මෛත්‍රි-මහින්ද එක්ව තරග කල යුතුයි.. නැතොත් ද්‍රෝහීන් දිනනවා..- මැදගොඩ හිමි
December 11, 2017 at 3:50 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය හා මහින්ද පාර්ශවය එක්විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගිය මහ මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවය හා මහින්ද පාර්ශවයේ එක්ව මැතිවණයට මුහුණු දීම වරදක් සේම මෙම මැතිවණයේදී වෙන්වී මැතිවණයට තරග කිරීම වැරදි තීරණයක් බවයි.
මෙම මැතිවරණයේ ඇත්තේ මහින්ද-මෛත්‍රී හප්පන සටනක් නොව දේශද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව දේශ හිතෛෂීන් පෙළගැසෙන සටනක් විය යුතු බවද එහිමියෝ කියා සිටිති.
එක්සත් ජාතික පක්ෂයට 35%-40% පමණ ඡුන්ද පදනමක් ඇති බවත් සෙසු ඡුන්ද කොටස දෙකට බෙදුනහොත් දේශද්‍රෝහී වැඩපිළිවෙළට වාසිදායක බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් නොවී එක්ව තරග වැදීම සුදුසු බව තම අදහස් බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.
WELL SAID Amarapaala…SUPER COMMENT ABOVE.