මෛත‍්‍රීට ඉල්ලු ඇමතිකම දුන්නේ නෑ.. ශ‍්‍රීලනිපයට පොඩි හැන්දෙන් බෙදුවා..- ශ‍්‍රීලනිපයෙන් චෝදනා..

August 14, 2020 at 9:20 am | lanka C news
මෛත‍්‍රීට ඉල්ලු ඇමතිකම දුන්නේ නෑ.. ශ‍්‍රීලනිපයට පොඩි හැන්දෙන් බෙදුවා..- ශ‍්‍රීලනිපයෙන් චෝදනා..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ධුරය කෘෂිකර්ම අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් පසුවු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙක් විසින් අද ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති ගිවිසුම අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතිධූරයක් ඉල්ලා තිබූ බවයි.

නමුත් ඇමති ධුර බෙදා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොඩි හැන්දකින් බෙදූ බවත් පක්ෂ නායකයාට ඇමති ධුරයක් නැතැයි කියා අනෙක් මන්ත්‍රීවරුන්ට සතුටු විය නොහැකි බවත් ඔහු සදහන් කර ඇත.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කල කැපිල්ලක් බවත් එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා තවදුරටත් සඳහන් කල බව වාර්තාවේ දැක්වෙයි.

122,769 views

32 Comments to “මෛත‍්‍රීට ඉල්ලු ඇමතිකම දුන්නේ නෑ.. ශ‍්‍රීලනිපයට පොඩි හැන්දෙන් බෙදුවා..- ශ‍්‍රීලනිපයෙන් චෝදනා..”

  1. Mahesh says:

    Sri Lanka kapati ukusso Okkoma kapalama thamai danna ona.

  2. MD says:

    Oya manussayata ohamawath chande pohottuwen illanna dunna ekath loku deyak.giya sare chande data issarinda Jatiya amatala kiwwa mahinda dinnath agamathi kama denne naha kiyala.Asath purusayek.Ranilgen bayata berenna boruwata mahindata Agamathi kama dunna.

  3. පොල් බූරුවා says:

    තවත් වැලි රාජුවෙක් හදන්නයි, ඩඩ්ලිගේ හාල් කවන්නයි වෙන්න ඇති බලන් ඉන්න ඇත්තේ. පහුගිය අවුරුදු පහේ අපිට කරපුව හොදටම ඇති. පාස්කු ප්‍රහාරේ වන්දි ගෙවන්න ලෑස්ති වෙයන් කාලකන්නිය.

  4. Kadiya says:

    මෛත්‍රීපාල සිරිසේනට දෙන්න තිබුනේ ආරක්ෂක ඇමතිකම, පාස්කු බෝම්බෙ දෙවන අදියර කන්න තිබුණා මේ රටේ මිනිස්සුන්ට. අපරාදේ නිකම්ම කන්න තිබුණ බෝම්බ පාර.

  5. Kadiya says:

    පාස්කු බෝම්බෙට හිරේ යන්න ඉන්න එකාට මොන ඇමතිකම්ද? අනික 2015 -2019 කාලේ දරපු ඇමතිකම හරියට කලෙත් නැහැනේ. බෝම්බ අනතුර පිළිබඳව හරියටම ඔත්තුව ලැබිලත් ඒක නොසලකා මෝඩ සල්ලාල පුතාගේ මගුලට සාරි ගන්න ඉන්දියාවටත් අනිත් ෂොපින් වලට සිංගපුරුවටත් ගියපු එකා මොන වගකීම ඉදිරියට දරයි කියලද ඇමතිකමක් දෙන්නේ.

  6. gonsira says:

    Rajja Appa amathi

  7. gamarala says:

    සිරාගේ පියා දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි ‘බැට්මන්’ නොහොත් ආවතේව කරුවෙකි . මහවැලි ඉඩම් ලැබී පොලොන්නරුවට පැමිනි පසු නැති ප්‍රභූත්වයක් ආරෝපනය කරගෙන ‘බැටා’ ගම්මුලාදෑනියා විය. පියා නැවැත්වූ තැන සිට සිරා වැඩ ආරම්භ කළේය. සාමාන්‍යයෙන් කොළඹ 7 එක් පර්චසයක් කෝටි පහ ඉක්මවයි. අතිශය වටිනාකමකින් යුත් මෙම නිල නිවස සින්නක්කරව ලබාගෙන කොලබ සුපිරි ප්‍රභු පැළැන්තියට එක්වීම සිරාගේ අරමුණ වී තිබේ. සහල් මාෆියාව මෙහෙයවන ඩඩ්ලි සිරිසේන කොතරම් ධනවත් වූවද කොළඹ හත ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගැනීමට නොහැකි විය. එම නිසා පාරම්පරික ප්‍රභූත්වයක් ආරෝපනය කර ගැනීම සඳහා මෙම මන්දිරය අත්පත් කර ගැනීමට මුල සිටම කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය

    මෙම කොළඹ 07 පැජට් පාරේ නිල නිවසට ‌දෙපැත්තේ පිහිටි ඇමති නිල නිවාස දෙකක් එක් කර තැනූ අතිශය සුඛෝපභෝගි නිවසකි. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු තවත් රජයේ ඉඩමක් ද ඇතුළු ඉඩම් 4 ක් සිරා කූට ලෙස අල්ලාගෙන ඇත. කොළඹ 7 විශාලතම ඉඩම සහ මාලිගාව හිමි පුද්ගලයා බවට පොලොන්නරුවේ ‘සරල සිරිසේන’ ඊයේ සිට පත්වී ඇත. මෙහි ඉදිකිරීම් රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය සහ හමුදාව සිදුකළ ද වැය මුදල කෝටි 500 කට වැඩිය. එනම් ඉදිකිරීමේ ශුද්ධ වියදම ප්‍රකාශිත වටිනාකමට වඩා බෙහෙවින් වැඩි අගයක් විය.

    සිරා ජනපති වීමට පෙර පොරොන්දු වූයේ තමන් සුපිරි මන්දිර භාවිතා නොකර, පොළොන්නරුවේ සිය නිවසේ සිට රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි. එලෙස පොරොන්දු වූ සිරා මහජන දේපලක් වන ලංකාවේ රජය සතු මිල අධිකම නිවසක් සහ ඉඩමක් සින්නක්කරව අත්පත් කරගැනීම හෙන හත ගහන අපරාධයකි.

    • බිල්ල says:

      හෙණ ගහන්න ඕන මේ කාලකන්ණි පරයට පොහොට්ටුවෙන් නොමිනේෂන් දුන්න උන්ට, නොමිනේෂන් දුන්නට පස්සේ ඌට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න ඌට ප්‍රසිධියේ බැණ අඬගහල SLFP චන්ද උගේ වටේ එකතු කරලා දුන්න උන්ට, ඊළඟට මේවගේ අපතයෙකුට චන්දෙ දෙන්න තරම් මෝඩයන් වුන පොළොන්නරුවේ මොට්ට රැලට.

  8. නුබ නාඩං නුබ ට ඕව හොඳ පාඩං .වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම A bastard !

Main News