මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි යෝජනා කෙරේ..

January 18, 2018 at 2:10 pm | lanka C news
මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි යෝජනා කෙරේ..

ආණ්ඩුව කටයුතු කරන ආකාරය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී ඔහුට වැරැද්දූ මැති ඇමැතිවරුන්ම වත්මන් ජනාධිපතිවරයාටද උපදෙස් දෙන බැවින් ආණ්ඩුවේ ගැටලු පැනනැඟී ඇති බවද හෙතෙම කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ජනාධිපති පාලනය තුළදී නීති උපදෙස් ලබාදුන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාටද නීති උපදෙස් දෙන බැවින් මේ වන විට නීතිමය ගැටලු පවා හටගෙන ඇති බවත් අබේවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

‘දැන් මේ රජය පණ අදින කාලේ. ඒ කාලෙට විවිධ ගැටලු මතුවෙනවා. මේ සිදුවෙන්නේ ඒක තමයි. ඒකනේ කැබිනට් එකේදී නැඟිටලා යන්න වෙන්නේ. මේ රට විනාශ කරන්නේ නැතිව ජනතාවට කැමැති රජයක් පත්කර ගන්න ඉඩදීලා ජනාධිපතිතුමා යන්න ඕන.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එතුමට වැරදුණා වාගේ මේ ජනාධිපතිටත් වරදින්න පුළුවන් කියලා කිව්වේ අත්දැකීමෙන්’ යැයිද මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

– Mawbima

2 views

9 Comments to “මෛත‍්‍රීට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි යෝජනා කෙරේ..”

  1. සිංහල බන්ඩා says:

    මම සිරිසේනට චන්දෙ දීපු මිනිහෙක් වත් ඉදිරියට සිරිසේනට චන්දෙ දෙන මිනිහෙක් වත් නොවෙය්. ‘යහපාලන’ නඩේ වැඩි දෙනෙක් පරය්. පරයින්ගෙ ලොක්කා රනිල්. රනිල්ට සසඳන විට සිරිසේන උපාසකයෙක්. සිරිසේන අස් උනොත් රජ වෙන්නෙ රනිලුය්. ඒ් නිසා සිරිසේනට අස්වෙන කියන්නෙ එක්කො පරය් නැත්නම් මෝඩයො. මහින්ද යාපා මොකෙක්ද?

    • shadowmoon says:

      MY3 is now keli’s boy now!!

    • Aurora says:

      සිරිසේනට අවරුදු 3න් ජනාධිපති චන්දයක් කැඳවන්න ව්‍යවස්ථාවෙන් බලයක් නැතිනම් සිරිසේන අස්වෙලා රනිල්ට බලය දෙන එක ඉදිරි අවුරුදු 2 න් මේ රට නැත්තටම නැතිවෙන වැඩක්. මෙවන් මෝඩයෝද හිටපු ඇමතිවරු?

    • Anu says:

      You are 100% correct Banda.I am also same.

  2. Guppta says:

    Don’t worry our RAW: India’s External Intelligence Agency very well establish in Sri Lanka now and they know how to rescue Ranil And MY3 for your country .

  3. සරත් says:

    10 වෙනිදා චන්දෙන් පස්සේ ඔයාලා තේරුම් ගනීවි ඔයාලගෙ චන්ද පදනම සහ අනාගත ඉරනම.
    කනගාටුයි.

  4. මුන්ගෙ බොරු ඩ්‍රරාමා නිකම්ම තෙරනව . ඔච්cඅර රනිල්ට බනින කොට මඉටුනයා කොරපු වන්චා ගෑන එලියට දමන්නේ නෑත ඈඉ ඒ. වෙන කිසීඩෙයක් ගෑන හිතන්න අවසී නට්ටෙය් ඈඊ. ට්ව් චෑනෙල් මහාරජා ට විකීනිම ගෑන රනිලා බබා වන්න ඈටිනෙද.
    ම්හජනතව දෑනුවත් වෙවා.

  5. excellent news……..GRAMASEVAKA GET LOST NOW.

  6. Dasantha says:

    Chandrika thamai paluwennma nagitala giye. Dan devaneeya Maithree

Main News