මෛත‍්‍රි-මහින්ද හමුවක්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ඉක්මනින්ම අලූත් ආණ්ඩුවක්..

October 1, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රි-මහින්ද හමුවක්.. කපුකම 16 කණ්ඩායමෙන්.. ඉක්මනින්ම අලූත් ආණ්ඩුවක්..

රටතුල ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයට මුහණ දීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහකා අතර එකගතාවයක් ඇති කිරීම සදහා සාකච්චා කටයුතු සිදුවෙමින් ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි පවසන්නේ මේ සදහා මූලිකත්වය ගෙන සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප කණ්ඩායමේ ජ්‍යේෂඨයන් කිහිප දෙනෙකු විසින් බවයි.

ඉදිරි අයවැයේ දී හෝ වෙනත් අවස්ථාවක ශ‍්‍රිලනිපය හා ඒකාබද්දය එක් වී නව ආණ්ඩුවක් පිහිටුවීම මෙම සාකච්චාවන්හි මූලික අරමුණ බවද පැවසේ.

ඉතා ඉක්මනින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අතර හමුවක් පැවැත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

112 views
Main News