මෛත‍්‍රිපාල උන්නැහැගේ කොන්ද පණ නැතිව හිටියේ.. ඇණ දාලා කොන්ද කෙලින් කලේ අපයි..- එජාපය ජනපතිට වේදිකාවේ බැණවදී..

January 16, 2018 at 11:20 am | lanka C news
මෛත‍්‍රිපාල උන්නැහැගේ කොන්ද පණ නැතිව හිටියේ.. ඇණ දාලා කොන්ද කෙලින් කලේ අපයි..- එජාපය ජනපතිට වේදිකාවේ බැණවදී..

බැ`දුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දුන් මැතිවරණ අල්ලසක් යැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රි හා එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය සදහන් කළාය.

මැතිවරණයක් පවතින සමයක එක පක්ෂයකට වාසියක් වන ලෙසත් සෙසු පක්ෂ වලට අවාසියක් වන ලෙසත් සිදුකල ප‍්‍රකාශයක් ලෙස බැ`දුම්කර කොමිසම් වාර්තාව සැලකිය හැකි යැයි ඇය සදහන් කළාය.

නාඋල ප‍්‍රාදේශිය සභාවට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් අමතා නාඋල අහමුණයාය ප‍්‍රදේශයේ පැවතී ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව ස`දහන් කළාය.
පිටු එක්දහස් හයසිය ගනන් පැවති බැදුම්කර වාර්තාව පසුගිය තිස්වන දා ජනාධිපතිවරයා අතට පත්වු බවත් එය පසුදින එළිවන විට සම්පූර්ණයෙන්ම කියවා සාරාංශයක් සකසා සිදුකර ඇතැයි ද ඇය සදහන් කළාය.

උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිස් අමතා ඇය මේසේ ද සදහන් කළාය.

‘බැදුම්කර කොමිසන් වාර්තාවේ මොනව ද තියෙන්නේ. අපිට බොහොම සන්තෝෂයි ඒකේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා නැහැ. කවුරු ගැනද මේ කියන්නේ 2008 – 2015 වසර අතර මීට වඩා බරපතල වංචාවන් සිදුවෙලා කියලා ජනාධිපතිතුමාම කියනවා. එදා සිදුවෙච්ච හෙජින් ගිවිසුමෙන් සිදුවු පාඩුව රුපියල් බිලියන 7500 යි. මේ පාඩුව වෙනකොට මෛත‍්‍රිපාල සිරිසේන උන්නැහැ හිටියේ කොහෙද කියලා මම අහනවා. මේ වා හොරකම් කරලා තියෙන්නේ ජනාධිපති තුමා මහලේකම් තනතුර දරන කාලේ එතුමගේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ එතකොට මෙතුමා හිටියේ කොහෙද.

දැන් අපි තමයි එතුමගේ කොන්දේ නට් ටික තදකරලා කොන්ද පන ගැස්සුවේ.එකේ නම්බුව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපිට. ජොයින්ට් වල තිබුන බුරුල් වෙච්ච නට් ඔක්කොම තද කරලා. කොන්ද කෙලින් කරලා කඩුව අතට ගන්නනට අපි තමයි පාර හදලා දුන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ දහවෙනිදාගෙන් පස්සේ හරි කඩුවක් නෙවෙයි අසිපතක් අරන් මේ හොරු අල්ලන්න කියලා මම මතක්කරනවා අතගරු ජනාධිපතිතුමට අභියෝග කරමින්ම.

අපි හොරකමක් කළානම් අපි කියනවද හොයන්න කියලාත දැන් තමුන්නාන්සේලාගේ නාඋල සමූපකාරේ හොරකම් කරලා තියෙනවා. ඉතින් ඒ සමූපකාරේ අය දාලා තියෙනව ද සමූපකාරේ හොරකම් කරපු අය ගැන හොයන්න කියලා කමිටුවක්. ඒ අය දාන්නේ නෑ ඒ අය හොරකම් කරපු හින්දා.

ඒ වගේම රනිල් වික‍්‍රම සිංහ මහත්තයා කියනවා 2016 මාර්තු මාසේ කියනවා මේ වාර්තාව නීතිපතිට යවන්න කියලා. එදා අවස්ථාව තිබුනා විධායක ජනාධිපති විදිහට මේ මුදල් සේරම කැන්සල් කරන්න. විධායක ජනාධිපති කියන්නේ ගෑනියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැණියෙක් කරන්නයි බැරි කියලා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා කියලා තියෙනවා. එච්චර බලයක් තියාගෙන මේ සිද්ධිය පිළිබද එතුමා මුනිවත රැක්කනම් මෙහි පළමු වැරදිකරු අතිගරු ජනාධිපතිතුමා කියලා මට කියන්න වෙනවා.

ලබන සතියේ ගැසට් කරනවා විශේෂ අධිකරණයක් පිහිටවලා පසුගිය කාලේ තියෙන ලිපි ගොනු හැටගානක්. මේවා ගැන නඩු අහලා ඉදිරියේ දී වරදකරුවන්ට දඩුවම් දෙනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා’ යැයි ද සදහන් කළාය.

– ඉන්දික අරුණ කුමාර

13 views

11 Comments to “මෛත‍්‍රිපාල උන්නැහැගේ කොන්ද පණ නැතිව හිටියේ.. ඇණ දාලා කොන්ද කෙලින් කලේ අපයි..- එජාපය ජනපතිට වේදිකාවේ බැණවදී..”

  1. PSG says:

    All of your damn Nuts are loose.
    You are going on as if the country is doing very well.

  2. samuvel says:

    ඔවු දැන් නාටකයේ තවත් සටන් ජවනිකාවකට අවතීර්න වෙමින් පවතී. දෙපස සටන් නාටකය ෆෙබ 10 දක්වාම රඟ දක්වා,ඉන්පසු එක්වී ජයපැන් බීමට නියමිතයි.

  3. Gajaba says:

    Very true. Mun Me Kathawela Karanne. Feb 10 n Passe Bohoma Hodata Wede Karagena Yai. Minisune Molayak Thiyenawanam 10 wenidata munwa nethi banga Karala Dapalla. Mun tharam epa karapu rajayak me Lanka Ithihasayema Neha

  4. මාතලේ බණ්ඩා says:

    2002-2004 UNP ආණ්ඩුව චන්ද්‍රිකා විසුරැවල දැමිමෙ රවි කරැණානායක චන්ද්‍රිකාගෙ හෑන්ඩ් බෑග් එකේ පිස්තෝල හොයන්න ගිහින්.මේපාරත් රවි බැදුමිකර ගේමට සමිබන්ධයි. ඒනිසා කට පරෙස්සමි කරගෙන හිටියොත් හොඳයි නැත්නම් UNP කාරයො අමාරැවෙ.

  5. බන්ඩා says:

    කැපුවත් කොල කියන අපතය න්ට තමන්ගෙ අම්මා තාත්තටත් වැඩිය උන්ගෙ පක්සෙ ලොකුය්. අමු හරක්.

  6. Karu says:

    චොප්පෙගෙ අක්කා ඉන්නෙ ලග්ගල වග මම දැන ගත්තෙ අද!

  7. gamarala says:

    First, still these bastards tell figures which come in to their mind with no proof whatsoever. They think that people will believe their lies but they are badly mistaken as people have come of age.
    Secondly, when the President told the country that he will not appoint MR even if he wins higher number of seats as PM close to the election day(which he can’t do) which probably had a major impact on the outcome, these very people cheered . Now the tables had turned and they are at the receiving end and now have started complaining about the same man.

  8. පළල් උණු බළල් කට says:

    ඉතින් කෙලින් කරලා අරන් මොකද කලේ. පලයන් ගොන් නෑම්බි. මං කෑ ගැහුවම ඔයාටත් කෑ ගැහෙනවාද?

Main News