මෛත‍්‍රිපාල කල සියළු හතුරුකම් මතකයි.. ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වූයේ 2/3 ගන්නයි..

June 7, 2020 at 3:50 pm | lanka C news
මෛත‍්‍රිපාල කල සියළු හතුරුකම් මතකයි.. ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වූයේ 2/3 ගන්නයි..

පොහොට්ටුව සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මිස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග නොවන බවත් ඔහු රටට කළ විනාශයට කිසිසේත් සමාව නොදෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රට ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණක් බවත් එය අද රට හමුවේ ඇති වගකීම බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  මගින් රටපුරා පවත්වන “ගම දැනුවත් කරමු, අපි යලිත් නැගිටිමු “ රැස්වීම් මාලාවේ නැගෙනහිර කොළඹ ආසනයේ දැනුවත් කිරීමේ රැස්වීමට සහභාගී විමෙනි. රැස්වීමේ නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජාශාලාවේදී පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේද කීවේය.

“ පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබුනා රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා. ඒ නිසයි ජනතාව අපට ඡන්දය දුන්නේ. නමුත් එතුමා ජනාධිපති වුනේ වර්තමාන විපක්ෂයට බලය තියෙන පාර්ලිමේන්තුවක. ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක්, ආණ්ඩුවක් පත් කලාට පාර්ලිමේන්තුවේ බහුතර බලය අපිට තිබුණේ නෑ. ඒ අය කලේ කකුලෙන් අදින එකයි. පණතක් සම්මත කරගන්න දුන්නේ නෑ. ගේන්න හදන පරිපූරකයට මොකද කලේ කියලා මේ රටේ ජනතාව දන්නවා. මේ සියල්ල නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න මහ මැතිවරණය කැඳවුවත් කෝරෝනා වසංගතය නිසා එය කල් ගියා.

අද ඇමරිකාව, යුරෝපය, එංගලන්තය වැනි රටවල් මේ කොරෝනා වසංගතයට මුහුණදෙන්න බැරිව අසරණ වි තිබෙනවා. මිනිස්සු දහස් ගාණක් මැරෙනවා. පාලනයක් නොකිරීම හා අවධානයක් නොතිබීම තමයි ඒකට හේතුව. ඒත් අපේ ජනාධිපතිතුමා පලවෙනි සතියේම ගුවන්තොටුපල වහලා ඇඳිරි නීතිය පනවලා රටම ලොක්ඩවුන් කරලා රටත්, ජනතාවත් සුරක්ෂිත කරන්න පියවර ගත්තා. එහෙම නොවුනා නම් අපේ රටේ ජනගහණයෙන් භාගයක් කොරෝනා නිසා මිය යනවා. එදා යුද්ධය දිනලා මහින්ද මහත්තයා මේ ර‍ටේ ජනතාවට අභයදානය දුන්නා වගේ ම මෙදා කොරෝනා වසංගතය පාලනය කරලා රටේ ජනතාවට ගෝඨාභය මහත්තයා අභයදානය දුන්නා. ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරණයේ දී යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. සෞභාග්‍යයේ දැක්ම කියලා. ඒ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතුයි. සදුදා වෙනකොට මැතිවරණ කොමිසම දින නියම කරනවා. සෞඛ්‍ය අංශ වල මාර්ගෝපදේශ අනුව මැතිවරණය කඩිනමින් පවත්වා රට ස්ථාවර කළයුතුයි. මහා බැංකු හොරකම රටේ දූෂණ කරලා රටේ ආර්ථිකය යහපාලන ආණ්ඩුව කාබසිනියා කරලා දාලා තියෙන්නේ. දේශපාලන ස්ථාවරත්වයත් රට තුළ ඇති නොකර අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. දේශපාලනය ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් පොහොට්ටුවට තුනෙන් දෙකේ බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක් පත් කිරීමෙන් පමණයි. උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ හිතවාදින් සහාය දෙන්නේ සජිත්ට. ඒ මන්ත්‍රීවරුන් 10ක් 15 ක් පාර්ලිමේන්තු එනවා. ඒ නිසා දකුණෙන් අපි ඒකට උත්තර හදන්න ඕනේ. ගම්පහින් අපි මන්ත්‍රීවරුන් 12 ක්, 13 ක් පාර්ලිමේන්තුවට එවනවා. අපේ ම අය කොළඹත් ඒ වගේ පිරිසක් අපිට දිනවගන්න පුළුවන් වුණොත් උතුරු නැගෙනහිර කොටි හිතවාදීන් පාර්ලිමේන්තුවට ඇවිත් සජිත්ට සහාය දුන්නාට වැඩත් වෙන්නේ නෑ.

මහින්ද මහත්තයා අගමැති වෙන්න තිබුණේ 2015 දී. නමුත් මෛත්‍රී ඒක වැළැක්වුවා. මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කිව්වා. ඊළගට අනුර යාපා ඇමතිතුමාවයි, බැසිල් ඇමතිතුමාවයි ලේකම් තනතුරු වලින් එළෙව්වා. ඒ නිසා ද අපිට ඒ වෙලාවේ දිනන්න බැරි වුණා. ඒක තේරුම් ගත්ත නිසයි අපි පො‍හොට්ටු පක්ෂය හැදුවේ. අපි පක්ෂයක් හදන්න යනවා කියලා ආරංචි වෙලා මෛත්‍රී කිව්වා අපි ව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවායි කියලා. ඒත් අපි සටන අතහැරියේ නෑ. එදා අපි මේ පක්ෂය පිහිටෙව්වේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ තර්ජන මැද.

එදා අපි පොහොට්ටු පක්ෂය හැදුවේ නැත්නම් අද ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්නෙත් නෑ. දැන් මගෙන් අහයි මොකටද මෛත්‍රීව සන්ධානයේ සභාපති කළේ කියලා.  ඔහුව නම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි සන්ධාන ගත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මිසක් මෛත්‍රී එක්ක නෙමෙයි. අපි සන්ධානය ගැහුවේ එකතුවෙලා රටට වින කරපු හතුරෝ එළවන්න මෛත්‍රී මේ රටට කරපු විනාශයට මටනම් ඔහුට කවදාවත් සමාව දෙන්න බෑ. ඒ නිසා මා ඔහුට එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ දන්නේ ටොයිලට් වල සල්ලි ගන්න විතරයි. දැන් ඒ පක්ෂය මෙලෝරහක් නැති පක්ෂයක්. මුලින් කියනවා රට වැහුවේ නැති නිසා තමයි කොරෝනා ආවේ කියලා. ඊට පස්සේ කියනවා රට විවෘත කරන්න පිටරට ඉන්න අයට එන්න කියලා. කිසිම ප්‍රතිපත්තියක් නෑ. සමගි ජන බලවේගයටත් එච්චරයි. සමගි ජන බලවේගය, එජාපය, ජවිපෙ කිසිම ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් තියෙන දේශපාලන පක්ෂ නෙමෙයි. මේ අයට මේ පාර ඇපත් නැති වෙනවා.

අපේ ආණ්ඩුවක් ඇවිල්ලත් පහුගිය යහපාලන කාලයේ වෙච්ච දේවල් වලට විරුද්ධව පියවර ගන්න බැරිවෙලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි අපිට පාර්ලිමේන්තුවේ බලයක් නැති නිසා. රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා, රටේ ප්‍රජාතත්ත්‍රවාදය තහවුරු කරන්න බලය සහිත ආණ්ඩුවක් ඕනේ. යහපාලන කාලයේ වෙච්ච මහා බැංකු කොල්ලය ඇතුළු හැටහුටහමාරක් වංචා, දූෂණ වලට සම්බන්ධ අයට එරෙහිව පියවර ගන්න අපි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ. අපේ ජනාධිපතිතුමාට ඕනේ විනයගරුක රටක් හදන්න. ඒක කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවොත් විතරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

128 views

10 Comments to “මෛත‍්‍රිපාල කල සියළු හතුරුකම් මතකයි.. ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වූයේ 2/3 ගන්නයි..”

  1. nimal says:

    I dont think you can convince sinhalese this time. Try like burning temple or kill some minority like that.
    But dont do anything as promised in election. Forget about all and let say you win in the election. Still its a concern and I dont think much than 2015-2020.
    Simple logic is this

  2. පාක්ෂිකයන් says:

    ගරැ ජනාධිපතිතුමනි,,, මේ මැර ප්‍රසන්න කරන්නේ හැම රැස්වීමකදිම පක්ෂ දෙක බේද බින්න කිරීමයි.,
    මනාපය ගැන මිසක් පක්ෂය ගැන නොසිතා කතා කරන්නෙ.,

    මේ වෙලාවෙ කල යුත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග ආරවුල් ඇතිකර ගැනීම නොව සමගියෙන් මැතිවරණයට මුහුණ දීමයි.

    නිකමට හිතන්න ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල තනියෙන් ඉල්ලුව නම් ඡන්ද කැඩෙන හැටි.

  3. B4 UNP now Gota says:

    උබලට ඕනෑ 2/3 මිසක් රට හදන්න නෙවෙයි. ගෝටාභය ගේ ජයග්‍රහණය යේ කුළුණු කිහිපයක් ගැලවී hamaa. තව එකෙන් එක ගැලවෙමින් තිබේ. විදේශ රට වල ඉන්න අයගේ චන්දේ ත් නෑ හොදේ. මාස 6 ta වපුරපු තරමට 1/3 තමයි.

  4. Ronnie says:

    My3 gaththa nisa 2/3 allagena thamayi prasanna enna wenne!!!

  5. Srilapaniya says:

    Sirisenath ekka sandaana gatha nowunata, dan pohottuwe athigaru sabapathi kawuda kiyala kiyanna puluwanda? Sabapathikale samaawa deelada?

  6. Amarabandu says:

    hira gedara Yanna hitupu phara minimaru balla wa rajagedra yawalla den kaapan sini 140ta

  7. රස්තියාදුකාරයා says:

    මෙදා මේ වගේ තුට්ටු දෙකේ කයිවාරුකාරයන්ට ඉඩ නැහැ. වියත්මග මහත්තුරුන්ටයි අපේ සහයෝගය. මදිපාඩුවට අනික් පක්‍ෂවලින් තේරුණු උගතුනුත් එක්කරගෙන පුළුවන් මහින්ද මහත්තයාට හොරුන්ගෙන් තොර අළුත් ආදර්ශවත් ආණ්ඩුවක් පිහිටුවන්න

  8. GU-KAPU-VP-රස්තියාදුකාරයා says:

    Dup GU-KAP-VP Balla kuliyata liyana
    Toge ammta kelinaa ballo , Gup ballla

  9. Nishantha says:

    Much better to keep this (stupid…?) politician’s mouth closed at this crucial moment. His talking has always been childish, egocentric and absolutely hatred that people don’t like. Please let the president and his team to proceed with most important work of system change then they’ll give not 2/3 but 3/3 (All Sinhala Buddhists). Mr Prasanna Ranathunga you may learn lessons from Mr Wimal Weerawansa, see how productive and updated with present requirements and issues. He proved that he has a vision by restarting Valachchcenai paper mills. People like us like those actions;

  10. Nishantha says:

    However., I do agree with Mr Ranathunga in one point. Yes, Mr Sirisana must be the worst and bad mannered President that Sri Lanka has ever produced. He should be chased out from SLPP. It was a big blunder to appoint him as the party chairman.

Main News