මෛත‍්‍රීට ඉල්ලු ඇමතිකම දුන්නේ නෑ.. ශ‍්‍රීලනිපයට පොඩි හැන්දෙන් බෙදුවා..- ශ‍්‍රීලනිපයෙන් චෝදනා..

August 14, 2020 at 9:20 am | lanka C news
මෛත‍්‍රීට ඉල්ලු ඇමතිකම දුන්නේ නෑ.. ශ‍්‍රීලනිපයට පොඩි හැන්දෙන් බෙදුවා..- ශ‍්‍රීලනිපයෙන් චෝදනා..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ධුරය කෘෂිකර්ම අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් පසුවු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙක් විසින් අද ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති ගිවිසුම අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතිධූරයක් ඉල්ලා තිබූ බවයි.

නමුත් ඇමති ධුර බෙදා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොඩි හැන්දකින් බෙදූ බවත් පක්ෂ නායකයාට ඇමති ධුරයක් නැතැයි කියා අනෙක් මන්ත්‍රීවරුන්ට සතුටු විය නොහැකි බවත් ඔහු සදහන් කර ඇත.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කල කැපිල්ලක් බවත් එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා තවදුරටත් සඳහන් කල බව වාර්තාවේ දැක්වෙයි.

122,832 views
Main News