මෛත‍්‍රි ජනපති වී අවුරුදු තුන සම්පූර්ණයි.. මීලග ජනාධිපතිවරණයට ඉතා ලංවෙයි.. ධුර කාලයෙන් බාගයකට වඩා අවසන්..

January 8, 2018 at 8:40 am | lanka C news
මෛත‍්‍රි ජනපති වී අවුරුදු තුන සම්පූර්ණයි.. මීලග ජනාධිපතිවරණයට ඉතා ලංවෙයි.. ධුර කාලයෙන් බාගයකට වඩා අවසන්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මෙරට හයවන විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ජනාධිපතිවරණය පැවැත්වී අදට වසර තුනක් වෙයි.

2015 ජනවාරි 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරදා ජයගනිමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරාය බවට පත් විය.

19 වන සංශෝදණය අනුව මීලග ජනාධිපතිවරයා 2020 ජනවාරි 08 වැනි දිනට පෙර සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිය යුතු අතර ජනාධිපතිවරණය 2019 වසරේ අවසන් මාච 2-3 අතුලත් කැදවිය යුතුයි.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලය අවසන් වීමට පළමු තවත් ඇත්තේ තවත් එක් ජනවාරි 08 වැනිදාවක් පමණි.

අද දිනයේ ජනාධිපතිවරයා විසින් මොරගහකන්ද ජලාශයේ පළමු දියවර මුදා හැරීමට නියමිත අතර හෙට දිනයේ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මකය.

12 views

8 Comments to “මෛත‍්‍රි ජනපති වී අවුරුදු තුන සම්පූර්ණයි.. මීලග ජනාධිපතිවරණයට ඉතා ලංවෙයි.. ධුර කාලයෙන් බාගයකට වඩා අවසන්..”

  1. sara says:

    ඒකාධිපති පාලනයට තිත තබා නව යුගයකට මාවත විවර කල ඔබ තුමාට උණුසුම් සුබ පැතුම්. නැවත වරක් ජනපති වී රට ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා……..

  2. nimal says:

    Badu Banis!
    Eat this country as much as possible

  3. බබා උක්කුන් says:

    ඔරලෝසුවට බැටරි දෙකක් දැම්මොත් කාලය හයියෙන් යනවද? දන්නේ නැති නිසා අහන්නේ.

    • Huta Hutan says:

      හිටන් දැන ගත්තොත් බැටරිය හතරට කපල විකුනන්න කියල නීතියක් ගෙනී

  4. Kadiya says:

    Sirisena and gang has only 600 days to scrap the country. On your marks get ready to go to Welikada.

Main News