මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..

July 1, 2020 at 3:50 pm | lanka C news
මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..

මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස තමන් කියු විට ඇතැමුන් භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබල වී ඇති බවත් එලෙස කලබල වී ඇත්තේ යහපාලනය සමග ඩීල් දැමු උදවිය බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ යහපාලනයේ කටු සූප්පු කළ ඇතැමුන් එජාපය සමග ඩීල් දමන බවට තමන්ට චෝදනා කිරීම විහිළුවක් බවයි.  තමන් ඩීල් දාන්නේ ජනතාව සමග පමණකැ‘යි ද ඔහු අවධාරණය කරයි.

කැළණිය ශ්‍රී ලංකා පොදුජන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම කැළණිය ප්‍රාදේශීය සභා භූමියේ දී පැවැත්විණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සජිත් ජනාධිපතිවරණයේ දී වේදිකාවල කිය කියා ගියා ඔබ සතුටින් ද බලන්න මම රෑට රෑට ගෙවල් වලට එනවා කියලා. ජනාධිපති වුණොත් මම මහපාරේ ඉදන් වැඩ කරනවා කියලා. හැබැයි ජනාධිපතිවරණය ඉවර වුණා විතරයි මිනිහා  මිසින්. මාසයක් විතර යනකම් සජිත් ආගිය අතක් නැති වුණා. මම දැක්කා සජිත් සොයිසා නිවාස සංකීර්ණයට ගිහින් කියනවා පිරිසිදුකම බලන්න රෑ 12 ට එනවා කියලා. කුණු ටික අදින්න රෑ 12 එනවා කියලා තමයි කියන්නේ.  සජිත් දැන් තමයි නියම තනතුර තෝරගෙන තියෙන්නේ. ඕක ඉස්සෙල්ලයි තෝරගන්න තිබ්බේ. පරාජය දැනිලා දැන් සජිත්ලාගේ මොළේ අවුල් වෙලා විකාර කියවනවා.

අපි තුනෙන් දෙකේ ඉලක්කයකට යන්නේ රටට ස්ථාවර ආණ්ඩුවක් හදලා පහුගිය දේශපාලනය මේ රටට කරපු විනාශය ආපස්සට හරවන්න අවශ්‍ය නිසයි. යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්න අපිට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. පසුගිය රජය තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුව තුළ තියාගෙන කළේ රටත්, ජාතියත් පාවාදීමේ අණපණත් සම්මත කර ගැනීමයි. ඒක වෙනස් කරන්න නම් අපට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ගෝඨාභය – මහින්ද සුසංයෝගයට පමණයි මේ තත්ත්වය ඇති කළ හැක්කේ. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙනවා කියන එකයි. පොහොට්ටුවට ඡන්දය දෙනවා කියන්නේ මහින්ද මහත්තයාට ඡන්දය දෙනවා කියන එකයි. ඒ නිසා මහ මැතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය දී රට දිනවන්න.

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්නෙපා කියලා මම හැමතැනම කියනවා. මම එහෙම කියපුවාම යහපාලනය කඩේ ගිය මෛත්‍රීට කඩේ ගිය සමහරු භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ කලබල වෙලා. මට ශ්‍රිලනිපය සමග කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මෛත්‍රී එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා.  මොකද මෛත්‍රී තමයි මේ රට විනාශ කළේ. ශ්‍රීලනිපය අලියාගේ නැට්ටේ ගැට ගැහුවේ මෛත්‍රී කියන දේ කරන දහදෙනෙක් පාර්ලිමේන්තු ආවොත් ඒක ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට තර්ජනයක් විය හැකිය.  නිකමට හිතන්න අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගන්නකොට  මෛත්‍රීගේ දහදෙනෙක් ආවා කියලා. ඒ අය අපිට තුනෙන් දෙකේ සහාය දෙන්න කොන්දේසි පැණෙව්වොත් අපි මොකද කරන්නේ?.  ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා  දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙලට සහාය දෙන පිරිසක් තනතුරු, වරදාන වරප්‍රසාද වලට පාවා නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලා.

මම මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියන කොට රිදෙන අය කියනවා අපි එක්සත් ජාතික පක්ෂය  එක්ක ඩීල් දාලා කියලා. ලස්සන ම වැඩේ කියන්නේ එහෙම කියන්නේ යහපාලන ආණ්ඩුවේ කටු සූප්පු කරපු උදවියයි. පුහුල් හොරා කරෙන් දැනෙයි කියලයි ඕකට කියන්නේ. ඒ නිසා ජනතාව දන්නවා එජාපය එක්ක ඩීල් දාන්නේ ඒ අය ද අපිද කියලා. මේ රටට ඇත්තටම ආදරය කරන්නේ ඒ අය ද අපි ද කියලා. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්ක විතරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඩුලිප් විජේසේකර යන මහත්වරු ද කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

43 views

39 Comments to “මෛත‍්‍රීගේ 10ක් පාර්ලිමේන්තු ආවොත් ගෝටාභයට තර්ජනයක්.. මෛත‍්‍රීගේ ගෑවුනු එකෙකුට මනාප දෙන්න එපා..”

  1. Ronnie says:

    Kathawa aththa!!!!! Ombala giyoth rata evarayi!!!!

  2. ගරසරප says:

    සුලුපක්ශ කේවල් කරන එක සාමාන්‍ය දෙයක් .

  3. gamarala says:

    ගිය වසර 5 අපේ රට විනාස කල එක වසලයෙක්ටවත් චන්දේ දෙන්න එපා ආයුබෝවන්ඩ

  4. Gorilla says:

    This guy is very stupid, because of his stupidity and hate slpp lost vice speaker post in parliament which could have been vital during 2018 government change.

  5. Love nature says:

    හෙළයන්ගේ බෙදීම දැන්වත් නතර කල යුතුය.

    • Janaka from Matara says:

      ..හෙළ කම බෙදන්න පුලුවං එකක් නෙවෙයි යාලුවේ.
      සමකාලීන සමාජයයි බෙදිලා තියෙන්නෙ – ඒ හෙළකම නොදන්න නිසයි.

  6. Dikman Aiyya says:

    …TOTALLY AGREE WITH PRASANNA,…YES…10 IS ENOUGH. Please do not vote any UKUSSA fellows,….and those SLFP Fools who slept with YAHAPAALANAYA. They will join JVP UNP and TNA to form YAHAPAALANAYA -2…Fore sure….that’s definite

  7. Gamarala says:

    මූට මුල අමතක වෙලා.

  8. Lion says:

    Muu kappan rajek

  9. ගැමුණු says:

    මේ යකාට මොකද වෙලා තියෙන්නෙ? ශ්‍රිලංකා ජන්දය දන්නෙ මු කයනවට නෙමෙය. ඒව ලැබෙන්නෙ ජනාදිපතාට. ඉරි තැලුනු රෙකෝඩ් තැටිය වගෙ අහලම එපා වෙල. මෙයාට එපා වුනාට අනෙක් අපේක්ශකයන්ට ඒ චන්ද ඕන. කට වහන් හිටපං ගොනෝ!!!!!!👺👺👺👺👺👺🤡🤡

  10. හිටන් says:

    එල්ලුම්ගහෙන් ගොඩ ගිය ආප්ප සිරා

Main News