මෛත්රීට ජනාධිපති ධුර අපේක්ෂකත්වය දීමට මහින්ද තීන්දු කරයි..? හදිසි ජනාධිපතිවරණයක්..?
January 15, 2019 at 10:17 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදී පොහොට්ටු-ශ්රීලනිප සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවති සාකච්චාවලදී ජනාධිපති ධුර අපේක්ෂකත්වය මෛත්රිපාල සිරිසේන මහතාට ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා එකගතාව පල කර ඇති බව ශ්රීලනිප ජ්යෙෂඨයන් උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කරයි.
මේ තත්වය මත හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
මෙෙත්රි ජනාධිපති කොමිසන් දාලා case තද කරනකොට මහින්ද හා ගෝඨා දෙපල පනුවන් වගේ ඇඹරෙනවා ,කියන තැනකට වඳිනවා,අපේක්ෂකත්වයත් දන් දෙනවා -මෙච්චර බය එකෙන් හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා රාජපක්ෂලා කරපු වංචා දූෂණ වල තරම.
ඉස්සරහට රනිලුත් පණුවෙක් වගේ ඇඹරෙන්න ඉඩ තියනවා බැදුම්කරේ තද වෙද්දි.
හරි හරි අනිද්දට බලා ගමු
රනිල් දිනනවා – එච්චරයි
Nikan nanna ea mahida bro. Apahu rania ta enna para hadanawada