මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම්..

August 2, 2019 at 10:40 am | lanka C news
මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) අතර පවත්වන සාකච්ඡා මාලාවට උප ජනාධිපති හා උප අගමැති තනතුරු හරස් වී ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කරන පුද්ගලයා පිළිබඳ වූ තීරණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.

මෙහිදී දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.

එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උප ජනාධිපති ධුරයක් හඳුන්වා දීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියේජිතයන් යෝජනාවක් ගෙනැවිත් ඇති අතර, ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වී ඇත්තේ උප ජනපති තනතුර වෙනුවට උප අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර, මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවද දෙපාර්ශ්වයේ නියෝජිතයෝ අපේක්ෂා කරති.

– ada

65 views

16 Comments to “මෛත‍්‍රීට උප ජනාධිපති ධුරයක් ඉල්ලයි.. පොහොට්ටුව බෑ කියයි.. උප අගමැතිකමක් සලකා බලන්න සූදානම්..”

  1. පොරමෝලා says:

    තප්පරයට 60 ගානෙ රට සවාරි ගහල විඳපු මේ සැප එක පාරටම අත් හරින්නේ කොහොමද දෙයියනේ ?

  2. Gamarala says:

    Lajja nathikamata, Janadipathikamath pahath karanna puluwan kiyala danagaththe adai!

  3. වැඩ්ඩා says:

    නෑ නෑ අළුත් තනතුරු මොනවත්ම නෑ. අනාගත්තනං කන්න වෙයි

  4. Saman Adikari says:

    MS of current President has done unprecedented damage to our country since 2015 Jan 8th.
    Is such man eligible for another POST of Govt.? MS has taken our nation is mad House.?
    We wanted send him to Anngoda?

  5. gamini jayatilaka says:

    දැන් එතකොට ජනපති, අගමැති පත් කරන්නේ මහ ජනතාව නොවෙයිද? මහ ජනතාවට සුදුසු රජෙක් පත් කරගන්නත්, කූඩුවට යවන්න ඕන එවුන් කූඩුවට යවන්නත් මහජනයාට අවස්ථාව තිබිය යුතුයි. ගෝඨාභය ස්වධීනව ජනපතිවරනයට එනවානම් වඩාත් කාලෝචිතයි.