මෛත‍්‍රිට ශ‍්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ අවීචි මහා නරකාදියේයි.. ඔහුට යම රජු විය හැකියි..- එජාපය ජනපතිට කොචොක් කරයි…

January 30, 2018 at 3:24 am | lanka C news
මෛත‍්‍රිට ශ‍්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ අවීචි මහා නරකාදියේයි.. ඔහුට යම රජු විය හැකියි..- එජාපය ජනපතිට කොචොක් කරයි…

ජනාධිපති මෛත‍්‍රීපල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාම එක්ව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය පිහිටුවිය හැක්කේ අවීචි මහා නරකාදියේ බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ජනාධිපතිවරයාම දින දෙක තුනකට පෙර කිය පරිදි දුෂිතයන් සිර ගෙදර දමා ඔවුන් අවීචි මහා නරකාදියට ඇදගෙන යන තෙක් තමන් සිටින බව කී නිසා ඒකාබද්ද විපක්‍ෂයේ පිරිස් අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය පසු ජනාධිපතිවරයාට එහි ආන්ඩුවක් පිහිටුවා මුලසුන දැරිය හැකි යයිද ඔහු කීය.

ජනාධිපතිවරයා මෙම මැතිවරණයේදී හැසිරෙන්නේ තමන් රටේ නායකයා බව අමතක කර පක්‍ෂ නායකයා ලෙස පමණක් බවද ඔහු සදහන් කලේය.

එළැඹෙන මැතිවරණයේදී තුන්වැනි හෝ සිවුවැනි තැනට පත්වන පක්‍ෂයක නායකයා ලෙස නොව ජනාධිපතිවරයා කටයුතු කල යුත්තේ රටේ නායකයා ලෙස බවද ඔහු වැඩි දුරටත් කීය.

ඔහු මෙම අදහස් පල කලේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views

6 Comments to “මෛත‍්‍රිට ශ‍්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවිය හැක්කේ අවීචි මහා නරකාදියේයි.. ඔහුට යම රජු විය හැකියි..- එජාපය ජනපතිට කොචොක් කරයි…”

  1. රාහුල මල්ලී says:

    ඡේ.ආර්… ප්‍රේමදාස…විඡේතුංග….චන්ද්‍රකා…මහින්ද… මෛත්‍රී…යන මේ විධායක ඡනාධිපතිවරුන් අතරින් වඩාත් හරවත් විචක්ෂණශීලී අරුත්බර රටට වැඩදායී කතා / දේශණ සිදුකල විධායක ඡනාධිපති කවුද….? හැකි අයෙක් පිලිතුරු දෙන්න…

  2. බන්ඩා says:

    ටොමිය යනු ෆුට් නෝට් කල්ලියෙ කැපුවත් කොල පර ගොන් හරකෙක් බව මතක තබා ගන්න.

  3. kamalasirikuruwita says:

    මේ ජනතාව ගොනාට අන්දන්න හදන ” අපි තරහයි පෙබරවාරි 10 වෙනකං ” ගොන් නාඩගමේ ම තව කොටසක් විතරයි. .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  4. Sisira says:

    ෆුට් නෝට් ටොමියා ඌට දීපු නඩු විකුනලා මිනිස්සු අමාරුවෙ දැම්මට ඌට ඊලග ආත්ම ගණනාවක්ම ඉන්න වෙන්නෙ පාරෙ ලගින් කුනු කන බල්ලෙක් වෙලා ලංකාවෙම

Main News