මෛත‍්‍රීට ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු රාජපක්‍ෂවරුන්ගේ සහාය නැතිව බෑ.. ‘මෛත‍්‍රී ජනපති-මහින්ද අගමැති’ තේමාව විය යුතුයි…

March 27, 2019 at 2:10 pm | lanka C news
මෛත‍්‍රීට ජනාධිපතිවරණයෙන් දිනන්න සියළු රාජපක්‍ෂවරුන්ගේ සහාය නැතිව බෑ.. ‘මෛත‍්‍රී ජනපති-මහින්ද අගමැති’ තේමාව විය යුතුයි…

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයෙන් අපේක්ෂකයෙකු ලෙස තරග වැද ජය ගැනීමට නම් ඔහුගේ සහායට රාජපක්ෂවරුන් සියලු දෙනා ම සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන සියලු රාජපක්ෂවරුන් ජනාධිපති මෛත්‍රීගේ වේදිකාවෙන් නැතිනම් ඔහුට දිනන්න හැකියාව අවම යයිද අමරවීර මහතා සඳහන් කරයි.

වත්මන් ජනාධිපතිට සිංහල බෞද්ධ ඡන්ද යම් අඩුවක් තිබිය හැකි වුවත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කියවෙන අයගෙන් දමිළ, මුස්ලිම්, කතෝලික ඡන්ද වැඩිම ප්‍රමාණයක් ගත හැකි එකම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව ද මහලේකම්වරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව වෙන වෙනම තරග කළහොත් කිසිවෙකුට ජයගත නොහැකි බවත් එජාප අපේක්ෂකයාට ජනාධිපතිවීමට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මීලග ජනාධිපතිවරණයේදී ‘මෛත‍්‍රී ජනපති – මහින්ද අගමැති’ සටන් පාඨයෙන් තරග වැදිය යුතු බවත් මහ ලේකම්වරයා තව දුරටත් කියා සිටී.

239 views
Main News