මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..

July 1, 2020 at 3:50 pm | lanka C news
මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ යහපාලනයේ කටු සූප්පු කළ ඇතැමුන් එජාපය සමග ඩීල් දමන බවට තමන්ට චෝදනා කිරීම විහිළුවක් බවයි.  තමන් ඩීල් දාන්නේ ජනතාව සමග පමණකැ‘යි ද ඔහු අවධාරණය කරයි.

කැළණිය ශ්‍රී ලංකා පොදුජන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම කැළණිය ප්‍රාදේශීය සභා භූමියේ දී පැවැත්විණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සජිත් ජනාධිපතිවරණයේ දී වේදිකාවල කිය කියා ගියා ඔබ සතුටින් ද බලන්න මම රෑට රෑට ගෙවල් වලට එනවා කියලා. ජනාධිපති වුණොත් මම මහපාරේ ඉදන් වැඩ කරනවා කියලා. හැබැයි ජනාධිපතිවරණය ඉවර වුණා විතරයි මිනිහා  මිසින්. මාසයක් විතර යනකම් සජිත් ආගිය අතක් නැති වුණා. මම දැක්කා සජිත් සොයිසා නිවාස සංකීර්ණයට ගිහින් කියනවා පිරිසිදුකම බලන්න රෑ 12 ට එනවා කියලා. කුණු ටික අදින්න රෑ 12 එනවා කියලා තමයි කියන්නේ.  සජිත් දැන් තමයි නියම තනතුර තෝරගෙන තියෙන්නේ. ඕක ඉස්සෙල්ලයි තෝරගන්න තිබ්බේ. පරාජය දැනිලා දැන් සජිත්ලාගේ මොළේ අවුල් වෙලා විකාර කියවනවා.

අපි තුනෙන් දෙකේ ඉලක්කයකට යන්නේ රටට ස්ථාවර ආණ්ඩුවක් හදලා පහුගිය දේශපාලනය මේ රටට කරපු විනාශය ආපස්සට හරවන්න අවශ්‍ය නිසයි. යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්න අපිට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. පසුගිය රජය තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුව තුළ තියාගෙන කළේ රටත්, ජාතියත් පාවාදීමේ අණපණත් සම්මත කර ගැනීමයි. ඒක වෙනස් කරන්න නම් අපට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට පමණයි මේ තත්ත්වය ඇති කළ හැක්කේ. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙනවා කියන එකයි. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ මහින්ද මහත්තයාට ඡන්දය දෙනවා කියන එකයි. ඒ නිසා මහ මැතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය දී රට දිනවන්න.

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්නෙපා කියලා මම හැමතැනම කියනවා. මම එහෙම කියපුවාම යහපාලනය කඩේ ගිය මෛත්‍රීට කඩේ ගිය සමහරු භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ කලබල වෙලා. මට ශ්‍රිලනිපය සමග කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මෛත්‍රී එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා.  මොකද මෛත්‍රී තමයි මේ රට විනාශ කළේ. ශ්‍රීලනිපය අලියාගේ නැට්ටේ ගැට ගැහුවේ මෛත්‍රී කියන දේ කරන දහදෙනෙක් පාර්ලිමේන්තු ආවොත් ඒක ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට තර්ජනයක් විය හැකිය.  නිකමට හිතන්න අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්නකොට  මෛත්‍රීගේ දහදෙනෙක් ආවා කියලා. ඒ අය අපිට තුනෙන් දෙකේ සහාය දෙන්න කොන්දේසි පැණෙව්වොත් අපි මොකද කරන්නේ?.  ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා  දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙලට සහාය දෙන පිරිසක් තනතුරු, වරදාන වරප්‍රසාද වලට පාවා නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලා.

මම මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියන කොට රිදෙන අය කියනවා අපි එක්සත් ජාතික පක්ෂය  එක්ක ඩීල් දාලා කියලා. ලස්සන ම වැඩේ කියන්නේ එහෙම කියන්නේ යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු උදවියයි. පුහුල් හොරා කරෙන් දැනෙයි කියලයි ඕකට කියන්නේ. ඒ නිසා ජනතාව දන්නවා එජාපය එක්ක ඩීල් දාන්නේ ඒ අය ද අපිද කියලා. මේ රටට ඇත්තටම ආදරය කරන්නේ ඒ අය ද අපි ද කියලා. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්ක විතරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඩුලිප් විජේසේකර යන මහත්වරු ද කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

92 views

39 Comments to “මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..”

  1. srilankan says:

    me bada thadiya thappulanne uu ratata palathata maha wada karapu ekek da. me wage epa karapu ewun aye ewanna epa pariament ekata.

  2. GU-SAKKILI-SIRA says:

    මම අපිරිසිදු සිරා.
    මැතිවරණයෙන් පසු ඔබ සැමට දැක ගත හැකිය, මම ගු-පෑඩ්-සජිත් වෙත පනින්නෙමි

    මම අපිරිසිදු සිරා.
    මැතිවරණයෙන් පසු ඔබ සැමට දැක ගත හැකිය, මම ගු-පෑඩ්-සජිත් වෙත පනින්නෙමි

  3. aaa says:

    Very true…. gampahin anka 1ta.. jayawewa

  4. Palayan yako. Pal hora.comis kakka. Suger 160 sahal 125. Polthel 475 nodakin Balu anduwa. Meda laksa 45 umbath paradayi

  5. Kalana says:

    Mooth wedakata nathi ekek…

  6. ක්‍රිමිනල් says:

    ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.

    නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්
    තරුණ පරම්පරාව සහ අපගේ ජේවීපී පක්ෂය ද ප්‍රාර්ථනා කරයි

    • Janaka from Matara says:

      .
      .ඔය සිරිසේන උන්නැහේ කොතරම් සරල මිනිසෙක්දැයි කිවහොත් ඔහු රෙදි අඳින්නේ අනෙකුනුත් අඳින නිසා මිස විලි ලැජ්ජාවක් කියා දෙයක් ගැන දන්නා නිසා නොවෙයි.
      ඔහු පත් නොකල යුත්තේ මනුසත් බවේ අවම ප්‍රමිති දිහා බලා මිස ගෝඨාභය මැතිදුන් ගේ පැවැත්මක් ගැන හිත කරදර කරගෙන නොවේ. ..

    • chandika says:

      sahathika aththa

  7. T says:

    Prasanna Kiyanne Puduma Charitayak. Parathiepathie Garu Karana Thaman Darana Mathaya Niribita Wa Prakasha Karanawa.

  8. Rasika says:

    Api uba kiyanakal thamai hitiye, manaape dhenne kaatadha kiyalaa dhenaganna.

  9. චම්පා. says:

    එකගයි. මමත් ගෝටා ට චන්දය දුන්නු කෙනෙක්. මහ චන්දෙදිත් පොහෙටේටුවට තමා දෙන්න හිතාගෙන උන්නෙ. අනිත් කාටවත්, මොන හේතුවකටවත් දෙන්නේ නැහැ. නමුත් මෑතකදි ගෝටා රටේ ඉහලම අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන පිවිසෙන වෘත්තියක සිටින වෘත්තිකයින් පිරිසකට නොගැලපෙන විදිහට කතා කලා. එනිසා, දැන් ඉතිරි වෙලා තියෙන්චෙ චන්ද කොලය කුරුටු ගාන එක විතරයි.

    • RAW Agent says:

      Paw.
      Maara prashna thamai oyatath thiyenne…. neda

    • Dikman Aiyya says:

      ….please do that,…all JVP fellows will do that too….lol

      • +ve says:

        Pls do so… jvp will do d same….
        But we need that kind of leader…..

      • චම්පා says:

        I am not a JVPer. I hate JVP, but how can I forget that incident?

        • RAW Agent says:

          Please don’t forget it.
          Remind it always.
          That’s the way to address lazy donkeys

        • Chatura putha says:

          ඔයා ඕක අමතක කරන්න එපා.උපදෙස් ගන්න පුතාණොගෙන්.

    • Mad says:

      Very True. Even Mahinda didn’t behave like that. Mahinda is a Great Ledaer.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      චම්ප ඔයත් එතන උන්නද​?
      රෙදි ගැලවුනා නේද​?
      දැන් ඉන්නෙ වහං වෙලාද​?

  10. AK47 says:

    ආප්ප සිරා කොහොමත් විශ්වාස නෑ.