මෛත‍්‍රීට කිසිසේත්ම පොහොට්ටු අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. පක්‍ෂ සාමාජිකයන් අන්තිම විරුද්දයි..

July 14, 2019 at 4:40 pm | lanka C news
මෛත‍්‍රීට කිසිසේත්ම පොහොට්ටු අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. පක්‍ෂ සාමාජිකයන් අන්තිම විරුද්දයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ලබාදීමට පක්‍ෂ සාමාජිකත්වය එකඟ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කරන ලදී ‍ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහර කාන්තා බලමණ්ඩලය සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ අනෙක් පාර්ශවයෙන් කුමන අපේක්ශකයා පැමිණියද තම පක්ෂයට අභියෝගයක් නොවන බව ද ඇය සඳහන් කළා ය.

15,903 Viewers

2 Comments to “මෛත‍්‍රීට කිසිසේත්ම පොහොට්ටු අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ.. පක්‍ෂ සාමාජිකයන් අන්තිම විරුද්දයි..”

  1. බන්ඩා says:

    දයාසිරිල අමරෙල දුමියල බොරැවට දඟලන්නෙ නැතුව අපහාස උපහාස විඳින්නෙ නැතුව තමන්ගෙ සංධානයෙන් මෛත්‍රී ව ජනාධිපති අපේක්ෂකය හැටියට ඉදිරිපත් කලා නම් ඉවරය්නෙ.

  2. හීන් බාප්පා says:

    නැතුව, නැතුව. මෛත්‍රීපාලට දුන්නොත් කොහොමෙයි දෙවෙනි මහත්තයා සබරගමු මහ ඇමති කොරන්නෙ?
    රාජපක්ෂලා ආවොත් මහත්තය⁣යි, පවිත්‍රායි දෙන්නම ගොඩ.
    ජෝනා හීන් නූල්කාරයා ප්‍රවෙිශමෙන්.
    සොයිසත් මොන ගැටයක් ගහයිද දන්නෑ.

Main News