෝධනයට ඇතුළු කරන්නැයි ඉල්ලයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අගමැති ධුරයක් ස්ථාපිත කර එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන ලෙස එම පක්ෂය විසින් රජයට යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

18 සහ 19 සංශෝධන අහෝසි කිරීමට ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනයේ කොටසක් ලෙස මෙම යෝජනාව ඇතුළු කර ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

මේ යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගන්නා බවට පැතිර යන වාර්තා අසත්‍ය බවත් ඉදිරියටත් රජය සමග එක්ව සිටින බවත් එම ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.

40,872 views

16 Comments to “මෛත‍්‍රිට නියෝජ්‍ය අගමැතිකම 20 වැනි සංශෝධනයට ඇතුළු කරන්නැයි ඉල්ලයි..”

  1. මැැදමුලනෙ මුත්තා says:

    මෛත්‍රීපාල මැදමුලනෙ වැසිකිළි හෝදන ඇමතිකමට පත්කරමු.

  2. ගමරාල says:

    සිරිසේන මොන තනතුර දැරුවත් පාස්කු බෝම්බ ප්‍රහාරය වලක්වා නොගැනීම සහ තමන්ගේ වගකීම් පැහැරහැරීමේ චෝදනාවට ඔහු වරදකරුවෙක්. ඒ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුයි. තම සල්ලාල පුතාගේ මගුලට ෂොපින් කරන්න ඉන්දියාවටත් සිංගප්පුරුවටත් යාම සිරිසේනට වැදගත් රටේ ආරක්‍ෂාවට වැඩියෙන්.

  3. ක්‍රිමිනල් says:

    හිරේ යින්න ඕනේ මූට කිසි තනතුරක් දෙන්න එපා, පාස්කු ප්‍රහාරයට තනිකරම වග කියන්න ඕනේ මූ.

  4. Sarath Bulathsinghala says:

    මෙවැනි කිසිම වගකීමක් හෝ වගවීමක් නැතිව අවුරුදු 5ක් තුල රට ජාතිය සෑම විධියෙන්ම අනාරක්ෂිත කල මේ ආප්පයාට තවත් වරදාන දීමට සැලැස්‌වීම ජාතික අපරාධයක්!

    කලයුත්තේ ඉක්මනින් නඩු අසා ඉක්මනින් දඬුවම් දීම පමණයි! මොහු ඉක්මනින්ම පැජට් පාරකින් ඉවත් කල යුතුය!

  5. ගමේ වෙදා says:

    ශ්‍රීලංනිපෙ බලාපොරොත්තුවන පරිදි අගමැතිට පමණක් දෙවෙනි වෙන ලෙසට බලතල සහිතව නියෝජ්‍ය ඇගමැතිකමක් හදන්නේ නම් නොයෝජ්‍ය අගමැති අගමැතිට කෑම බීම දුන්නොත් දෙන කෑම බීම රස පරීක්ෂකගේ වාර්තාව ලබා නොගෙන නොකෑ යුතුය කියල වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට ඇතුලත් කිරීම සුදුසුය

  6. GulSiri Lal Nanda says:

    Given a proposed that position to Mathiapal Sirisean is that mad dream of SLPP ?
    Or Mihnda R….!
    All are that political nonsense of by corrupted politicians…in Island !@ $$$$
    Constitution has to reflected by aspiration of whole country,nation and People of Islanders …Democratic Republic Sri Lanka.

Main News